IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ඇලෝසියස් හා පළිසේනගේ ඇප ඉල්ලීම කල් යයි

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන විසින් ඇප ඉල්ලා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ලබන 18 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය.

ඇප ඉල්ලා ගොනු කළ මෙම ප‍්‍රතිශෝධන පෙත්සම් අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ  විනිසුරු ශිරාන් ගූණරත්න යන මහත්වරුන් හමුවේ අද (04) කැඳවිණි.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණය හමුවේ තවදුරටත් කියා සිටියේ පූර්වාදර්ශ නඩු තින්දු 2 ක් අනුව  මෙම පෙත්සම  පවත්වා ගෙන යා නොහැකි බවත් ඒ අනුව ඇප අයදුම සළකා බැලීම සඳහා විශේෂිත හේතූ ඉදිරිපත් කර නොමැති බවයි. අභියාචනාධිකරණයට මෙම ප‍්‍රතිශෝධන පෙත්සම සලකා බලා සිදු කළ හැක්කේ  මහාධිකරණ නියෝගය අවලංගු කර   පෙත්සම මහාධිකරණයට යොමුකිරීම පමණක් බවත්ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ගේ කරුණු දැක්වීම් අද අවසන් කෙරුණි.

ඒ අනුව පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 18 වැනිදා තෙක් කල් දැමීට  අභියාචනාධිකරණය තීන්දු කළේය.

වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා මුල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර ඇති මෙම පෙත්සම මඟින් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ, මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර ඇති තමන්ට ඇප ලබා දීම පොදු දේපළ පනත යටතේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මඟින් ප‍්‍රතික්ෂේප කර ඇති බවයි.

එහෙත් රහස් පොලිසිය විසින් තමන්ට එරෙහිව අධිකරණයට වාර්තාකර ඇති කරුණු අනුව පොදු දේපළ පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන බව පෙත්සම්කරුවන් කියා සිටියි. එම නිසා පොදු දේපල පනත යටතේ තමන්ට ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කිරීමට කොටුව මහේස්ත‍්‍රාත්වරිය ගත් තීරණය දූෂිත බව ද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

එම තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත ප‍්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කලත් එය විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කළ බැවින් කොටුව මහේස්ත‍්‍රාත්වරියගේ නියෝගය හා කොළඹ මහාධිකරණයේ නියෝගය ප‍්‍රතිශෝධනය කර තමාව ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත නීතීඥ නවීන් මාරපන මහතා සහ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපාන මහතා පෙනී සිටියහ. නිතිපති වෙනුවෙන්  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප‍්‍රියා ගුණසේකර සමඟ අතිරේක සොලිටර් ජනරාල් ජනාධිපති නිතිඥ යසන්ත කෝදාගොඩ මහත්වරු පෙනිසිටියේය.  



අදහස් (1)

ඇලෝසියස් හා පළිසේනගේ ඇප ඉල්ලීම කල් යයි

සතයපාල Wednesday, 04 July 2018 12:45 PM

මුලින්ම ඇප ඉල්ලනවා ඇප ලැබුණට පස්සේ පාස්පොර්ට් එක ඉල්ලයි. ඒක ලැබුණට පස්සේ පැදුරටත් නොකියා රට පනියි. ඕක තමයි මෙයාගේ සැලසුම මාමණ්ඩි කල දෙයම බෑණත් කරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 145 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 392 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 438 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 45 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2610 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1633 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site