IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ඉල්ලා අස්වන බව උතුරු කෘෂිකර්ම ඇමැති කියයි

සිතුම් චතුරංග

උතුරු පළාත් කෘෂිකර්ම , ගොවිජන, පශු සංවර්ධන සහ වාරිමාර්ග අමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා  සිදුකළ දැනුම්දීම අනුව එම ඉල්ලීමට ගරුකොට   සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව උතුරු පළාත් පළාත් ඇමැති පී ඓන්ගරනේෂන්  මහතා පැවසීය.
 
විමර්ශන සිදුකළ ත්‍රිපුද්ගල කණ්ඩායම වාර්තාව පැමිණීමටත් පෙර තමා විවිධ චෝදනාවන්ට වැරදිකරු කොට ඇතැයිද ඔහු සඳහන් කළේය.
 
ත්‍රිපුද්ගල කමිටුවක් විසින් අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා පිළිබඳ වාර්තාව අද  උතුරු පළාත් සභාවට යොමු කිරීමෙන් අනතුරුව එම අමැති ධුරවලින් ඉවත් වන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා   ඇමැතිවරුන් දෙදෙනකුට දැනුම් දී තිබිණි.
 
‘‘උතුරු පළාත් සභාව පෙබරවාරී මාසයේ රැස්වීමේදී මා හට චෝදනා ඉදිරිපත් කළ විට   මා පවසා සිටියා   සාක්ෂි නොමැතිව   චෝදනා ඉදිරිපත් නොකරන ලෙස. පළාත් සභවේ රුපියල් කෝටි හතරක මුදලක මූල්‍ය වංචාවක් පිළිබඳ  මාහට චෝදනා එල්ලවුනා. ඒ චෝදනා සම්බන්ධයෙන් මා නිර්දෝෂි බව එදා සිටම මා පවසා සිටියා. 
 
ජනතාව මා කෙරෙහි තිඛෙන මතය අදටත් එසේමයි. ජනතාව මා කෙරෙහි තබා තිබූ යහපත් බලාපොරොත්තු නිසා මා පළාත් මැතිවරණයෙන් වැඩිම මනාපයෙන් පළාත් සභාවට තේරීපත්වූ අයෙක්. එහෙත් මම මනාප මුදලට ගැනීමට තරම් පෝසතකු නොවූ බව ජනතාව දැනසිටිනවා. 
 
ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් මා හට පමණක් නොවෙයි ප්‍රධාන අමාත්‍යවරයා පත්කළ අනෙක් අමාත්‍යවරුන්ටද චෝදනා එල්ලවී තිඛෙනවා. මා මුදල් වංචා කළ බට කිසිදු සඳහනක් එම වාර්තාවේ නැහැ. එහෙත් චෝදනා දහයක් එල්ලකොට තිඛෙනවා. චෝදනාවක් කරනවානම් සාක්ෂි තිබියයුතුයි.  මා සිතන්නේ මෙය මගේ ප්‍රතිරූපයට හානිකොට දේශපාලනයෙන් මා ඉවත්කිරීමට ගත් උත්සහයක්. මුදල් නොමැතිව කුසගින්නේ සිටියත් රාජ්‍ය දේපල හෝ මජන මුදල් කොල්ල කන්නේ නැහැ.  
 
 මෙම වර්තාවේ වැරදි දේවල් විශාල ප්‍රමාණයක් අන්තර් ගතවනවා. වංචා,  දූෂණ හා අතපෙවීම් පිළිබ`දව විමර්ශනය කළ පුද්ගලයින් සාවද්‍ය තොරතුරු රැස්කොට චෝදනා එල්ලකොට තිඛෙන බවයි වාර්තාව පිළිබඳ සැලකීමේදී පැවසිය යුත්තේ.  කමිටුව පක්ෂපාතීව කිසිදු සාක්ෂියකින් තොරව මා වැරදිකරු කිරීම,  
මාගේ චරිත ඝාතනය කිරීමට ගත් උත්සහයක්. විනිසුරුවරයකුවූ ප්‍රධාන අමාත්‍යවරයාගෙන් මා ඉල්ලා සිටිනවා මෙයට නීතිමය විසදුමක් සොයා කටයුතු කරන ලෙස. ජනතාවට සේවය කරන්න තනතුරක් අවශ්‍ය නැහැ. ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම හා උපදෙස් අනුව එයට ගරුකරමින් මා තනතුරින් ඉල්ලා අස්වෙනවා.  ‘‘ යැයි ද ඇමැතිවරයා කීවේය.



අදහස් (1)

ඉල්ලා අස්වන බව උතුරු කෘෂිකර්ම ඇමැති කියයි

wimalarathana himi Wednesday, 14 June 2017 05:58 PM

"මුදල් නොමැතිව කුසගින්නේ සිටියත් රාජ්‍ය දේපල හෝ මහජන මුදල් කොල්ල කන්නේ නැහැ." ගරු අමාත්‍යතුමාගේ මෙම ප්‍රකාශය තුලින් කියවෙන මානව හිතවාදී ගුණයට ගරු කරමි. එබඳු දේශපාලඥයන් මෙතෙක් මේ රට පාලනය කලානම් ලෝකයේ දියුණුම රට ලංකාවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 85 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 345 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 405 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 43 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2536 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1582 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site