IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඒකදන්තයා හොරෙන්ම පුරුදු කැලේට යයි

අමල් වික්‍රමරත්න


ගලිගමුව අලි සුරැකුම් මධ්‍යස්ථානයේ රදවා සිටි ඒක දන්ත හස්තියා නැවතත් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිය වාසභූමිය වූ ගලිගමුව වැව් රක්ෂිතයටම පැමිණ සිටියදී සොයාගෙන ඇත.


මීට ඉහත දී කිලෝ මීටර 243 ඈතින් පිහිටි සෝමාවතී වනයට ගෙනගොස් දැමු ඒකදන්ත හස්තියා කිහිප දිනකින් නැවතත් ගලිගමුව ප්‍රදේශයටම පැමිණි අතර නැවත වතාවක් කිලෝමීටර 112 ඈතින් තිබෙන ගලිගමුව අලි සුරැකුම් මධ්‍යස්ථානයේ රදවාතිබුනද  එම ස්තානයෙන් නැවතත් ඒකදන්ත හස්තියාගේ වාසභූමිය වූ ගලිගමුව ටම පැමිණීම සිදු විය.


පසුගිය දිනවල අතුරුදන්ව සිටි ඒකදන්ත හස්ථියා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලීසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී  (22) ඊයේ රාත්‍රියේ හමුවූ බව වනජීවි හා තිරසර සංවර්ධන අමාත්‍යා ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසු අතර ඒකදන්ත හස්තියාගේ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව අමාත්‍යවරයා එහිදි පැවසීය.

 



අදහස් (10)

ඒකදන්තයා හොරෙන්ම පුරුදු කැලේට යයි

thusha Saturday, 23 December 2017 10:46 AM

පව් මේ හස්තියා.! තමන්ට හුරු පුරුදු රාජධානියෙන් බැහැරව, කෙසේ නම් සතුටෙන් දිවි ගෙවන්නද.? වගකිව යුත්තනි,මේ ඒකදන්ත හස්තියාගේ ආරක්ෂාව ගැන සලකා බලනු මැනවි....

:       0       43

RaveendraSaturday, 23 December 2017 02:23 PM

thusha මය වෙත, ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකග වන්නෙමු. නමුත් වගකිව යුත්තන්ට වගේ වගක් නැතිබවනම් ස්ථිර බැවින් මෙම " ඇත්හාමිට ග්‍රාම සේවකගෙන් චරිත සහතික " ගන්න යන්න එපා කියමු.

:       0       0

Appuhami Saturday, 23 December 2017 10:48 AM

බුදු සද්දන්තයෝ ග්‍රාමසේවකලාගෙන් පරිස්සම් වෙන්න... ඔය දළෙනුත් සුර හදයි.

:       0       42

indika Gampaha Saturday, 23 December 2017 11:45 AM

ජයවේවා! ජයවේවා! ඔන්න ඔහොම තමයි වෙන්න ඕනෑ. අපි දන්නවා පුතා ඔයා ආපහු ගමට එන බව. තියෙන දත පරිස්සම් කරගන්න. ප්‍රවේසමෙන් ඉන්න. වනජීවී එකට අවබෝධයක් නැහැ ඔයාලගේ හැසිරීම ගැන එයාලා දන්නේ එයාලගේ රස්සාව ආරක්ෂා කරගන්න විතරයි. අසාර්ථක විසඳුම් දෙන්න තමයි දේශපාලකයෝ දන්නේ... ඔයාලට ඉතින් එයාලගෙන්අබ සරණයි. ඒ වුණාට අපි ඔයාලට තිසරණ සරණ පතනවා.

:       0       135

sampath Saturday, 23 December 2017 12:07 PM

ඔය සතා ගේන්න තීරණය කරපු අය ගලිගමුවේ හිටියොත් සතා එයාලා කියන තැන ඉඳීවි...

:       0       6

banda Saturday, 23 December 2017 12:08 PM

මේ සතා කැලේට දැම්මා නම් තව බොහෝ කාලයක් ජිවත් වේවි...

:       3       10

emerson Saturday, 23 December 2017 03:53 PM

මේ සතාව ඉන්න තැන මාරු කරන්න ඕන නම් ලංකාවේ දේශපාලන පක්ෂයකට සම්බන්ද කරන්න. සතා ඉක්මනටම පුරුදු වෙයි ඉන්න තැන මාරු කරන හැටි..

:       0       0

Silva Sunday, 24 December 2017 04:20 AM

ඔය සතාව නිර්වින්දනය කරලා කැලයට දැම්මා නම් ... සතා තව බොහො කාලයක් නිරුප්‍රද්‍රිතව ජීවත් වෙයි.. නිලධාරීන්ට මොලේ පෑදේවා..

:       0       2

disanayaka Sunday, 24 December 2017 04:27 AM

වනජීවී නිලධාරීන්ගේ සතුන් ගැන දනුම නම් අල්පමාත්‍ර බව පෙනේ. මේ අහිංසක සතාට තමන්ගේ රාජධානියේ ජීවත්වීමට සලස්වා, දල හොරකම් කරන තක්කඩි ටික වහා අල්වා අධිකරණයට පමුණුවා උපරිම දඬුවම් දෙනවා විනා මේ අහිංසක සතා තැන තැන ගෙනගොස් දැමීම මහා අපරාධයකි. මිනිසුන්ට සේම සතුන්ටත් තමන්ගේ පුරුදු තැන, උපන් තැන වාසයට පරම අයිතියක් ඇත. අපේ රටේ සැමවිටම ලැබෙනුයේ පයබරවයට පිටිකර බෙහෙත් බඳින්නා සේ මෝඩ විසඳුම්ය. බලධාරයිනි, කරුණාකර මේ සතාට තමන්ගේ තැන ජීවත් වීමට සලස්වා හොරු ටික කොටුකර ගැනීමට වැඩකටයුතු කරන්නේ නම් අගනේය.

:       0       7

Sajith Sunday, 24 December 2017 04:39 AM

එය ගල්ගමුව විය යුතුයි. ගලිගමුව නොවේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 4 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 28 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 61 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 102 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 894 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘
2025 මාර්තු මස 14 320 0

හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 508 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site