IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඉන්දීය ජනපති තමිල්නාඩුවේ ඉල්ලීම් ඉවත දමයි

ඉන්දියාවේ හිටපු ජනාධිපති රජිව් ගාන්ධි ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවලට වරදකරුවන් වී සිරඳඬුවම් ලබන හත් දෙනා නිදහස් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු ආණ්ඩුව කරන ලද ඉල්ලීම ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. 
 
සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තමිල්නාඩු ආණ්ඩුව කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට එකඟ විය නොහැකි යැයි තම තීරණය දැනුම් දෙමින් ඉන්දීය ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. 
 
ජනාධිපතිවරයා අදාළ තීරණය ගෙන ඇත්තේ මෙවැනි කරුණු සම්බන්ධයෙන් පත්කර තිබෙන අමාත්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයේ උපදෙස් අනුවය.
 
කොටි සංවිධානයේ සාමාජිකාවක විසින් එල්ල කරන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වීමෙන් 1991 වසරේ මැයි 21 වැනි දා රජිව් ගාන්ධි ඝාතනයට ලක්විය.
 
මානුෂීය කරුණු සළකා බලමින් මෙම සිරකරුවන් හත්දෙනාට සමාව ලබාදී නිදහස් කරන්නැයි තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව පසුගිය සිව් වසරක කාලයේදී දෙවතාවක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ලිපි යවා ඇත.  
 
ද හින්දු
 
055

                 



අදහස් (5)

ඉන්දීය ජනපති තමිල්නාඩුවේ ඉල්ලීම් ඉවත දමයි

NUWAN Friday, 15 June 2018 12:00 PM

ඉන්දියාවෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා වගේ...

:       0       92

Sujeewa Friday, 15 June 2018 12:02 PM

අනේ ඒකට අපේ "ජරා පාලන" ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න තිබ්බේ. රට බේරාගත්ත හමුදාව හිරේ දාලා, අහිංසක සිංහල, දෙමල ජනතාව මරපු ත්‍රස්තවාදීන්ව නිදහස් කරන ආණ්ඩුවක් අපට ඇත්තේ. මේ "ජරා පාලනයේ" උපාය ත්‍රස්තවාදී ඡන්ද වලින්, 2015 ජනවාරි 08 දිනනවා වගේ ආයිත් බලයට 2020 එන්න...

:       6       271

Hafeel Friday, 15 June 2018 01:24 PM

ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ.

:       0       124

Thilina Friday, 15 June 2018 03:15 PM

පොඩ්ඩක් අපේ යහපාලන උන්දැලාගෙන් ඉල්ලලා බැලුවොත් නරකද? මෙහ්ට ගෙන්නගෙන හරි නිදහස් කරන්න උත්සාහ කරයි.

:       0       159

jayasiri Saturday, 16 June 2018 01:35 AM

අපේ පොලිසියේ 600 ක් මරුපු අයටත් දෙන්න නිදහස...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 72 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 52 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 78 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 283 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 447 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 154 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site