IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


උත්සව සමයේ මිල්කෝ-හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කිරීමට උපදෙස්

උත්සව සමය සඳහා  මිල්කෝ,  හයිලන්ඩ් නිෂ්පාදන වැඩි  කිරීමට අවශ්‍ය කටයුතු සළසන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින්  උපදෙස් ලබා දී තිබේ.
 
 එමෙන්ම කිරි කර්මාන්තශාලාව වෙත ලැබෙන කිරි ප්‍රමාණය වැඩි කිරීම උදෙසා එක් රැස් කිරීම වර්ධනය කිරීමටත්,  දෛනික නිෂ්පාධිත අයිස්ක්‍රීම් හා යෝගට් ප්‍රමාණය 20,000 කින් ඉහළ දැමීමටත්  උපදෙස් ලබා දී ඇත.
 
 විදේශීය කිරිපිටි ගැටළුව සමඟ මිල්කෝ නිෂ්පාදන අලෙවිය ඉහළ ගොස් ඇති බැවින් වෙළඳපොලේ කිරිපිටි හිඟයක් මතුව තිබේ. මේ හෙයින් දෛනික කිරිපිටි නිෂ්පාදනයන් ඉහළ දැමීමේ අරමුණ වී තිබේ.
 
 දිගන මිල්කෝ කිරි නිෂ්පාදනාගාරයේදි පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා  නිලධාරීන්ට  මෙලෙස උපදෙස් ලබා දී  තිබේ.
 
 
දෛනික කිරි සැපයුම වියලි කාලගුණය සමඟ ලීටර් ලක්ෂය දක්වා අඩුවි ඇති අතර,  අඹේවෙල කිරි කර්මාන්තශාලාව සඳහා දෛනිකව කිරි ලීටර් ලක්ෂ 04ක අවශ්‍යතාවයක් පැන නැඟී  ඇතැයි එම හමුවේදී අනාවරණය වී තිබේ.
 
 එමෙන්ම කිරි එක් රැස් කිරීමේ නිලධාරීන් සඳහා මෙම මාස කිහිපය තුළදී ඉලක්කයක් ලබා දී ඇති අතර , එය සැපිරීමට කටයුතු නොකරන නිලධාරීන්ට අවශය නීතීමය පියවර ගන්නා ඉදිරියේදී ගැනීමටද නියමිතය.
 
 මෙම අවස්ථාවට මිල්කෝ සමාගමේ සභාපති කීර්ති මිහිරිපැන්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් රැසක් සහභාගී වුහ. 

(36698)

 



අදහස් (8)

උත්සව සමයේ මිල්කෝ-හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කිරීමට උපදෙස්

Sanath Kandy Tuesday, 26 March 2019 08:10 AM

එදා 2004 අනුර කුමාර සහෝදරයා කෘෂිකර්ම හා පශු සම්පත් ඇමති වෙලා ඉදිද්දී මිල්කෝ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කළා. කිරි ගොවීන්ට වසර අවසානයේ ලීටරයකට රුපියල ගණනේ අමතර බෝනස් මුදලක් ගෙව්වා. රට පුරා කිරි ගොවි ගම්මාන ඇති කළා. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගියානම් අද මේ වෙනකොට පිටරටින් කිරි ආනයනය කරන්න වුවමනා වෙන්නේ නැහැ.

:       0       0

palitha Tuesday, 26 March 2019 08:17 AM

අරින්න එපා ගේම!!, ජයවේවා!!!. බහු ජාතික සමාගම්, පිටරටින් එන දේ කන්න බොන්න බලන් ඉන්න අපේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් අපිම සපුරා ගන්න ඕනෑ. එතකොට වැඩිකල් නොගිහින් අපිට තනියම නැගිටින්න පුළුවන්...

:       0       0

Sriyal Tuesday, 26 March 2019 09:10 AM

නිලධාරීන් ට දඩුවම් නොවේ දිරි දීමනා ලබාදීම උචිත බව පුංචි මොළේ ට තේරුනේ නෑ වගේ.

:       0       101

සිරිබිරිස් Tuesday, 26 March 2019 11:01 AM

දේශීය දේ අගයකල මමත් අපේ පවුලේ අයත් පාවිච්චිකලේ හයිලන්ඩ් කිරිපිටි පමනයි. වත්මන් ඇමතිතුමා ආවට පස්සේ හයිලන්ඩ් කිරිපිටි නැති නිසා අපිට උදේට බිව් කිරි එකත් නැතිවුනා. මෙපමන දිනක් කිරි නොදුන් වැස්සියො ඔබතුමා උපදෙස් දුන්නට කිරි දෙයිද?

:       0       0

mahinda Tuesday, 26 March 2019 11:19 AM

උත්සව සමය සලකලා එළදෙනුන් වැඩි කිරි ප්‍රමාණය නිෂ්පාදනය ය කරනවාද එසේ නැතිනම් ඇමති අනුහසින් වෙනත් කටයුත්තක් සඳහා යොදාගත් කිරි මේ සඳහා යොදාගනවාද? නොඑසේ නම් ආණ්ඩුවේ හරකුන්ට උත්සව සමය නිසා කිරි එරිලාද අනේ මෙහෙමත් කතා.

:       200       157

RaveendraTuesday, 26 March 2019 12:44 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මේ නම් නියම ගවයන්ය. 225 ක් වූ ගව රෑනේ විවිධාකාර ගවයන් මෙයද හොද උදාහරණයක් නොවේද ?

:       0       0

mahinda Tuesday, 26 March 2019 11:22 AM

ලංකාවට කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද පරීක්ෂණ ආරම්භ කළේය. 2015 වසරේ සිට සිදුවූ වංචා සහ දූෂණ ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද මෙම ගනුදෙනුවට අදාළව සාක්කිකරුවන් ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. කිරි ගවයන් ගෙන්වද්දි සිදුවී ඇතැයි කියන මහා පරිමාණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ‘‘කිරි හරක් ආනයන හරක් වැඩේ‘‘ මැයෙන් ලංකාදීප සත්‍ය ගවේෂණ විශේෂාංගයකින් පසුගිය පෙබරවාරි මාසයේ අනාවරණය කළේය. මෙම අවිධිමත් ආනයනය නිසා රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවී ඇතැයි දැනගන්නට තිබේ. පළමු අධියරේ කිරි ගවයන් ගෙන්වීමට පමණක් ගිය වියදම රුපියල් කෝටි 103කට අධිකය.

:       0       0

Sanath Kandy Tuesday, 26 March 2019 12:27 PM

අනුර කුමාර දිසානායක මහතා 2004 කෘෂිකර්ම හා පශු සම්පත් ඇමති වරයා ලෙස මිල්කෝ ආයතනය ලාබ ලබන තත්වයට පත් කළා. වසර අවසානයේ කිරි ගොවීන්ට ලීටරයකට රුපියල බැගින් අමතර බෝනස් මුදලකුත් ලබා දුන්නා. රට පුරා කිරි ගොවි ගම්මාන ඇති කළා. ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක උනානම් අද අපේ රටට කිරිපිටි ආනයනය කරන්න උවමනා වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 7 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 260 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 250 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 137 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 170 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 196 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site