(දසුන් රාජපක්ෂ)
වැලිකඩ බන්ධනාගාරයේ හිටපු කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට කර ඇති පැමිණිල්ලට අදාළව යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරියක ඇතුළු තිදෙනෙකු වගඋත්තරකරුවන් ලෙස එම ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් අද (11) නම් කරනු ලැබ සිටියේය.
එලෙස වගඋත්තරකරුවන් ලෙස නම් කෙරුණේ හිටපු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ , අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පත් පූජිත් ජයසුන්දර සහ සහකාර බන්ධනාගාර කොමසාරිස් ධම්මිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් තිදෙනාය.
එමිල් රංජන් ළමාහේවා මහතා වෙනුවෙන් ජනාධිපති කොමිසම හමුවේ කරුණු දැක්වූ නීතිඥ චමින්ද ප්‍රනාන්දු මහතා කළ දැනුම් දීමක් කෙරෙහි අවධානය යොමුකළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එම නම් කිරීම් කර සිටියේය.
වැලිකඩ බන්ධනාගාරය තුළ 2012 නොවැම්බර් 10 වැනි දින සිදුවූ කැරැල්ලට සම්බන්ධ සිරකරුවන් ඝාතනය කිරීමට එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා නියෝග කළ බවට බොරු සාක්ෂි ඉදිරිපත් නොකිරීම නිසා තමන්ව අත්අඩංගුවට ගෙන වසරක් සිරබාරයේ තැබීම සහ සිය සුදුසුකම්වලට අදාළව උසස්වීම් ලබානොදී සිටීම හරහා යහපාලන ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින් තමාගෙන් දේශපාලනිකව පලිගෙන ඇති බව සඳහන් කර එමිල් රංජන් ළමාහේවා මහතා මෙම පැමිණිල්ල මගින් ජනාධිපති කොමිසමට දැනුම් දී තිබුණි.
එම පැමිණිල්ල ජනාධිපති කොමිසම හමුවේ අද (11) යළි කැඳවු අවස්ථාවේ එමිල් රංජන් ළමාහේවා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ චමින්ද ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් තලතා අතුකෝරළ , පූජිත් ජයසුන්දර සහ ධම්මිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටියේය.
මේ වනවිට ජනාධිපති කොමිසම බාරයේ ඇති වැලිකඩ ඝාතන සිද්ධිය අළලා කසුන් පුස්සවැල්ල මාධ්‍යවේදියා ලියූ ‘‘වැලිකඩ‘‘ කෘතිය තම සේවාදායකයාට මුදා හරින ලෙසද නීතිඥ චමින්ද ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අවශ්‍ය විටෙක කොමිසමට ලබාගැනීමට හැකිවන පරිදි “වැලිකඩ“ කෘතිය එමිල් රංජන් ළමාහේවා මහතාට මුදාහරින ලෙස නියම කර මෙම පැමිණිල්ල ලබන 24 වැනි දින යළි කැඳවීමට නියම කළේය.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
එමිල් රන්ජන්ගෙන් දේශපාලන පළිගැනීම් ගැන තිදෙනෙකුට චෝදනා