IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඉතාලියේ සීට්ටු සල්ලි මාරවිල උණුසුම් කරයි

( ජුඩ් සමන්ත )

ඉතාලියේ නාපෝලි නගරයේ සිට ශ්‍රී ලංකිකයින් සමග සීට්ටු මුදල් එකතු කිරීමෙන් සහ පොලියට මුදල් ලබා ගනිමින් රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් වංචා කළ බව කියන පුද්ගලයකු නිසා මාරවිල පොලීසිය තුළ අද(14) උණුසුම් තත්ත්වයක් ඇති විය.

මෙසේ මුදල් ලබා ගෙන ඇත්තේ කාලයක් ඉතාලියේ පදිංචිව සිටි බව කියන වර්තමානයේ මාරවිල රෝමන් පාර්ක් හී පදිංචි අයෙකි.

ඉතාලියේ සේවය කරන විට දී සැකකරුට මුදල් ලබා දුන් බව කියන 26 දෙනෙක් අද පොලිසියට පැමිණ සිටියහ.
මෙම ගනුදෙනු සිදු වී ඇත්තේ ඉතාලියේ දී බැවින් ද මුදල් ලබා ගත් බවට සහ ලබා දුන් බවට ලිඛිත සාක්ෂියක් නොමැති බැවින් ද මේ සම්බන්ධයෙන් උසස් නිලධාරීන්ගෙන් උපදෙස් ගත යුතු බව මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්.ප්‍රියන්ත මහතා පැවසීය.

සුළු වේලාවකින් මුදල් ලබා ගත් බව කියන පුද්ගලයා නීතිඥයකු සමග මාරවිල පොලීසියට ඉදිරිපත් වූවේය.
තමා මෙහි සිටින අයගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් මුදල් ලබා ගත් බව ඔහු පොලිස් නිලධාරීන් සහ නීතිඥ මහතා ඉදිරියේ පිළි ගත්තේය.

එමෙන්ම තමා විසින් සිදු කර ඇත්තේ වංචාවක් නොවන බවත් තමාගෙන් මුදල් ලබා ගෙන සිටින ඇතැමුන් ආපසු මුදල් නොදී මග හැර සිටීම නිසා මෙම තත්ත්වය ඇති වූ බවත් ඔහු පැවසීය.

කුමන හෝ ආකාරයකින් ඉදිරියේදී එම මුදල් ලබා දීමට ඔහු එකඟ විය.මෙවැනි කටයුතු වලදී පොලීසියට කළ හැක්කක් නොමැති බවත් පොලියට මුදල් ලබා ගැනීම සහ සීට්ටු දැමීම වැනි ක්‍රියා වලදී වඩාත් ප්‍රවේශම් වන ලෙසත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කීවේය.
 



අදහස් (3)

ඉතාලියේ සීට්ටු සල්ලි මාරවිල උණුසුම් කරයි

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 14 June 2017 01:06 PM

මී ගමුව වෙන්නප්පුව ආශ්‍රිත පෙදෙස් වලින් ඉතාලියට පැමිණි සංක්‍රමණිකයින් අතර පොලියට මුදල් දීම සහ සීට්ටු දැමීම බහුලව කෙරෙන අතර මෙවැනි වංචාද බොහෝ දක්නට ලැබෙනවා. සමහරු සීට්ටුවක් පටන් ගන්නේද වංචාවක් කිරීමට අවශ්‍ය කටයුතු බලා තම සගයන්ද හවුල් කරගෙනයි. මේවාට අහුවෙන්න එපා. දුටු තැන ඉතාලි පොලිසියට දන්වන්න. ඉතාලියේ සීට්ටු දැමීම නීති විරෝධී ක්‍රියාවක්....

:       2       8

රොෂාන් Friday, 16 June 2017 01:38 PM

ආයේ කතා දෙකක් නැහැ. ඒ මනුස්සයා දකුණේ අයව මේ සීට්ටුවට සම්බන්ධ කර ගන්න ඇති. දකුණේ ඇතැම් උදවියට ඕවා සුළු වැඩ... එහෙම නේද?

:       0       0

Lakmal verona Wednesday, 14 June 2017 01:51 PM

ඉතාලියේ කොහේවත් හොරාට සීට්ටු දාන්න බැහැ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 81 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 60 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 276 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 159 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 185 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1203 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 509 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site