IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


උතුරු-නැගෙනහිර කඳවුරු අයින් කිරීම සුදුසු නෑ

(චමිල් රුපසිංහ)

වත්මන් වාතාවරණය අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල යුද හමුදා කඳවුරු  කඩිනමින්  ඉවත්කර ගැනීම සුදුසු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

දේශපාලනයේදී විවිධ අදහස් පළ කළ හැකි නමුත් රටේ ජාතික හා රාජ්‍ය ආරක්ෂාවේදී රාජ්‍ය මට්ටමින් තීන්දු ගැනීමට සිදුවන බව බව ඒ මහතා පවසයි.

“දකුණේ ජනතාව පිළිබදව අවබෝධයක් ලබා ගැනීම සදහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මහනුවරට පැමිණීම පිළිබදව සතුටු වෙනවා.උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසන පරිදි එක්ලක්ෂ අසූදහසක යුද භට පිරිසක්  එහේ නෑ.එම ප්‍රදේශයේ සිටින සෙබලුන් රටේ අවශ්‍යතාව අනුව එහි රඳවා තැබිය යුතුයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ බලපරාක්‍රමය පිළිබද තොරතුරු වසන් කිරීමට හැකියාවක් නැහැ.එය රාජ්‍ය ආයතනයක් නිසා වැටුප් තොරතුරු මහා භාණ්ඩාගාරයේ හා ආරක්ෂක අමාත්‍යංශයේ සදහන්ව තිබෙනවා.එනමුත්  උතුරේ හා නැගෙනහිර එක්ලක්ෂ අසූදහසක භට පිරිසක් නැහැ.
 
ජාතික ආරක්ෂාව පිළිබද වගකීම ජනාධිපතිවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන්, නාවුක හමුදා, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය වැනි ආයතනවලට පැවරෙන බැවින් ඒ ඒ ආයතන අදාළ පරිදි තීන්දු තීරණ ගන්නවා.යුද හමුදාව සටන් කළේ සාමාන්‍ය ජනතාව සමග නොව ත්‍රස්තවාදීන් සමගයි“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
 
යුද හමුදාපතිවරයා මේ බව පැවැසුවේ ඔක්තොම්බර් 10 වෙනිදාට යෙදි තිබෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවත්සර සැමරුම් දිනය නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට යුද හමුදාවේ ධජ පූජා කිරිමට එක්වූ අවස්ථාවේදී ය.

ශ්‍රී දළදා මාලිගාව වෙනුවෙන් මූල්‍ය ආධාරයක් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත පරිත්‍යාග කිරීම යුද හමුදාපතිවරයා අතින් එහිදී සිදුවිය.



අදහස් (12)

උතුරු-නැගෙනහිර කඳවුරු අයින් කිරීම සුදුසු නෑ

අසෝක ජයතිලක මිලානෝ Thursday, 28 September 2017 09:52 AM

යුද්ධයක් නැතුව විශාල කඳවුරු පවත්වාගෙන යාම නිසා කඳවුරු වලට පවරාගත් ඉඩම්වල අයිතිකරුවන්ට අසාධාරණයක් සිදුවෙනවා.

:       1515       89

RaveendraThursday, 28 September 2017 10:33 AM

අසෝක ජයතිලක මිලානෝ මයා වෙත, ඔබගේ අදහසට ගරු කරන්නෙමු. නමුත් ඕනෑම රටක මූලිකත්වය දියයුත්තේ එම රටේ ආරක්ෂවටය. අප එ් පිළිබඳව සොයා බැලීමේ දී ලෝකයේ ඕනෑම රටක් තම ආරක්ෂාවට මුල් තැන දෙන අතර අප රටේ එසේ වෙනවාද යන්න ගැන පුරවැසියන් වන අපට නම් විශාල සැකයක් මතුවී ඇත. කවුරු බලයේ සිටියත් අපට නම් අදාල නැත. පළමුව රට, දෙවෙනුවත් රට, තුන්වනුවත් රට....

:       1       603

අසෝක ජයතිලක මිලානෝ Thursday, 28 September 2017 12:00 PM

එතකොට ත්‍රස්තවාදය අපි ඉවරකලා හාමුදුරුවනේ... කියපු එක බොරුවක්ද?

:       509       31

kumar (galf)Thursday, 28 September 2017 12:40 PM

අශෝක ජයතිලක මිලානෝ, පත්තරයක්වත් කියවන්නේ නැද්ද? ලෝකේ කොහේද ත්‍රස්තවාදය මුල් අරටු පිටින් උපුටා දැම්මේ, 71 ඉවරයි කියලා හිටපු ත්‍රස්තවාදය 80 දශකයේ ඔලුව උස්සලා කී දාහක් මරුණාද?

:       3       237

ටී.රජින්ද Thursday, 28 September 2017 01:49 PM

මේ අදහසින්ම පේනවා රට ගැන තියෙන කැක්කුම. ඒ නිසා ඉන්න රටකට වෙලා කුලියක් මලියක් කරගෙන ඉන්න. නොදන්නා දේවල් ගැන අදහස් පල කරන එක ඔබතුමාට හොඳ නැහැ.

:       39       540

sam Thursday, 28 September 2017 10:26 AM

එල ටෝක. දේශපාලකයන්ගේ රෙදිත් නැතුව ඇති....

:       0       71

sudes Thursday, 28 September 2017 10:32 AM

ඇයි දෙයියනේ, යුද හමුදාපති තුමා දළදා මාලිගාවේ මුදල් ගිලින අයටම ඔය මූල්‍ය ආධාරය දුන්නේ. එතුමා දන්නේ නැතුව ඇති ඔය කෙනාගේ කැරැට්ටුව. අපරාදේ සල්ලි...

:       460       224

Raveendra Thursday, 28 September 2017 12:59 PM

අසෝක ජයතිලක මිලානෝ මයා වෙත නැවතත් මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමු. කරුණාකර පාට, පක්ෂවලින් තොරව ලෝකයේ තිබෙන සෑම රටක් ගැනම (අප මවුබිම හැර) හොඳින් හොයාබලන්න. සෑම රටකම මුලිකත්වය දී තිබෙන්නේ එම රටේ අරක්ෂාවටය. කෙටියෙන් කියනවා නම් එම රටේ දියුණුවට, එම රටේ ආරක්ෂාවට අවශ්‍ය නම් පුරවැසියන්ගේ දේපොළවුවද අදාල වන්දි ලබාදී රජයට පවරාගත් අවස්ථා ඕනෑතරම් තිබේ. තවද සාමාන්‍ය දැනුම ඇති ඕනෑම කෙනෙකුට වුවද "තෝර කැලෙත් කොටින් සිටිය හැකිබව" තේරුම් යන සත්‍යකි. (මෙසේ අප සඳහන් කලේ ඔබට පරිභව කිරීමට නොවේ.)

:       2       446

Lal Thursday, 28 September 2017 09:03 PM

අසෝක ජයතිලක කියන්නේ රටට ආදරේ ඇති කෙනෙක් නෙවෙයි. සිංහල නමක් තියෙන කොටියෙක් වෙන්නැති...

:       0       0

Fernando Friday, 29 September 2017 01:35 AM

එඩිතර ප්‍රකාශනයක්... ජයවේවා!!! මහ ඇමති වුණාට ආරක්ෂක ඇමති නෙවෙයිනේ... ත්‍රස්තවාදී නොවන ත්‍රස්තවාදීද?

:       0       0

disanayaka Friday, 29 September 2017 03:27 AM

රටේ ආරක්ෂාව තහවුරු කිරීමට හමුදා කඳවුරු නිසි තැන වල අනිවාර්යෙන්ම ස්ථාපිත කලයුතුයි. අපේ රටේ විතරයි දේශපාලකයන් හමුදා කඳවුරු ගැන අනවශ්‍ය අදහස් දක්වන්නේ.කිසිම රටක හමුදාව ගැන මෙහෙම හිතන්නේ නෑ... අපේ සමහර අන්තවාදී ඇමතිවරු වගේ නැහැ. රටේ ආරක්ෂාව තිබු පරිදිම ඉහළ මට්ටමින් තැබිය යුතුයි.නැතිනම් සමහර අන්තවාදීන් බොරදියේ මලු බෑමට යාමෙන් අපේ රට නැවතත් අරාජික වෙනවා.

:       0       135

vipula Friday, 29 September 2017 07:50 AM

ත්‍රස්තවාදය ඉවර කරන්න බැහැ අපි ඉවර කලේ පැවතුණු දෙයක්. නමුත් හෙට එවැනි දෙයක් පටන්ගන්න පුළුවන්. කඳවුරු තියෙන්නේ එවැනි වටපිටාවක් ඇතිවීම වලක්වන්න. ඔබතුමාට බොහොම ස්තුතියි නොබියව කළ ප්‍රකාශයට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 126 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 196 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 125 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 152 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 317 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1982 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site