IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


උතුරු කොරියාවට පැමිණෙන්නැයි දකුණු කොරියානු ජනාධිපතිට ආරාධනා

සෝල්හිදීය (රොයිටර්)
 
සාම සාකච්ඡා සඳහා උතුරු කොරියාවට පැමිණෙන්නැයි එරට නායක කිම් ජොන්ග් උන්ග් දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් වෙත ආරාධනා කර ඇතැයි දකුණු කොරියානු බලධාරීහූ පවසති. 
 
ඒ අනුව දෙරටේ නායකයන් දෙදෙනා අතර සාකච්ඡා පැවත්වුවහොත් වසර 10කට පසු කොරියානු නායකයන් දෙදෙනා හමු වී සාකච්ඡා පවත්වන පළමු අවස්ථාව මෙය වනු ඇත.
 
දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් පසුගිය වසරේදී බලයට පත්වූයේ ද උතුරු කොරියාව සමඟ සාමකාමී ප්‍රවේශයකට පිවිසෙන බව ප්‍රකාශ කරමිනි. 
 
උතුරු කොරියානු ජනාධිපතිවරයාගේ ආරාධනය දකුණු කොරියානු ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත්තේ, ශීත ඍතු ඔලිම්පික් උලෙළට සහභාගීවීම සඳහා පැමිණි උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගෙණිය වන කිම් යෝ ජොන්ග්ය. 
 
“උතුරු කොරියානු ජනාධිපතිවරයාට මා මුණ ගැසීමට අවශ්‍ය වී තිබෙනවා. අපි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමු” යැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් පවසා තිබේ. 
 
ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයාගේ ආරාධනයා පිළිගත් බව දකුණු කොරියානු ජනාධිපති මන්දිර ප්‍රකාශයෙක් කීය. 
අවසන් වරට දෙරටේ නායකයන් දෙදෙනකු මුණ ගැසුණේ 2007 වසරේදීය. 
 
055

 



අදහස් (2)

උතුරු කොරියාවට පැමිණෙන්නැයි දකුණු කොරියානු ජනාධිපතිට ආරාධනා

Kusal Saturday, 10 February 2018 05:49 PM

මේ දෙගොල්ලෝ හොඳින් හිටියොත් ඇමරිකන් කාරයින්ව සියල්ලෙන් එලවන්න පුළුවන්. ඊට පසුව ජපානෙත් මේ අය එක්ක හොඳින් ඉන්න ඕනේ.

:       0       1

lalith Saturday, 10 February 2018 06:36 PM

මේ එකම පවුලේ දෙසොහොයුරන් අවුළුවා තමන්ගේ ආයුධ විකුණා ගැනීමට මාන බලන හිවලුන්ට පාඩමක් උගන්වා සාමකාමී ඒකීය කොරියාවක් බිහිකිරීමට මේ බෞද්ධ රාජ්‍යයට හැකියාව ලැබේවා !!!.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 117 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 74 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 98 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 329 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 509 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 175 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site