(ඩී.ජී.සුගතපාල)
ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුව අද(19) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ නඩුවේ 4 සැකකාර වික්ටර් සමරවිර , 5 සැකකාර පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, සහ 6 සැකකාර කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල යන තිදෙනා අගෝස්තු 2 දක්වා බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.
වික්ටර් සමරවිර නමැති සැකකරු ඉකුත් 8 වන දින අධිකරණයට බාරවිමෙන් පසු අද දක්වා රිමාන්ඩ් කරන ලද අතර ඔහු මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු වෙනුවෙන් පෙනි සිටින නිතිඥවරිය අධිකරණයට දැනුම්දුන්නාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක නමැති සැකකරු මේ වනවිට දැනට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.
සමන් දිසානායක වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ඔහු බන්ධනාගාර ගත කරන්නේ නම් ජයවර්ධන පුර රෝහලේම නතරව ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ දෙන ලෙසය.එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව රෝහලට ගොස් විමර්ශනය කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ට් ගාඩ් නෞකාවේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව 2015 ඔක්තෝබර් 15 වනදින අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇවන්ට්ගාඩ් නඩුවේ සැකකරුවෝ තිදෙනක් යළි රිමාන්ඩ්
Hafeel Friday, 19 July 2019 07:47 AM
බලනකොට රට පාලනය කරන සහ ඉහළ තනතුරු දරන අය ලෙඩ්ඩු නේද?
බද්රානි Friday, 19 July 2019 08:08 AM
පාවෙන අවි ගබඩාවට රාජ්‍ය අනුග්‍රහය ලබාදී,රජයට කොටි ගණනින් මුදල් පාඩු කල, මහ එකාව රටේ ජනාධිපති කොට අනිත් එවුන්ව හිරේට දමන ක්‍රමයත් නරකම නැහැ. මේවා ඇහෙද්දේ, සම හරක් ගේ මුඛය පුට්ටු වෙන බව අපිට නම් රහසක් නොවේ???
Amila Friday, 19 July 2019 08:19 AM
රටට මුදල් ආපු මෙවෙනි ව්‍යාපාර විනාශකරපු එක මේ ආණ්ඩුව ආර්ථිකයට කරපු තව ලොකු විනාශයක්. වරදක් තිබුණා නම් ඒවට දඩ ගහලා වැරදි නිවැරදි කරගෙන ඉසරහට යන්න ඕන. ව්‍යාපාර ව්නාශ කරන එක නෙමේ කරන්න ඕන ව්‍යාපාරිකයෝ නිර්මාණය කරන එක අමාරු වැඩක් මොකද එහෙම අවදානමක් ගන්න මිනිස්සු ඉන්නේ සුලු ප්‍රමාණයක් නුමුත් රැකියා වලට ඕන තරම් මිනිස්සු හදාගන්න පුලුවන්.
sirimal Friday, 19 July 2019 08:51 AM
ඒ උනාට මහා මොළකාරයා තවම නිදැල්ලේ.
Jayantha Friday, 19 July 2019 09:48 AM
මාරයිනේ මොවුන්ට ලෙඩ වෙන්නේ අත්අඩංගුවට ගත්ත ගමන්නේ...