(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවට කඩා වැදුණු රැකියා විරහිත උපාධි ධාරීන් 400 ක පමණ පිරිසක් අද (2) පළාත් ප්‍රධාන ලේකම්වරයා ගේ කාර්යාලයට යෑමත් සමඟ උණුසුම් තත්වයක් හට ගත්තේය.
ප්‍රධාන ලේකම්වරයා හමුවට පැමිණි ඔවුන් කියා සිටියේ ප්‍රශ්නය විසඳන තුරු ඉන් ඉවත් නොවන බවයි. ලේකම්වරයාගේ කාර්යාලයට කඩා වැදුන ඔවුන් එම කාර්යාලය තුලට වෙනත් කිසිවකුට ඇතුල් විය නොහැකි පරිදි දොරගුළු දමා ලේකම් වරයා සමඟ සාකච්ඡා කලද විසදුමක් ලැබී නැත.
ප.ව.2.00 ට පමණ මේ පිළිබඳ ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කිරීමට යැයි පවසා ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.බණ්ඩාර මහතා සමග උපාධිධාරින් කීපදෙනකු ඉන් පිටත්ව ගිය අතර උද්ඝෝෂකයන් පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයතුල රැඳී සිටිනු දක්නට ලැබුණි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උපාධිධාරීහු පළාත් ලේකම්ගේ කාර්යාලයට කඩාවදිති
wedage Monday, 02 October 2017 10:29 AM
ඔය ඉන්නේ ලස්සනට ඒ සී කරපු පැසේජ් එකේ වාඩිවෙලා මොනවහරි තියෙන දෙයක් හොයල බලල කාල ඉන්න එකනේ...
mahee Monday, 02 October 2017 10:46 AM
ටික කලකට පෙර මේ සියලු දෙනා සයිටම් පෙළපාලිවල දක්කා ගෙන ගිය ජනතාවාදීන් මොකුත් සපෝට් එකක් දෙන්නේ නැද්ද ජොබ් එකක් හොයා ගන්න? සමහරවිට අනික් සංගමෙන් උදව්වක් ඉල්ලුව නම් දෙන්න ඉඩ තියෙනවා.
boru Monday, 02 October 2017 10:56 AM
කුණු එකතු කරන රස්සාවල් දුන්නා නම් හරි. වෙන දෙයක් දන්නේ නැහැ. මේ අය දක්ෂ නම් සත්ව උද්‍යානේ සතුන් බලාගන්න දෙන්න.
RaveendraMonday, 02 October 2017 02:45 PM
boru මයා වෙත, ඔබගේ අදහසට ගරු කරන අතර අප එම අදහස පිලිබදව අවංකවම කණගාටු වෙන්නෙමු. මෙහි වැරදි ඇත්තේ මෙම උපාධිදාරින් නොව පවතින අධ්‍යාපන ක්‍රමය. අද පවතින සමාජයට ගැලපෙන සහ අවශ්‍ය ආකාරයට අපගේ අධ්‍යාපන ක්‍රමය වෙනස්විය යුතු නමුත් මෙතෙක් එසේ සිදුවී නොමැත. අප විස්වාස කරනවා ඔබගේ සහෝදරියක් හෝ සහෝදරයෙක් මෙම තත්වයට පත්වී ඇත්නම් ඔබ මෙලෙස ඔවුනට නොගරහන බව.
Bimal Monday, 02 October 2017 11:50 AM
මහජන මුදලින් ඉගෙනගත්තා නම් අඩු ගානේ තමන්ගේ උත්සාහයෙන් පුද්ගලික අංශයේ රැකියා සොයා ගන්න බැරිද ? උපාධියක් කියන්නේ රජයෙන් හැමදේම අතට පයට සපයා දෙන බලපත්‍රයක් නෙවෙයි.
dhamneth Monday, 02 October 2017 12:18 PM
අන්තරයේ වීරයෝ කව්රුවත් මෙතන නැද්ද?
rocky Monday, 02 October 2017 12:42 PM
කුඹුරු වැඩ ගොවිතැන් වැඩ කරන්නන, රබර් කිරි කපන්න කැමති කවුරුවත් දැන් නැහැ. හැමෝටම ඕන වෙලා තියෙන්න ටැලිපෝන් එකට ඇඟිල්ලෙන් ඇන ඇන ඉන්න ගමන් ආණ්ඩුවේ රස්සාවල් කරන්න. මේක අධ්‍යාපන ක්‍රමයේ වරද. රටේ ඉන්න ඔක්කොටම රස්සා දුන්නත් අපට කමක් නැහැ, හැබැයි පඩි ගෙවන්නේ නැතුව!
Lal Monday, 02 October 2017 03:12 PM
ඔහොම ප්‍රශ්න විසදන්න පුලුවන්ද?
asiri Tuesday, 03 October 2017 03:25 AM
ආණ්ඩුවේ රස්සාවලට මේ තරම් පොරකන්නේ නිකන් ඉන්නද?