IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


උතුරු කොරියාවෙන් ඇමරිකාව අවුස්සන තවත් ප්‍රකාශයක්

තම න්‍යෂ්ටික අත්හදා බැලීම් සාර්ථක ලෙසත් තමන්ට හැකි උපරිම අයුරිනුත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව නැවත වරක් ප්‍රකාශ කර තිබේ.  ඇමෙරිකා එක්සත් ජනපදයේ ආක්‍රමණශීලි තත්ත්වයට මුහුණ දීමේ අරමුණින් මෙසේ අඛණ්ඩව හා සාර්ථක ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන බව උතුරු කොරියාව සඳහන් කරයි. 

න්‍යෂ්ටික සහ බැලැස්ටික් මිසයිල වැඩසටහන නිසා උතුරු කොරියාව සමඟ දරුණු ගැටුමක් නිර්මාණය විය හැකි බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන මොහොතක උතුරු කොරියාව ඒ බව සඳහන් කළේය. කොරියානු අර්ධද්වීපයේ ඇති වී තිබෙන තත්ත්වයක කොයි යම් මොහොතක හෝ පාලනයෙන් ගිලිහිය හැකි බව චීනය පසුගිය සතියේදී ප්‍රකාශ කළේය. 

තම බලය පෙන්වීමේ අරමුණින් එක්සත් ජනපදය කොරියානු අර්ධද්වීපයට න්‍යෂ්ටික බලය සහිත යු.එස්.එස් කාල් වින්සන් යැවීමට කටයුතු කළ අතර ඇමෙරිකා නාවික හමුදාවත් දකුණු කොරියා හමුදාවත් එක්ව ඒකාබද්ධ යුද්ධ අභ්‍යාස ද පැවැත්වීමට නියමිතය. මෙම යුද අභ්‍යාසවලට ජපානය ද සම්බන්ධ වීමට නියමිත යැයි වාර්තා වේ. 

උතුරු කොරියාව ත්‍රස්තවාදයට උදව් දෙන රටවල් ගොන්නට ඇතුළත් කරන බවත් උතුරු කොරියාවට එරෙහිව නව ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික සම්බාධ පනවන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය සතියේදී ප්‍රකාශ කළ අතර තම න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් වේගවත් කරන බවත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඊට ප්‍රති-චාර දක්වමින් උතුරු කොරියාව සඳහන් කළේය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැනවූ සම්බාධක පනවා තිබියදී හා තවදුරටත් සම්බාධක පැනවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනා ඉදිරිපත් වී තිබියදී උතුරු කොරියාව පසුගිය කාලයේදී න්‍යෂ්ටික අත්හදා බැලීම් පහක් සහ මිසයිල අත්හදා බැලීම් කිහිපයක්ම සිදු කර තිබේ. මීට පෙර නොවූ අයරින් උතුරු කොරියාව මේ වසරේදී මිසයිල අත්හදා බැලීම් සිදු කර තිබෙන අතර අන්තර් පරාස මිසයිල සහ සබ්මැරීනවල සිට දියත් කළ හැකි මිසයිල අත්හදා බලා ඇතැයි ද විශ්වාස කෙරේ.



අදහස් (2)

උතුරු කොරියාවෙන් ඇමරිකාව අවුස්සන තවත් ප්‍රකාශයක්

ravin Wednesday, 03 May 2017 04:35 AM

සාමාන්‍යයෙන් උතුරු කොරියාව කරන වැඩ අනුමත නොකලත් මේ වැඩේ හරි. ඇයි ලෝකයේ අනික් රටවල් ඇමරිකාව කියන විදියට නටන්නේ. ඇමරිකාවත් එක්ක කැත්තට පොල්ල වගේ හිටියේ නැත්තන් ලෝකෙට වෙන්නේ ගහන ගහන පදේට නටන්න .

:       2       35

bandula Wednesday, 03 May 2017 06:18 AM

මේ ඉල්ලන් කන්න හදන්නේ, මෙයා නිසා ලෝකේ අනිත් රටවලටත් විසුමක් නෑ, ලෝක යුද්දයක් අත ළඟ වගේ

:       8       1

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1672 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
2025 මාර්තු මස 10 2395 1

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.


ට්‍රම්ප්ට එරෙහි විරෝධතා
2025 මාර්තු මස 09 384 1

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.


අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්
2025 මාර්තු මස 09 228 0

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.


යුක්රේකනය එක්ක ගනුදෙනු පහසු නැහැ
2025 මාර්තු මස 08 253 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site