IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


උතුරු මැද ‘වකුගඩු ලෙඩුන්ගෙන්’ අඩකට රෝගය නෑ

(රඹෑව මනුල වික්‍රම)

උතුරු මැද පළාතේ රෝහල්වලදී සිදුකළ පරීක්ෂණවලදී වකුගඩු රෝගය වැළඳී ඇති බවට හඳුනාගනු ලැබූ රෝගීන්ගෙන් සියයට පනහකට පමණ එම රෝගය වැළඳී නැති බව දෙවනුව සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ මහතා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

වකුගඩු රෝගය සම්බන්ධයෙන් එවැනි වැරැදි දත්ත ලැබීමට හේතුව මෙම පරීක්ෂණය සඳහා ප්‍රමිතියෙන් තොර යන්ත්‍ර භාවිත කිරීම බවද විශේෂඥ වෛද්‍යවරයා පළාත් ලේකම්වරයාට යවා ඇති ලිපියෙහි සඳහන් වේ. ජීව රසායන විශ්ලේශක යන්ත්‍ර මිලදී ගැනීමේදී තෝරාගත යුතු මාදිලිය සම්බන්ධයෙන් වසර දෙකක පමණ කාලයක සිට මිලදී ගැනීමේ කමිටුව තීරණයක් ගත නොහැකිව අවුලක පැටලී සිටින බවද එම ලිපියෙහි සඳහන් කරන විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ මහතා ගුණාත්මක භාවයෙන් ඉහළ යන්ත්‍ර මිලදී ගන්නා ලෙස තමා යෝජනා කරන බවද එහි සඳහන් කර තිබේ.

ප්‍රමිතියෙන් තොර යන්ත්‍ර භාවිත කරමින් සිදුකරන මූලික පරීක්ෂණවලදී වකුගඩු රෝගය වැළඳී ඇති බව වැරැදි ලෙස අනාවරණය වීමෙන් රෝගීන් බරපතළ මානසික කඩාවැටීමකට පත්වනබවද විශේෂඥ වෛද්‍යවරයා එම ලිපියෙන් කියා සිටී. මේ අතර විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ මහතාගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සැලසුම් වෛද්‍ය නිලධාරී ධම්මික ද සිල්වා මහතාද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හදිසි රැස්වීමක් කැඳවන්නැයි පළාත් ප්‍රධාන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ මහතාගේ ලිපියෙහි සඳහන් කරුණු සත්‍ය නම් උතුරුමැද පළාතේ වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවන බවද ඒ නිසා යන්ත්‍ර ආනයනය කරන සමාගම්වල නියෝජිතයින්, ජීව දත්ත ඉංජිනේරුවන් හා වෛද්‍යවරුන් හා අදාළ අනෙකුත් පාර්ශ්ව කැඳවා හදිසි රැස්වීමක් පවත්වන්නැයි ද වෛද්‍ය ධම්මික ද සිල්වා මහතා ප්‍රධාන ලේකම්වරයාට යවා ඇති ලිපියෙහි සඳහන් වේ. 

දැනට භාවිත කරන යන්ත්‍රවල නිවැරැදිභාවය පරීක්ෂා කිරීමට මෙතෙක් ප්‍රකාශ කර ඇති වකුගඩු රෝග පිළිබඳ දත්ත හා ප්‍රතිඵල නැවත පරීක්ෂාවට භාජන කිරීමටත් කඩිනම් පියවරක් ගත යුතු බවද ඔහු කියා සිටී.



අදහස් (7)

උතුරු මැද ‘වකුගඩු ලෙඩුන්ගෙන්’ අඩකට රෝගය නෑ

JCN Tuesday, 07 August 2018 04:49 AM

මම මේ ප්‍රයිවට් හොස්පිටල් ප්‍රමෝට් කරනවා නෙමෙයි. නමුත් ඔබ හැකි හැමවිටම ලොකු හොස්පිටල් එකකට අනුබද්ධ රසායනාගාරයකින් පරීක්ෂණ සිදු කර ගැනීමට උත්සාහ කරන්න. ආණ්ඩුවේ රෝහල් වල රසායනාගාරත් බොහෝ විට නිවැරදියි. හැම තැනම ප්‍රමිතියක් නැති රසායනාගාර ගුබ්බායම් අටවාගෙන අහිංසක මිනිස්සු හුරගෙන කනවා.

:       0       177

senaratne Tuesday, 07 August 2018 05:48 AM

මේ වකුගඩු සායන කියන ඒවා බොරු. මේ සියල්ලම කොම්පැනි කාරයන්ගේ හොර වැඩ. ඔබට වකුගඩු අමාරුනං ආයුර්වේද වෙද මහත්තයක් ලගට යන්න ඉස්සෙල්ල . දොස්ටරලා සහ ඉස්පිරිතාල සේරම කරන්නේ ගසාකෑම.

:       216       157

sanathTuesday, 07 August 2018 06:25 AM

ආයුරුවේද වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්ත වකුගඩු රෝගීන්ට අන්තිමේදී කියන්නේ ඩයලිසිස් කරලා වකුගඩු බද්ධ කරන්නේ නැතුව මේකෙන් ගොඩ එන්න බැහැ කියලයි. මං අඳුනන රෝගීන් කිහිප දෙනෙකුට ජීවිතයෙන් සමුගන්න සිදුවුණා වැරදි ආයුර්වේද ප්‍රතිකාර නිසා.

:       6       8

රැවන්Tuesday, 07 August 2018 06:44 AM

සේනාරත්න මහත්මයා ඔබතුමා දන්න හෝ ඔබතුමා පවත්වාගෙන යන වගුගඩු රෝග හඳුනා ගෙන ප්‍රතිකාර කරන ආයුර්වේද වෙද මහතෙක් ඉන්නවද? කියන්න ඒක ලොකු පිනක් ....

:       1       1

jayathWednesday, 08 August 2018 02:42 AM

ඔව් ඉස්සසෙල්ල ආයුර්වේද දොස්තර කෙනෙක් ලඟට යන්න ඊට පස්සේ එක්මනටම ලංගම තියන මිනීපෙට්ටි සාපුවට යන්න . පූර්ණ වකුගඩු අකර්මන්යතාවට පත්වෙච්ච කෙනෙක් පරිතාන කාන්දුකරණය හෝ වකුගඩු බද්ධය නොකර බේරගන්න පුළුවන් ආයුර්වේද "දොස්තර කෙනෙක් " ඉන්නවා නම් රටට කියන්න ( මොකද අපේ , අපි ආදරය කරන සංගීත ශිල්පියෙකුත් ඉන්නවා මේ "හොර " වෙද්දු ගැන විශ්වාශ කරලා තමන්ගේ වකුගඩු දෙකම විනාශ කර ගන්න . මේ කටත් අර ඩෙංගු හොඳ කරනවා කියල රටට සද්දේ දමල (පස්සේ අනාගත්ත )අර රූකඩ වලට ප්‍රසිද්ද පැත්තේ ඉන්න දොස්තර නෝනවගේ කෙනෙක් හරි ගෙන්න

:       0       0

kalani Tuesday, 07 August 2018 07:43 AM

උතුරු මැද පළාතේ රෝහල්වලට සපයා ඇති ජීව රසායන විශ්ලේෂක යන්ත්‍ර ප්‍රමතියෙන් තොර බව කියවෙයි. එම යන්ත්‍රවලින් ලබාගත් වාර්තා වැරදි කියවීම් සහිතයි. නිරෝගී මිනිසුන් රෝගීන් ලෙස හඳුන්වා දෙමින් කරන මේ අමානුෂික වැඩපිළිවෙල වහාම නතර විය යුතුය. ප්‍රමිතියෙන් යුත් ජීව රසායන විශ්ලේෂණ යන්ත්‍ර ගෙන්වා ගැනීමට කටයුතු කරන්න.

:       0       14

Chaminda Tuesday, 07 August 2018 10:41 AM

මේකත් අර තහනම් කරපු පොහොර ටික මර්කට් කරන්න කරපු මගඩියක්ද දන්නේ නැහැ පොඩ්ඩක් එකත් හොයල බලන්න. අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු සල්ලිවලට හරි හොද වැඩ කරනවා එකයි කිව්වේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 128 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 114 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 786 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 219 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 645 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site