ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක , එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ අපේක්ෂකත්වය තහවුරු කිරිම සදහා වන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි.
‘පරිවර්තනයක ඇරැඹුම‘ මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ 73 වැනි සමුළුව, එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පැවැත්වෙයි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති. එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝද රැසක් මෙම සම්මේලනයට එක්ව සිටිති.
(36698)
(ඡායාරූප -ළහිරු හර්ෂණ)
මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.
නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්
වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
එජාප විශේෂ සම්මේලනය ඇරැඹේ
Ranil Thursday, 03 October 2019 05:38 AM
ප්‍රේමදාස යුගයක්ලු නොවැ ළඟළඟ එනවා කියන්නේ... අපේ තරුණ මල්ලිලා නංගිලා ඉක්මනට පරණ ටයර් එකතුකරන ව්‍යාපාර පටන්ගන්න. ප්‍රේමදාස යුගය පටන්ගත්තාම පරණ ටයර්වලට හොඳ මිලක් එයි. ඔයාලා පරණ ටයර් ආණ්ඩුවට විකුණලා පෝසත් වුණාම උපදෙස් දීපු මාව අමතක කරන්න එපා.
sarathThursday, 03 October 2019 07:00 AM
රනිල් ගොන් කතා කියන්න එපා.. සජිත් නෙවෙයි කවුරු ආවත් ඒ වගේ වෙන්නේ නෑ. ඕකත් හරියට විදුලි පුටුව වගේ..
RanilThursday, 03 October 2019 07:55 AM
හරි සරත්, ඔයා කියන්නේ පරණ ටයර් වලට මිලක් එන්නේ නෑ කියලනේ. බලමු කවුද හරි කියල? මටනම් ෂුවර් තාත්තට ඉවර කරන්න බැරිඋන ටික පුතා කරයි කියල. මට හිතෙන්නේ ඔයා 1988-89 කාලෙට පස්සේ ඉපදුන කෙනෙක් වගේ.
VajiraThursday, 03 October 2019 07:01 AM
අපිට ටයරුත් එපා. සුදු වෑනුත් එපා. අවුරුදු 71ක අදූරදර්ශී ගමන්මග වෙනස් කරලා රට ගොඩනගන වැඩපිළිවෙලක් ඇති ජනතා බලයක් මෙවර දිනවමු.
කණ්ඩම්බි Thursday, 03 October 2019 08:37 AM
ඕවා වෙන දේවල් නෙවෙයි. මට ඕනා හොරෙන් හරි වෙන රටකට යන්න.
Rasika Pradeep Thursday, 03 October 2019 06:40 AM
මේ අවුරුදු හතරේ කරපු පරිවර්තනේ හොඳටම ඇති මේ රටට. මේ පාර මොන වගේ පරිවර්තනේකටද දන්නේ නැහැ අර අඳින්නේ. මේ පාර වරද්ද ගත්තොත් අපිට රටක් විදියට හිඟාකන්න තමයි වෙන්නේ. මේ පාරත් සජිත්ගේ ලේබලේ ගහලා ගේන්නෙත් රනිල්ම තමයි.
වීරවිජේ Thursday, 03 October 2019 07:01 AM
හෙනම ගහපං කාලකන්නි ත්‍රස්තවාදී, මිනීමරු පක්ෂයට
athuraThursday, 03 October 2019 07:31 AM
මෙන්න මෙහෙම අදහස් දරන මෝඩකමට උපන් හපන් අය තමයි පොහොට්ටුව වටේ ඉන්නේ...
GobbayaThursday, 03 October 2019 08:25 AM
ඔයා වගේද?
DilanThursday, 03 October 2019 08:46 AM
ඔබතුමා කියන්නේ පාස්කු දින ප්‍රහාරය ආණ්ඩුව දැනගෙන ජනතාවගෙන් වසන් කළේ නෑ කියලද? ඊට සම්බන්ධ වූවන් නීතියෙන් වසන් කළේ නෑ කියලද ?
Nishantha Thursday, 03 October 2019 07:13 AM
දුප්පතාගේ හිතවතාට ජයවේවා...!!!
Rasika PradeepThursday, 03 October 2019 10:45 AM
දැන් ලෝකෙම ණය දෙන රටවල් ටික එකතුකරලා ණය අරගෙන දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙයි නේද ?.
NishanthaThursday, 03 October 2019 04:24 PM
අනෙක් අය කරෙත් ණය දෙන රටවල් ලං කරගෙන ණය ගත්තු එකනේ. හැබැයි දුප්පත් මිනිස්සුන්ට බෙදල දුන්නේ නැහැ ඒගොල්ලෝ ගොඩගහ ගත්තනේ නේද
saleeth Thursday, 03 October 2019 08:10 AM
අනිවාර්යෙන්ම සජිත් තමයි ජනාධිපති. ඒක කාටවත් නවත්තන්න බැහැ.
NissankaThursday, 03 October 2019 08:30 AM
මෙතනම තිබුන ජවිපෙ වෘත්තීය සමිති සම්මේලනයටත් මීට වඩා සෙනග හිටියා
Maaraya Thursday, 03 October 2019 08:45 AM
පක්ෂය තුල කුලල් කන අය එළියේ නටන්න පටන්ගන්නේ අද ඉඳල. සජිත් ව පරද්දන්න කට්ටියකුත් ඇතුළෙන්ම වැඩ. ඒ කියන්නේ සජිත් දිනන එක කොහෙත්ම වෙන්නේ නැහැ.
ආන්ජලෝ නුගාරා Thursday, 03 October 2019 08:48 AM
අවුල තියෙන්නේ අපෙක්සක කම ස්තීර උනාම පසුව එන එකගතා හෝ කොන්දේසි. රනිල් ඉදිරියටත් පක්ෂ නායකයා, අගමැතිගේ එකගතා මත ජනාධිපති රට පාලනය කිරිම. ඒ අවුලට පසුව තියෙනවා නයකත්ව මංඩලයක්. රාජිත, පා.ච.රණවක, හකිම්, බදුදීන්, මනෝ, දිගම්බරම්, දෙමළ සංධානය.
isurandi Thursday, 03 October 2019 08:54 AM
මට මේ ප්‍රවුර්තිය දකිද්දී එකපාරටම මතක් උනේ අර බ්ලෙස්ලට් යුගයයි , ඩෙනිම් යුගයයි
යාපා Thursday, 03 October 2019 09:07 AM
බැංකු හොරුන්,නිදන් හොරුන්,ඇත් දළ හොරුන්,අන්තවාදීන්,මිනීමරුවන්,කුඩුකාරයන් එකම වේදිකාවේ.
වීරවිජේ Thursday, 03 October 2019 09:49 AM
තාමත් මේ කාලකන්නි පක්ෂයට කඩේ යන ඡන්දෙ දෙන හැතිකරේ ඉන්නවනේ...
rohan Thursday, 03 October 2019 11:40 AM
රනිල්, සජිත්, අකිල, රවී සමග තිස්ස සහ බාකිර් මාකර් එක්වීම එ.ජා.පෙ. අති විශිෂ්ඨ ජයක් නියතයි.. 1977 වගේ.
anura Friday, 04 October 2019 05:20 AM
පවුල් පාලනය ගැන කෑ මොර ගසන අයත් තාත්තගෙන් පුතාට ප්‍රතිපත්තිය අනුගමනය කරන්න සූදානම් වෙමින් සිටින්නේ. එසේ නොවේ යයි කියනවා නම් එය උඩ බලාගෙන කෙළගැසීමක් හා සමානයි.
රොහාන් දයාදර පැරිස් Friday, 04 October 2019 06:11 AM
මේ තමයි ශ්‍රී ලංකාවේ පීඩිත ජනයා ගේ දෙවෙනි ගැලවුම් කරු කියා මට හැගේ... මේක ඔහුට මම ජය නොපතමි අපේ මවු බිමේ දුප්පත් දුක්විදින දුගී පීඩිත ජනතාවට ජයවේවා සුභ අනාගතයක් වේවා කියා පතමි . රොහාන් දයාදර පැරිස්
iraan Friday, 04 October 2019 06:13 AM
පීඩිත පන්තියේ ජන නායකයාට තෙරුවන් සරණයි