IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


උසස්පෙළ සිසුවිය අපයෝජනය කළැයි යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක )
 
උසස් පෙළ විභාගය නිමාවී නිවෙස බලා යමින් සිටි  සිසුවියක පැහැරගෙන ගොස්   පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්  ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කර ඇති යොවුන් පාර්ලිමේන්තු වැඩසටහනේ උතුරු පළාතේ  මන්ති‍්‍රවරයකු  අද (22)  අත්අඩංගුවට ගත් බව  පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි.
 

සැකකරු  පලෙයි ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
 
මෙම සිසුවිය විභාගට ගොස්   නැවත නිවසට නොපැමිණි බවට  සිසුවියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
 
  මුලතිව් පාසලක සිසුවියක  වන  ඇය  ඉකුත් 19 දින උසස් පොළ  විභාගය නිමවී නිවෙස බලා යමින් සිටියදී මෙම සැකකරු වෑන් රථයකින් හා යතුරු පැදි කිහිපයකින් පිරිසක් සමග පැමිණ   සිසුවිය පැහැරගෙන ගොස් පලෙයි කෑලෑ ප‍්‍රදේශයක රැයක් පුරා රඳවාගෙන අපයෝජනය කර ඇති බවට   පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත.
 
සැකකාරි මන්ති‍්‍රවරයා   පෙරේදා (20) පෙරවරුවේ මෙම සිසුවිය  මුදා හැර ඇති අතර ඇය නිවසට ගොස්  ඥාතීන් සමග පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කළ බව පොලිසිය කියයි.



අදහස් (11)

උසස්පෙළ සිසුවිය අපයෝජනය කළැයි යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී අත්අඩංගුවට

[email protected] Wednesday, 22 August 2018 06:58 AM

හොඳ අනාගතයක් තියෙන දේශපාලකයෙක්

:       0       332

KANDEPOLA Wednesday, 22 August 2018 07:03 AM

ආ දැන් හරි පුතා. ජාතික දේශපාලනයට එන්න සුදුසුකම් තියෙනවා. මේක ශ්‍රී ලංකාවනේ.

:       0       320

ඇත්ත සත්‍යපාල Wednesday, 22 August 2018 07:33 AM

වහාම 225 දෙනා වෙනුවට 226 දෙනෙක් පත්කරන පනතක් සම්මත කර ඔහුවත් පැය විසි හතරක් තුල දියවන්නාවට ගත යුතුය. ඔහුට සුදුසුම අය ඉන්නේ එතැන. හොද ඇමති කමකටත් උපරිම සුදුසුකම් අඩු වයසකින් සපුරා ඇත.

:       0       278

PrasannaWednesday, 22 August 2018 09:02 AM

මෙවැනි අය සුදුස්සන් වන්නේ ඔබගේ ඡන්දයෙන් බව අමතක නොකරන්න. වරද කාගේද?

:       1       84

Don perera Wednesday, 22 August 2018 08:15 AM

දියවන්නාවට යන්න අවශ්‍ය අවම සුදුසුකම සපුරා ඇත.

:       0       5

Hafeel Wednesday, 22 August 2018 08:28 AM

වැරදිලා හරි මේ අපරාධය ආරක්ෂක අංශ සාමාජිකයක් විසින් වෙලා තිබුණා නං, අද විජයකලා, විග්නේශ්වරන්ලා උඩ දාල කතාකරාවී.

:       6       44

රවින් Wednesday, 22 August 2018 08:36 AM

දේශපලුවෙක් නේද? ස්ත්‍රී/ළමා දුෂණයට හොඳම දඬුවම ලබා දෙන්න...... රටට ඔය නිතිය ගෙනාපු දවසට පසු මෙවැනි පුවත් අපිට අහන්න ලැබෙන එකක් නැහැ.

:       0       12

sawath Wednesday, 22 August 2018 08:50 AM

ඒ කෙනාගේ නම කියනකො රටට දැනගන්න.

:       0       18

උපුල් ගලප්පත්ති Wednesday, 22 August 2018 09:38 AM

හරි හරි... ඔබ පළමු පරීක්ෂණයෙන් සමත්... ඊලඟට පෙන්වන්න තියෙන්නෙ ඔබට හොරකම් කළ හැකිද, මිනී මැරිය හැකිද කියන පරීක්ෂනේ තමයි. ඔබ අනිවාර්යෙන් වන්නියෙන් පාර්ලිමේන්තුවට ඒමට හැකියි.

:       0       55

Jehaan Wednesday, 22 August 2018 11:05 AM

හා හා කලබල වෙන්න එපා මේ දේශපාලනයට සුදුසුකම් සපුරනවා.

:       0       12

chamuditha Wednesday, 22 August 2018 02:27 PM

රජයේ කන්තෝරු පොලිසියේ, බන්ධනාගාරේ, පාසලේ, උපකාරක පන්ති වල, බස් එකේ, කෝච්චියේ, මේ වගේ අය ඕන තරම් ඉන්නවා. ප්‍රශ්නේ අපේ රටේ නීතිය. අපි ඉතිහාසය ගැන ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වගේ සුරඟන කතා නවත්තලා අනාගතයට හරියන නීති හදලා ඉස්සරහට යමු නැත්නම් සිංගප්පුරු ගිවිසුම නැති උනත් අනාගතයේ අපිට කන්න වෙන්නේ ඉන්දියාවේ චීනයේ කුණු තමයි. ඉන්දියන් සාගරයේ සෝමාලියාව කියලා නමත් වෙනස් වෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 519 1

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 244 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 162 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 809 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 401 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 400 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 518 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 250 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site