IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


උසස් පෙළ සිසුන්ට ටැබ් දීම අත්හිටුවයි

අජන්ත කුමාර අගලකඩ
 
පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමේ වැඩසටහන කැබිනට් මණ්ඩලය විසින් අද (20) අත්හිටවනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ටැබ් පරිගණක මිලදී ගැනීම සඳහා කැඳවා ඇති ටෙන්ඩර්වල පවතින ගැටලු සහගත තත්ත්වය සහ එම වැඩසටහනට වැය කිරිමට රජයේ අරමුදල් යෙදවීම සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

පාසල්වල උසස් පෙළ හදාරණ සිසුන්ට ලබාදීම සඳහා ටැබ් පරිගණක මිලදී ගැනීමේ යෝජනාව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්  මහතා විසින් ඉදිරිපත් කර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේ දී අදාළ යෝජනාව සාකච්ඡා වී ඇති අතර එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කරුණු 4 ක් එකතු කළ බව වාර්තා වේ.

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදිම ප්‍රයෝජනවත්ද? සිසුන්ට ටැබ් පරිගණක ලබාදිම වෙනුවට නවීන පන්ති කාමර සකස් කිරිම ටෙන්ඩර් අවුල සහ රජයේ අරමුදල් ටැබ් පරිගණක මිලදී ගැනීමට වඩා අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් වැය කිරිමට තිබිම යන කාරණා ජනාධිපතිවරයා විසින් එහිදී  මතු කරන ලදැයි දැනගන්නට තිබේ.



අදහස් (16)

උසස් පෙළ සිසුන්ට ටැබ් දීම අත්හිටුවයි

upali Tuesday, 20 February 2018 11:39 AM

චන්ද ප්‍රතිපල ඔය එන්නේ...!!!!

:       0       0

susantha Tuesday, 20 February 2018 11:42 AM

ළමුන්ගේ තර්කානුකූල දැනුම වර්දනයවීම මේ තුලින් බලාපොරොත්තු විය නොහෙක ළමුන් යන්ත්රිකවීම සිවුවී ජනපති තීරණය good

:       0       0

himal Tuesday, 20 February 2018 11:44 AM

මේක මේ ජනපතිවරයා ගැලරිය පිනවන්න කරන බොලඳ වැඩ. දැන්ද දැනගෙන තියෙන්නේ ටැබ් දෙන්න යනවා කියලා. අඩුම තරමේ මේ යෝජනාව අය වැයට ගෙනාව වෙලේ හරි එරෙහි වුනා නම් මේ කියන දේ පිළිගන්න තිබ්බා. ටැබ් දෙන්න එපා කියනවා නම්. ඒ සල්ලි වලින් හරියටම කරන්න යන්නේ මොකක්ද කියලා කියන්න ඕන. නවීන පන්ති කාමර හදනවා කියන්නේ නිශ්චිත දෙයක් නෙවෙයි. කොහොම නවීකරණය කරනවද?මොන පාසැල්ද නවීකරණය කරන්නේ? ඒවත් කියන්න ඕන.

:       0       0

සතයපාල Tuesday, 20 February 2018 01:16 PM

මේ වගේ විකාර යෝජනා මුලදීම නැවැත්තුවා නම් යහාපාලන ආණ්ඩුවට තව ඡන්ද ටිකක් ගන්න තිබුණා. එදා වේල කන්න නැති ළමයි ඉන්න රටකට ටැබ් දෙනවටා වඩා කරන්න තව කොපමණ දේ තිබෙනවාද පාසැල් වලට අවශය ගුරුවරු,ඩෙස් බංකූ,පංති කාමර,විදයාගාර,පුස්ථකාල වැනී දේ පමණක් නොවේ වැසිකිළි හා පානීය ජලය වැනී අතයවශය පහසුකම් නැති පාසල් විශාල ප්රමානයක් තියන රටක ලමයින්ට ටැබ් පමණක් ලබා දීමෙන් පාලකයන් බලාපොරොත්තු වෙනනේ මොනවගේ ප්‍රතිපලද කියලා හිතා ගන්න බැහෑ.

:       0       0

සඳුන් Tuesday, 20 February 2018 01:24 PM

දැනට අවුරුදු දෙකකට පමණ පෙර අයවැයකින් පාරම්බෑ යහපාලන ජවනිකාවේ ප්‍රධාන අංගයක් මේක. දැනුයි ටැබ් ඕනෙද නැද්ද තීරණය කරන්නෙ. දැන් යහපාලන නැටුම නැටිල්ලකුත් නෑ බෙරේ පලු දෙකත් නෑ. මෙහෙමත් කුජීත ආණ්ඩුවක් !

:       0       0

pakeer Tuesday, 20 February 2018 02:37 PM

යාන්තම් ඇති ඒ මගඩිය නැවතුණා. ජේවීපී එකටවත් මොලයක් නැති වුණාද මේවට මුල දීම විරුද්ධ වෙන්න. මම හොඳට දන්නවා මේක ගැන. පරාද වෙච්ච ටෙන්ඩර් එක, ටෙන්ඩර් නීති උල්ලංඝනය කරලා තමයි ඒ අදාළ සමාගමට දෙන්න ගියේ. මම දන්නා විදිහට දෙවැනි සැරේ ඒ සමාගම ඇතුලට රිංගුවේ බිලියන 0.6 ක් අඩු කරලා. ඒ පැත්තට අමතරව මේ මගඩියේ අනිත් පැත්ත තමයි, මේ ටැබ් කැඩුණාම ඒවා නැවත හදලා ඒ අදාළ ළමයට ලැබෙන පිළිවෙල. ඊට අමතරව, ඒ ළමයාගේ අතින් ටැබ් එක වැටිලා කැඩුණොත් අදාළ සමාගම වොරන්ට් දෙන්නේ නැහැ. එතකොට ඒ පාඩුව කවුද දරන්නේ? ඉන් පස්සේ ඒ ළමයා පාසල් යාම නවත්තනවද? ඔය ලබා දෙන ටැබ් ලක්ෂ දෙකෙන් අඩුගානේ 50000 ක් එක පාර ඉන්ටර්නෙට් ලොග් වුණොත් එ්ක දරාගන්න බැහැ. මම ඔය කිව්වේ ඉතාම සුළු දේවල් ටිකක් විතරයි. මට හරි දුකයි අපේ රටේ උගත් මෝඩයෝ ගැන. මෙතන වෙන්න ගියේ ජාතික එමෙන්ම, දූ දරුවෝ නොමග යවන අධ්‍යාපනය කඩා කප්පල් වෙන වැඩක්. යන්තම් නැවතුණා. හැබැයි කවදා හරි මේ ටැබ් වැඩේ යේ ගේනකොට කරුණා කරලා..මේ ටැබ් වල පශ්චාත් සේවය ගැන හොඳින් දැන ගන්න.

:       0       0

chandada dayaka Tuesday, 20 February 2018 04:46 PM

ඡන්දය නොදුන්නට පලි ගන්න හොද නෑ හොදේ ,

:       0       0

danru Tuesday, 20 February 2018 04:52 PM

උසස් පෙළ තොරතුරු තාක්ෂනය කරන (අයි ටි ) දුප්පත් සිසුන්ට මරු පහරක්. ළමයා ජාතියේ පියා කියනවා. කලින් සිටි ජනාධිපතිවරුනම් කිවේ දරුවන්ට අවශ්‍ය දෙය හොදම දෙය දෙනවා කියා.

:       0       0

Dinesh Tuesday, 20 February 2018 09:25 PM

google බැලුන ව්‍යාපෘතිය කෑවා වගේ මේකත් කෑවා එහෙනම්. නොමිලේ වයි ෆයි දෙන්න තිබ්බ සංඛ්‍යාත වික්කනේ. මේකත් කඩාකප්පල් කරලා ළමයින්ට තාක්ෂනය නොදී මෝඩයෝ කරන්නද කල්පනාව. මැතිවරණයක් ආවම මිනිස්සු බලාගනීවි.

:       1       0

චන්දන Tuesday, 20 February 2018 11:21 PM

යූඑන්පී ඇමතිවරැන් මේ ව්‍යාප්‍රතියට කැමති නම් විරෝධය පලකරන්න තිබුනේ කැබිනට් එකේ. පාරට ඇවිල්ල මිනිස්සු ඉස්සරහ බොරු කෑගැහිලි බෑ. මෙවැනි ප්‍රශ්න යහපාලන අසාර්ථකත්වයට තවත් හේතුවක්. තවදුරටත් ඡන්ද පදනම දෙදරණු ඇතිබව අනිවාර්යයි.

:       0       17

ජනිත් Tuesday, 20 February 2018 11:45 PM

ඔය ටැබ් ඉතිහාසය ටිකක් මතක් කරගත්තොත් හොඳයි. මැති ඇමතිල ලොකු පර්මිට් එකක් අනුමත කරගෙන ඊගාව අයවැයේ විශාල බදුබරක් ජනතාවට ගහන ගමන් ඒ දෝෂ සමනය කරන්න මහාපරිමාණීය ව්‍යාපෘතියක් ලෙසයි ඕක කරලියට එන්නෙ. යූඇන්පී ඇමතිවරැ ඊයේ කැබිනට් එකේ පූසෝවාගේ හිටියට පාර්ලිමේන්තුවේදී ටැබ් දෙන එක ගැන ගහපු පම්පෝරි අමතක කලයුතු නෑ. මේ මහජනතාව ගෙනාට ඇන්දවීමේ යහපාලන කලාවක්. ජනමාධ්‍යමගින් මේවා සවිස්තරාත්මකව එලිදැක්විය යුතුයි. තරැණ ඡන්ද තවත් නැති කරගත්තොත් යූඑන්පී ඡන්ද පදනම තවත් දෙදරයි.

:       0       15

dilshan Wednesday, 21 February 2018 01:38 AM

හොඳ තීරණයක් මිට වැඩ අද්‍යාපනය වෙනුවෙන් කරන්න වැඩ තියෙනවා

:       4       0

Pradeep Liyanage Wednesday, 21 February 2018 02:15 AM

ඒ ටිකවත් තේරුන එක ලොකු දෙයක්. ගොඩක් ග්‍රාමීය පාසල් වලට හරියට ගොඩනැගිලි, ඩෙස් බංකු වත් නෑ. සමහර විෂයන් වලට අදාල ගුරුවරු නෑ. ටැබ් බෙදනවා වගේ අමන තීරණ ගන්න කලින් ඔය මහත්වරු කොලබින් පිට ග්‍රාමීය පාසල් වල සංචාරයක් කරනවානම් වටිනවා. එතකොටවත් යථාර්තය වැටහෙයි.

:       0       8

Aluthgama A.Samathasena. Wednesday, 21 February 2018 03:52 AM

මේකෙට හේතුව මේකනේ, ඔබතුමා ප්‍රසිද්දියේ සිරිසේන මහතාව විවේචනය කරනවානේ. ඒවාට කැපිලි තමයි මේ එන්නේ.

:       0       0

Aluthgama A. Samathasena. Wednesday, 21 February 2018 04:54 AM

ටැබ් දීමෙන් පසල් දරුවන්ට වඩා උසස් ලෙස අධ්‍යාපන කටුතුවල නියැලෙන්නට අවස්ථාව ලැබුණා. ඒක නැවත්වීම නොකළ යුතුව තිබුණා.

:       1       2

Ruwan Wednesday, 21 February 2018 06:38 AM

ටැබ් දීලා බෑ අලුත් ඇමතිලට පර්මිට් දෙන්න ඕනනේ

:       0       211

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 18 0

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 96 0

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 341 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 230 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 213 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 180 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site