IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


එස්බී අස්ගිරි මහ නාහිමියන්ගෙන් සමාව ගනී

(විනීතා එම් ගමගේ)

සමාජ සවි බල ගැන්වීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා අස්ගිරි මහ නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයෙන් අද (21) පෙරවරුවේ සමාව ඉල්ලා සිටියේය.

තමන් ගැන උන් වහන්සේලාගේ කළකිරීමක් ඇත්නම් ඒ ගැන කනගාටුව පළකරමින්ම සමාව ඉල්ලා සිටින බව අමාත්‍යවරයා කීවේය.

අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රමුඛ සංඝ සභාව රැස්වී ඊයේ (21) කර ඇති විශේෂ ප‍්‍රකාශයේ ඇතැම් කරුණු තමන්ට එල්ල කර ඇති බවක් පෙනී  යන බැවින් මෙසේ සමාව ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.

මහ නායක හිමියන් තමන්ට චෝදනා කරන්නේ ඥානසාර හිමියන්ගේ නම පමණක් පාවිච්චි කිරීම හා ගරු සරු නැතිව කථා කිරීම ගැන යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

කෙසේ වෙතත් පසුගිය සමයේ ඥානසාර හිමියන්ගේ විදේශවල හා මෙරට දී පෙන්වූ හැසිරීම් ගැන සිහිපත් කරද්දී ඒවා නිසා උන් වහන්සේට තිබු ගෞරවය අඩු වූ බව කිව යුතු යැයි ද දිසානායක මහතා කීවේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සමාජ සවිබල තැන්වීම් හා සමාජ සුභසාධන අමාත්‍යංශයේ අද(21) පැවැති මාධ්‍ය හමුවක දීය.



අදහස් (16)

එස්බී අස්ගිරි මහ නාහිමියන්ගෙන් සමාව ගනී

thilina Wednesday, 21 June 2017 09:22 AM

උන්වහන්සේගේ හැසීරීම හෝ ක්‍රියාව තමන්ගේ රට ජාතිය වෙනුවෙන්.. ඒක අත්තෙන් අත්තට පනින රට, ජාතිය ගැන හැඟීමක් නැති, තමන්ගේ වාසිය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන දේශපාලකයකුට තීරණය කරන්න අයිතියක් නැහැ.

:       1154       3137

nuwan kalupahana Wednesday, 21 June 2017 10:11 AM

ඒක හොඳයි... එහෙම තමයි වෙන්න ඕනේ. සාදු සාදු !!!

:       4       64

amali Wednesday, 21 June 2017 10:21 AM

මොනවට කියනවද? මේ හාමුදුරුවන්ට හැසිරීම ගැන කියන්නේ.... කොහොමද මේවට හිනාවෙන්නේ?

:       88       9

Nandalal DE SILVA - France Wednesday, 21 June 2017 10:50 AM

මේ පුවත දැක්කම මේ රටේ පදිංචි මට, මෙහේ නිතර කියන කතාවක් මතක් වුණා. "යම් වචනයක් කටින් පිටකරන්න පෙර දිව කට ඇතුලේ හත්වරක් පෙරලන්න" කියලා ! ඕක ශ්‍රී ලංකා ජනවහරෙත් තියෙනවද කියන්න මම දන්නේ නැහැ. එස්.බී. මහත්තයාට ඒක කරන්න අමතක වුණා වගෙයි !!!

:       1       236

banda Wednesday, 21 June 2017 10:56 AM

පැරදිලාවත් ගෙදර ඉන්න ඕනේ.. ඒක තමයි හොඳම වැඩේ..

:       1       137

husen mohamad Wednesday, 21 June 2017 10:57 AM

අන්‍යාගමිකයින් එක්ක සාමයෙන් සහ සමාදානයෙන් ජීවත්වෙන්න ඉඩක් නැද්ද.? අනුන් තලා පෙලා, භේද බින්න කරගෙන සහ බය කරගෙන ඉන්න කියලද තියෙන්නේ ..? එතකොට එක ආගමක් වෙන්න බැහැනේ. එ්කෙන්ම තේරෙනවා මහපුටුවල ඉන්න උදවියගේ මානසිකත්වය....

:       533       18

K Perera Wednesday, 21 June 2017 11:59 AM

ලොකුම වැරැද්ද, මහ ඡන්දයෙන් පැරදුණත් ඇමතිකමක් ලැබුණු එක... මේ වාගේ විශ්මිත වැඩ මෙහෙ පමණි හොඳේ...!!!

:       1       55

ravin Wednesday, 21 June 2017 12:49 PM

මේ සිදුවීමට ගරුතර පුජ්‍ය පක්ෂය කම්පා විය යුතු නැහැ. එළඹෙන අවස්ථාවලදී මහජනයා දැනුවත් කළාම මේ වගේ උදවිය පාඩම් ඉගෙනගනිවී...

:       3       40

K PereraWednesday, 21 June 2017 01:31 PM

රවින්! පාඩම් ඉගෙන ගනිවී නොවේ,.. පසුගිය මහා මැතිවරණයේ උඩුනුවර ජනතාව නම් හොඳ පාඩමක් ඉගැන්නුවා, එ්ත් මේ ආණ්ඩුවේ තිබෙන දුර්වලතා මැනවින් ඔප්පු කෙරුවා.

:       0       60

nihal Wednesday, 21 June 2017 01:28 PM

සමාජ සවිබල ගැන්වීම, සුභසාධන.. වෙනකොට මහන්සිවෙලා කරපු වැඩවලට මොකද වෙන්නේ... ?

:       0       6

nanda Wednesday, 21 June 2017 03:52 PM

අනිකුත් නම් සඳහන් අය නිහඬව ඉදිද්දී ඔබ කඩිනමින් සමාව ඉල්ලීම ගැන අපගේ ප්‍රණාමය..!!! ඉදිරියේදී කතාවේදී හැකිතරම් ප්‍රවේසම් වන්න.

:       0       7

ජීවීඩී.තිලකසිරි Wednesday, 21 June 2017 04:31 PM

දැනට පෙනෙන්නේ සයිටම් සිසු අරගල හා කුණු පාරට ගෙනවිත් දැමීමේ අහිංසක විරෝධතාවන්ය. එය පොලිස් ප්‍රහාරයෙන් හෝ නඩු දැමීමෙන් නැවැත්වීමක් සිදු නොවේ. එ් නිසා මතුවිය හැකි අනතුර කොටි ත්‍රස්තවාදයට වඩා උත්සන්න විය හැකිය. අප රටේ ව්‍යාපාරික පදනම පළුදු වන තරමට අාර්ථිකය පළුදු වේ. අාර්ථිකය පළුදු වන තරමට ජන ජීවිතය පළුදු වේ. ගැමි කෘෂි අාර්ථිකය බිඳ දැමීම කුණාටුවක් ලෙස හමා එන්නේ නගරයේ ව්‍යාපාරික දේපළ වනසන රෞද්‍රත්වයක් ලෙසය. ප්‍රජාතන්ත්‍රය මැඩගෙන යහපාලනයක් හෝ රට වැසියා එක්සත්ව තබා ගැනීමේ සීමාවන් රටවැසියා ක්‍රියාත්මක වීමට පෙර පාලකයින්ට වැටහිය යුතුය.

:       0       0

siri Wednesday, 21 June 2017 07:43 PM

මෙයා හැමදාමත් කලේ "උඩ බලාගෙන කෙල ගහ ගත්ත එකනේ"

:       1       9

jayasekara Thursday, 22 June 2017 05:39 AM

සුද්දගේ කාලෙදිත් රට වෙනුවෙන් ඔයිට වඩා දරුණුවට වාග් ප්‍රකාශ එල්ල කරපු වීර සිංහල බෞද්ධ භික්ශූන්වහංසෙලා හිටිය...උන්වහන්සේලා නිසයි අපිට රටක් ඉතිරි උනේ... "ඝාන්ටාරේ සද්දේ ගෙන හොයන්නේ නැතිව ...ඝාන්ටාරේ ගහන හේතුව හොයන්න....."

:       0       34

roshan Dayarathne Monday, 26 June 2017 06:10 AM

අපේ සමහර හාමුදුරුවරුන්ට බුදු දහම අමතකවිම නම් ජාතියේ අවාසනාව​ක්ම තමයි...

:       0       1

pradeep Monday, 26 June 2017 09:19 AM

අන්‍යාගමිකයින් එක්ක සාමයෙන් සහ සමාදානයෙන් ජීවත්වෙන්න ඉඩක් නැද්ද.? අනුන් තලා පෙලා, භේද බින්න කරගෙන සහ බය කරගෙන ඉන්න කියලද තියෙන්නේ ..? එතකොට එක ආගමක් වෙන්න බැහැනේ. එ්කෙන්ම තේරෙනවා මහපුටුවල ඉන්න උදවියගේ මානසිකත්වය....

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 494 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1723 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site