ජුඩ් සමන්ත
තමන් පවුලේ අය සමඟ පෞද්ගලික සංචාරයකට විදේශ ගතවී සිටින අවස්ථාවක ඇමති ධූරයෙන් ඉවත් කිරීම සදාචාර සම්පන්න නොවන බව වයඹ පළාත් හිටපු අධ්‍යාපන ඇමති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා සදහන් කරයි.
ස්විට්සර්ලන්තයේ සිට විශේෂ ප්‍රකාශයක් කරන සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා මෙසේද සදහන් කළේය.
‘මම මේ දවස්වල බිරිඳ සහ දරුවන් සමග පෞද්ගලික සංචාරයක් සදහා විදේශ ගත වී සිටිනවා. එවිට තමයි මට දැන ගැනීමට ලැබුනේ මා දැරූ සියළුම ඇමති ධූර වලින් ඉවත් කර ඇති බව. මා වයඹ පළාත් අධ්‍යාපන ඇමති ධූරය දැරූ කාලයේ ගුරු සේවය සඳහා විශාල වැඩ කොටසක් කළ කෙනෙක්. වයඹ පළාතේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා මම විශාල වැඩ කොටසක් කළ බව ගුරුවරුන් මෙන්ම දරුවන්ද හොදින් දන්නා කරුණක්.
වයඹ පළාත් සියළුම දරුවන්ට නොමිළේ ප්‍රශ්ණ පත්‍ර ලබා දී අධ්‍යාපනය තුළනය කිරීමේ වැඩ සටහනක් මා විසින් දියත් කලා.නමුත් ඇතමුන් බලාපොරොත්තු වුනා අධ්‍යාපනය තුළින් දේශපානය කරන්න. නමුත් මම ඊට කැමති වුනේ නැහැ.
වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙමින් පවතින බව දක්නට තිබෙනවා. ජනතාවාදී නායකයින් පලවා හරිමින් ජනතාව ප්‍රතික්ෂේප කළ අයට තාන්න මාන තනතරු ලබා දීමට කටයුතු කරන බවක් දක්නට තිබෙනවා.
අඩුම තරමින් ඇමතිවරයා රටේ ඉන්න විට ඔහු ඉවත් කිරීමට තරම් වත් වර්තමාන නායකයින් සදාචාර සම්පන්න නොවීම සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. කොහොම වුනත් සදාචාර සම්පන්න බවක් නොමැති නායකයින් සමග සිටිනවාට වඩා මේ ආකාරයට නිදහසේ දේශපාලනය කර ගෙන යාමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත් වනවා.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉවත් කිරීම සදාචාර සම්පන්න නැති බව හිටපු ඇමැති කියයි
නිමල් Friday, 15 September 2017 02:53 PM
අපොයි ඔබතුමා නම් මම දන්නේ නැහැ. ඔබතුමාගේ ලේකම්තුමිය නම් අධ්‍යාපනය ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව පරිපාලන ක්‍රම මගින් අධ්‍යාපනය නෙමෙයි රිසල්ට් ඉහල දාන්න දැඟලුවා. ඒ පීඩනය ළමයි පිට කළේ මත් කුඩු, මත් ද්‍රව්‍ය වල සුරතලුන් වෙලා.
පිටිගල මිලානෝ Friday, 15 September 2017 03:43 PM
පවුල සමග විනෝදෙට යන්නේ ස්විට්සර්ලන්තෙට! අදායම් බදු මහත්වරුනේ ඔන්න සටහන් කරගන්න.
maheeSaturday, 16 September 2017 12:11 AM
ඒකනේ කියන්නේ, පලා බබෙක් වෙලා මෙහෙම නම්, ඊළඟ පියවරේදී කොහොම හිටින්න තිබුණද? බැරිද මන්දා ඔහොම ඉන්න ගමන්ම සරණාගත ඉල්ලුම් පත්‍රයකුත් දාන්න. ආපහු එන්න වියදමකුත් නැහැනේ එතකොට.
kumara Friday, 15 September 2017 05:53 PM
ඇත්තටම ඔබට සතුටුයිද දැන්
samantha Saturday, 16 September 2017 12:22 AM
දේශපාලන සදාචාරය නැත්තටම නැතිවුනේ ඡන්දේ පැරදිච්ච රොත්තක්ව පාර්ලිමේන්තු ගෙනත් ඇමතිකම් දීපු දවසේ ඉඳලා. ඉතින් නහයටත් උඩින් දැන් වතුර ගලලා ඉවරයි. ඒ නිසා ඔය වෙච්ච දේ ගැන පුදුම වෙන්න එපා.
ravin Saturday, 16 September 2017 07:45 AM
මහජන හිතසුව පිණිස කියන්නකෝ... ඔබතුමාගේ අධ්‍යාපන මට්ටම ගැනත්... ටියුෂන් ගුරුවරයෙක්ද කියලා.
abdul Saturday, 16 September 2017 09:25 AM
නරියාගේ සහ මිදී වල්ලේ කතාව මතක් වෙනවා නේද? අනේ කාලේ වනේ වාසේ කිවුවලු.
sir fredheim Saturday, 16 September 2017 02:43 PM
ඔබතුමා වත්කම්, බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කරලද තියෙන්නේ? අදායම් බදු දෙපාර්තමේන්තුව මෙතුමා ගැන සොයා බැලුවොත් හොඳයි.