ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)
ඉම්රාන් ඛාන් ප්‍රමුඛ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය මහ මැතිවරණයෙන් ජය ලබා ඇතැයි එරට මැතිවරණ කොමිසම අද (27) නිල වශයෙන් නිවේදනය කළේය.
කෙසේ නමුත් තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය අසන 137 දිනාගැනීමට ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට නොහැකි වී තිබෙන අතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් පක්ෂයක් සමඟ සන්ධාන ගත වීමට සිදුවනු ඇත.
නිකුත් කිරීමට ඇත්තේ තවත් ආසන 11ක ප්‍රතිඵල පමණක් බවත් නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව තරීක් ඊ ඉන්සාෆ් (පී.ටි.අයි) පක්ෂය ආසන 115ක් දිනාගෙන ඇති බවත් මැතිවරණ කොමිසම නිවේදනය කළේය. මේ අනුව පාකිස්තාන පාර්ලිමේන්තුවේ තනි විශාලතම පක්ෂය වනු ඇත්තේ ඉම්රාන් ඛාන්ගේ පක්ෂයයි.
මැතිවරණ කොමිසම පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ‘පාකිස්තාන මුස්ලිම් ලීගය පක්ෂය නවාස් (පී.එම්.එල්--එන්)’ පක්ෂය ආසන 63ක් දිනාගෙන ඇති බවත් පාකිස්තාන ජනතා පක්ෂය (පී.පී.පී) ආසන 43ක් දිනාගෙන ඇති බවත් සඳහන් කළේය. මේ අනුව පාකිස්තාන ජනතා පක්ෂය සන්ධාන ආණ්ඩුවක රජුන් තනන පක්ෂය වනු ඇත.
පාකිස්තාන ජනතා පක්ෂය (පී.පී.පී) පක්ෂය යනු ඝාතනයට ලක්වූ පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් බූතෝ සහ හිටපු පාකිස්තාන අගමැති අසීෆ් අලී සර්දාරිගේ පුත් බිලාවාල් බූතෝ සර්දාරීගේ නායකත්වයෙන් යුතු පක්ෂයයි.
දූෂණ චෝදනාවලට වරදකරු වූ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට මැතිවරණයට ඉදිරිපත් නොහැකි වූ අතර ඒ වෙනුවට ඔහුගේ සහෝදරයකු වන ෂෙබාබ් ෂරීෆ් ‘පාකිස්තාන මුස්ලිම් ලීගය පක්ෂය නවාස් (පී.එම්.එල්--එන්)’ පක්ෂයේ අගමැති අපේක්ෂකයා විය.
මැතිවරණය පවත්වා දින දෙකක් ගත වුවද සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට චෝදනා එල්ල වූ අතර ප්‍රතිඵල ගණන් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි ච චෝදනා එල්ල විය. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම එම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කළේය.
කිසිදු වංචා දූෂණයක් හෝ අක්‍රමිකතාවක් සිදු නොවූ බවත් මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වූයේ තාක්ෂණික දෝෂයක් නිසා බවත් මැතිවරණ කොමිසම අවධාරණය කළේය.
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 1992 වසරේදී ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේය. ලෝක කුසලානය දිනූ එම කණ්ඩායමේ සාමාජිකයන් වන රමීස් රාජා, වසීම් අක්‍රම්, වකාර් යුනිස් මෙන්ම වත්මන් පාකිස්තාන කණ්ඩායමේ සාමාජිකයන් වන මොහොමඞ් අමීර්, මොහොමඞ් හෆීස් ඇතුළු ක්‍රීඩකයන් බොහෝමයක් අද (27) වනවිට ඉම්රාන් ඛාන්ට සුබ පැතුම් එක් කර තිබිණි.
වසීම් අක්‍රම් ඇතුළු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකුම මැතිවරණයේදී ඉම්රාන් ඛාන් ට සහාය පළ කිරීම ද විශේෂත්වයකි.එමෙන්ම ක්‍රිකට් පිටියේදීත් දේශපාලනයේදීත් පාකිස්තානයේ ඓතිහාසික ප්‍රතිවාදීන් වන ඉන්දියාවේ සන්ජේ මන්ජේකාර් සහ කපිල් දේව් ද ඉම්රාන් ඛාන්ට සුබ පැතුම් එක් කර තිබිණි.
055
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉම්රාන් ඛාන් පකිස්තාන මහ මැතිවරණය දිනයි
Bamunuarachchi Monday, 30 July 2018 08:05 AM
ඉම්රාන් මහත්මයෝ මම මුළු හදවතින්ම සුබපතනවා දැනට.