විනීතා එම් ගමගේ
උමා ඔය විපතට පත්වූවන් සඳහා සහන සැපයීම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ නිල්ගල වන සංහාරයට අධිකරණය මඟින් මාස හයක සිර දඬුවම් නියම වූ තැනැත්තෙකු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය චෝදනා කරයි.
කැබිනට් තීරණයක් අනුව පත් කර ඇති මෙම කාර්යාලයේ ප්‍රධානියා 1999 නිල්ගල වන සංහාරය පිළිබඳව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 322 වගන්තිය සමඟ කියැවෙන කැලෑ ආඥාපනත යටතේ බිබිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඬුවම් නියම වූ අයකු යැයි ද, ඔහුට දඬුවම අවසන් වූයේ ඉකුත් වසරේ නොවැම්බරයේ දී යැයි ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය.
මෙම පුද්ගලයා දඬුවම අවසන් වීමෙන් පසු ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්කෙරුණු අතර ඒ පිළිබඳ දූෂණ විරෝධී පෙරමුණ විසින් පළාත් ආණ්ඩුකාරවරයාට පැමිණිලි කිරීමෙන් පසු ඉල්ලා අස් වූ බවත් තෙන්නකෝන් මහතා කීය.
මෙවැනි තත්ත්වයක් යටතේ සහන කාර්යාලයේ ප්‍රධානියා ලෙස මෙවැනි පුද්ගලයෙකු පත්කිරීමෙන් උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතියෙන් අගතියතට පත් ජනතාවට සහන සැලසේ දැයි ප්‍රශ්නයක් මතුවන බව ද හෙතෙම සඳහන් කළේය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘උමා ඔය සහන කමිටුවට සිර දරඬුවම් ලැබූවෙක්‘ - කැෆේ
shan saudi Sunday, 09 July 2017 12:58 PM
නුසුදුසු දේසපාලකයින් උසස් තානාන්තරවලට පත් කිරීම පසුගිය රජයේ මෙන්ම මෛත්‍රිපාල ජනපතිතුමා යටතේද යහමින් කරගන යනබව හොඳින් පැහැදිලියි. ලෝකෙට කීවට මේ කවුරුත් ජනතාව ඉදිරියේ රඟපාන බව හොඳට පේනවා. හැමෝම ඇවිත් ඉන්නේ තමන්ගේ සාක්කුව පුරවගෙන යන්න බව පේනවා.
ධම්ම Sunday, 09 July 2017 02:26 PM
හිරේ ගිය අයටත් පාර්ලිමේන්තු යන්න පුළුවන් නම් සහන කමිටුවකට බන්දා ගත්තාම මොකද වෙන්නේ...?
ravin Monday, 10 July 2017 01:46 AM
හොරු !!! හොරු !!! බලනකොට හොරුන්ටම තමා " ආයු බෝ වේවා කියන්නේ ". හොරුන්ට නීතියත් විහිළුවක් අධිකරණයත් විහිළුවක්.
Nandalal DE SILVA - France Monday, 10 July 2017 10:46 PM
මෙවැනි වගකීමක් තිබෙන තනතුරකට පත් කරපු පුද්ගලයා ගැන කෙටි විමර්ශනයක් හෝ කර නොමැති බව මේ පුවතින් හෙළි වෙනවා. කවුද මේ අශීලාචාර පත්වීම කරේ ? " සකල සිරින් පිරි සිරි ලංකාවේ" හැර ලෝකයේ වෙන මොන රටේද හිරේ ගියපු අයටත් මෙවැනි ලොකු පත්වීම් දෙන්නේ ? මා පදිංචි මෙරටේ ඕනෑම රැකියාවක් සඳහා බඳවා ගන්නා කෙනෙකුගෙන් "පිරිසිදු" පොලිස් වාර්තාවක් ඉල්ලා සිටීමට ස්වාමියට බලයක් තිබේ. නමුත් එය හැම ස්ථානයකම ක්‍රියාත්මක කරන්නේ නැත. රජයේ හෝ වෙනත් ආයතනයක භාරදුර හෝ විශාල වගකීම් දරන සේවකයන් පමණක් මේ ලියවිල්ල අනිවාර්යයෙන්ම ඉදිරිපත් කල යුතු වෙනවා. මොකොද අපේ ශ්‍රී ලංකාවේ මෙවැනි නීති නැත්තේ ?