IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉම්රාන් ඛාන්ගේ 18 දා දිවුරුම් දීමට ඉන්දීය - පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් වලටත් ආරාධනා

තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් අගෝස්තු 18 වැනිදා පාකිස්තාන ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන උත්සවයකට වත්මන් පාකිස්තාන හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකයන්ට ආරාධනා කර ඇතැයි ‘ඩෝන්’ වෙබ් අඩවිය වාර්තා කරයි.


ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීම අගෝස්තු 11 දිනත් තවත් අවස්ථාවක අගෝස්තු 14 දිනත් පැවැත්වෙන බව මීට පෙර නිවේදනය කළ ද ‘ඩෝන්’ වාර්තාවට අනුව දිවුරුම් දීම අගෝස්තු 18 වැනිදා පැවැත්වෙන බව පැවසේ.


පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන්ගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙයි. 


ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුනිල් ගවස්කාර, කපිල් දේව් සහ නව්ජොට් සිං සිදුට දිවුරුම් දීමේ උත්සවයට ආරාධනා කර ඇතැයි පී.ටි.අයි පක්ෂයේ සෙනට් සභික ෆයසිල් ජාවේද් පැවැසීය. 


වසර 1992 දී ලෝක කුසලානයේ දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඉම්රාන් ඛාන්ය. එම කණ්ඩායමේ සාමාජිකයන් වූ ජාවේඞ් මියන්ඩෑඞ්, වසීම් අක්‍රම්, රමීස් රාජා, ඉන්සමාම් උල් හක්, මුෂ්ටාක් අහ්මඞ්, මොයින් ඛාන් සහ අකීබ් ජාවේඞ් යන ක්‍රිකට් තරුවලට ද දිවුරුම් දීමේ උත්සවයට ආරාධනා කර ඇත. 


මේ අතර පාකිස්තානයේ ඉන්දීය මහ කොමසාරිස් අජේ බිසාරියා සිකුරාදා, එනම් ඊයේ (10) ඉම්රාන් ඛාන් හමු වූ අතර එහිදි ඔහු වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අත්සන් සහිත ක්‍රිකට් පිත්තක් ඉම්රාන් ඛාන්ට තෑගි කළේය.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ වන විට එංගලන්තයේ සංචාරක නිරතව සිටින බැවින් මෙම උත්සවයට පැමිණීම පිළිබඳ තරමක සැකයක් පවතී.

- 055



අදහස් (5)

ඉම්රාන් ඛාන්ගේ 18 දා දිවුරුම් දීමට ඉන්දීය - පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් වලටත් ආරාධනා

krishantha Saturday, 11 August 2018 07:31 AM

ඉන්දීය-පාකිස්තාන් ගැටුම විසඳාගැනීමට හොඳම අවස්ථාවක් උදාවෙලා. ඉන්දියාවේ නායකයන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතන්න ඕනෑ. දුර්ලභ අවස්ථාවක්...

:       0       88

pahan Saturday, 11 August 2018 09:52 AM

ඉම්රාන් ඛාන් ඔහුගේ කසාදය ලෝකේ සමකාලින ඔක්කොම ක්‍රිකට් නායකයින්ට කිව්වා. අර්ජුනට කිව්වේ නැහැ. ඒ වගේම අර්ජුන ලෝක කුසලානේ දිනපු වෙලාවේ ලෝකේ ක්‍රිකට් නායකයෝ ඔක්කොම සුභ පැතුවා ඉම්රාන් ඛාන් සුභ පැතුවේ නැහැ. ඒ වගේම අද ඉන්දීය පාකිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම්වලට දිවුරුම් දීමට ආරාධනා කරලා ලංකා කණ්ඩායම නැහැ.

:       207       271

amilaSunday, 12 August 2018 05:23 AM

මම දන්නා විදියට අවසන් තරගයේදී ඉම්රාන් අර්ජුනට කියල තියනවා කාසියේ වාසිය දිනලා බැට් කරන්න කියලා. නමුත් අර්ජුන කලේ එකේ අනිත් පැත්ත. ඒ වෙලාවේදී මොකක් හරි හිත් අමනාපකමක් ඇති වුණා වෙන්න පුළුවන්. අර්ජුන කියන්නේ කොන්ද පණ තිබුණු ක්‍රිකට් නායකයෙක්.

:       0       5

sanjeewaSunday, 12 August 2018 05:30 AM

මිනිහා දන්නවා ඇති අර්ජුන සහ සහෝදරවරු මෙහෙ දෙන ගේම් එක. එක හින්දා ගෙනැල්ලා ඇති වැඩක් නෑ කියල ඉම්රාන් දන්නවා. අනිත් එක එයා ගිහිල්ලා පාකිස්තානේ දූෂණ නවත්වන්න උපදෙස් දෙන්නද?

:       35       18

chris Sunday, 12 August 2018 12:37 AM

අසාධාරණයි ලංකාවේ කට්ටියට නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 641 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 177 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 531 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 134 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1789 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site