(බිඟුන් මේනක ගමගේ)
හැකරුන්ට ඇතුල්වීමට දුෂ්කර වන පරිදි රාජ්‍ය වෙබ් අඩවි ජාලය වඩා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු යොදා ඇත.
මෙම වැඩසටහනේ පළමු පියවර යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ට අයත් වෙබ් අඩවිවල ආරක්ෂාව වඩා ශක්තිමත් කරන්නේ යැයි එම ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවැසීය.
එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් කෙරෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව දකුණු ආසියාවෙන් ඉදිරියෙන් සිටින නමුත් වෙබ් අඩවි ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑමේදී තවමත් සාධනීය මට්ටමකට පැමිණ නැතැයි මහාචාර්යවරයා අවධාරණය කර කීය.
නිසි කලට යාවත්කාලීන වන වෙබ් අඩවි මගින් විද්‍යුත් හා හරිත ආණ්ඩුකරණයට පාර කැපෙන්නේ යැයි කී හෙතෙම ඒ අනුව පහසුවෙන් මෙම වෙබ් අඩවි යාවත්කාලීන කිරීමට පිවිසුම් ලබාදීමට ද ඉක්ටා ආයතනය කටයුතු කරමින් සිටින්නේ යැයි ද කීවේය.
ජනතාවට අවශ්‍ය තොරතුරු කඩිනමින් හා පහසුවෙන් ලබාගැනීමට වටිනා මාධ්‍යයක් වුවද ඇතැම් රාජ්‍ය ආයතන වෙබ් අඩවි නිසියාකාරව යාවත්කාලීන නොකිරීම නිසා ජනතාවට මෙන්ම ආණ්ඩුකරන ක්‍රියාවලියට ද සිදුවන්නේ අවාසියක් යැයි සමරජීව මහතා පැවැසීය.
රාජ්‍ය වෙබ් අඩවි නිසි කලට යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙලේදී පුරවැසියන්ට අත්හළ නොහැකි වගකීමක් ඇතැයි ද ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සෝදියෙන් සිටින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද මහාචාර්ය සමරජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘ඉක්ටා‘ පරිගණක අපරාධකරුවන්ට පාර වහයි
Ranjan Samarasinghe Sunday, 24 June 2018 09:48 PM
තවත් සල්ලි නාස්ති කරන ප්‍රජෙට් එකක්
sachithMonday, 25 June 2018 02:26 AM
ඔබතුමාගේ අදහස සමග එකයි ,රටේ ජනාධිපතිතුමාගේ වෙබ් අඩවියට ආරක්ෂාව දීගන්න බැරි කට්ටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරක්ෂා කරන්න යනවා. ව්‍යාපෘතියට දැනටම මිලියන ගානක් අනුමත කරගෙන ඇත්තේ.
Sumanasiri Herath Monday, 25 June 2018 06:34 AM
පහුගිය මැයි මාසය තුල ඔය ඉක්ටා ආයතනය පවත්වාගෙන යන වෙබ් අඩවි 300 පමණ හැක් ප්‍රහාරයකට ලක් වුනා. මෙවැනි දේවල් 100% නතර කිරීමට හැකියාවක් නැහැ. ඒත් ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. නමුත් මෙම ඉක්ටා මගින් පවත්වාගෙන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙබ් පිටු සහ බොහොමයක් රජයේ ආයතන වල වෙබ් පිටු සදා ඇත්තේ ජූම්ලා කියන මෘදුකාංගය භාවිතා කරමින්. කාලින අවශ්‍යතාවයන් සහ ආරක්ෂාව යන කරුණු මුලික කරගෙන මෙම මෘදුකාංගය ද යාවත් කාලින කර නිකුත් කරයි. එහෙත් ඉක්ටා ආයතනය මගින් පවත්වාගෙන යන මෙම වෙබ් අඩවි වල මෙම මෘදුකාංගය යාවත්කාලින කරන බවක් පෙනෙන්නට නොමැත. මෙය එක උදාහරණයක් පමණයි. මෙලෙස ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ අභිවෘධිය වෙනුවෙන් පෙනී සිටින ඉක්ටා ආයතනයෙන්ම සිදුවන මෙවැනි අතපසුවීම් සහ දුර්වලකම් නිවැරදි නොකර, තමන්ගේ වලිගය තමන්ම පාගාගෙන කෑගැසීමක් හා සමාන කිරීම සුදුසුයි දැයි සිතේ. අනිත් කරුණනම්, මෙම ඉක්ටා ආයතනයේ බොහොමයක් ව්‍යාපෘති සඳහා මිලියන ගණන් මුදල් වැයකරත්, ඒවගෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝගික නොවීම හේතුවෙන් අසාර්ථක වී ඇත.
dhanushka Monday, 25 June 2018 08:29 AM
ඉක්ටා කියන්නේ තවත් සල්ලි ගිලින ආයතනයක් විතරයි. මේ කට්ටිය කරන්නේ හැක් කරන ජූම්ලා වගේ වෙබ් අඩවි නැවත ඉන්ස්ටෝල් කරන එක විතරයි.
dhanushka Monday, 25 June 2018 08:32 AM
මේවගේ ශීර්ෂපාඨ දාන්න එපා.. ඒකේ වැඩ කරන අයටම ලැජ්ජා හිතෙයි. ඔය කට්ටියට එච්චර දෙයක් බෑ.
SudeshMonday, 25 June 2018 10:00 AM
මේ ඉක්ටා එකේ ඉන්න අය මෙලෝ හසරක් දන්නේ නැහැ ප්‍රයෝගිකව වැඩක් කරන්න තේරෙන්නේ නැහැ. දන්නේ පිටරට විශ්වවිද්‍යාලයේ ඇඳපු පින්තුර රටා අඳින්නයි. බෝර්ඩ් වල බලි ඇඳ පෙන්වන්නයි විතරයි. වැරද්දක් පෙනුවහම පිළිගන්න කැමතිත් නැහැ. ඒ මදිවට වරද පෙන්වන එකා නැතිකරලම දානවා. මොකද මේ ඉක්ටා අයගේ පැවැත්මට බලපෑමක් වෙන නිසා.