විනීතා එම් ගමගේ
ඒකාධිපති පාලනයක් සුදුසු යැයි කියන තැනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටීම පවා සුදුසු නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
එවැනි පාලනයක් ගැන කථා කරන කවරෙක් හෝ ඇත්නම් ඔහු දේශපාලන භූමියෙන් ඉවත් කළ යුතු යැයි ද, තමන් කැමති කිසිවක් කළ නොහැකි පාලනයක් බවත් එවැන්නකට ශ්‍රීලනිපයේ දැඩි විරෝධය පළ කළ යුතු යැයි ද හෙතෙම කියා සිටියේය.
කිළිනොච්චියේ දී ඊයේ සිදුවූ කොටියෙකු වද දී මරා දැමීමේ සිද්ධිය වැනි සිදුවීම් සිදුවන්නේ මෙවැනි ප‍්‍රකාශ නිසා දැයි සිතෙන බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.
ශාන්ත බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (22) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණු සභාපතිවරයා මෙසේ ද කීය.
‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලූ දෙනාට අවස්ථා ලබා දෙන පක්ෂයක්. ශ්‍රී ලනිප සාමාජිකත්වයට පමණක් නොවෙයි, සමස්ත තාරුණ්‍යයම වෙනුවෙන් වූ වැඩ පිළිවෙළක් සකස් කළා. ඒ තාරුණ්‍යයට පොදු ප‍්‍රශ්නවටල පිළිතුරු සමගිනුයි. විසඳුම නමින් ඉදිරිපත් කරන ඒ වැඩපිළිවෙළ පක්ෂ භේදයකින් තොරව සියලූම ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙනුවෙනුයි. ඒ යටතේ තරුණ සමිති 14000 ක් ආරම්භ වෙනවා ඇති.
ඒ හරහා තරුණ බල මණ්ඩල,හා ජාතික බල මණ්ඩලයක් පිහිටුවා විවිධ සමාජ සේවාවන්ට සම්බන්ධ වෙන්නත් සුදානම්. රටේ තාරුණ්‍යයට පිළිතුරු ගෙන එන මේ වැඩ පිළිවෙළ ලබන අගෝස්තු මාසයේ ආරම්භ වෙනවා.
තාරුණ්‍යයේ මත සාකච්ඡා කර රැකියා මාර්ගෝපදේශන වැඩසටහනක් වශයෙන් පටන් ගන්නා මේ වැඩසටහන කෙටිම කාලයකින් පටන් ගන්නා වැඩ සටහනයි.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘ඒකාධිපති වචනයවත් ශ්‍රිලනිපයට එපා’
sirimal Friday, 22 June 2018 10:43 AM
ඒ ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටනේ. නායක හාමුදුරුවෝ අනු දැන වදාළේ වෙන පක්ෂයක් ගැනනේ...
Lapaya Friday, 22 June 2018 10:49 AM
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය" එහෙම එකක් දැන් තියෙනවද?
Bamunuarachchi Friday, 22 June 2018 11:01 AM
බෙදා හදාගෙන කන්න එපාය නේද මලයෝ
janu Friday, 22 June 2018 12:02 PM
කොටියා මරලා තියෙන්නෙත් එ්ක නිසා, පව් ශාන්ත ඔයා ...
ධනුෂ්කFriday, 22 June 2018 02:25 PM
ජානු මෙතුමගේ දේශපාලනයට මම අනුගත නෑ. නමුත් මෙතුමා කියපු දේ ඔබට තේරිලා නෑ. එ් කතාවේ තේරුම තමා පාලනයේ ස්වාභාවයට තමා මිනිසගේ හැසිරීම සැකසෙන්නේ. රටේ පාලන තන්ත්‍රය යහපත්නම් මිනිස්සුත් යහපත්, පාලන තන්ත්‍රය අයහපත්නම් මිනිස්සුත් එහෙමයි. අායතනයක් ගත්තත් එහි ප්‍රධානියාගේ හොඳ හෝ නරක තමා පහල නිලධාරීන් හා සේවකයන් තුල අැත්තේ. අර කුණාටුවට අහුවෙලා දෙපැත්තට විසිවුන් ගිරව් දෙන්නගේ කතාව තුල තියෙන්නේ මේ දර්ශනය. මිනිසුන් එ්කාධිපතියෙක් ඉල්ලනවානම් ඔහු තුල අැත්තේ දායානුකම්පාව. කරුණාව,මෛත්‍රිය නොව. ලේ හා මිනී කඳු දැකීමේ අාසවයි.
BamunuarachchiFriday, 22 June 2018 11:49 PM
පුදුමයි දේශපාලකයෙකුට වචන කීපයකින් ඔවැනි අදහසක් එලියට දාන්න පුලුවනිද?
Dil Friday, 22 June 2018 12:25 PM
බණ්ඩාර මහත්තයෝ, ලංකා ඊ නිව්ස් එක ලංකාවේ අවලංගු කළ, තරුණයන්ට - විශ්ව විද්‍යාල සිසුන්ට කදුළු ගෑස් ගහන එ්කාධිපතියා ඉන්නේ එ්රොප්පේද? එජාපයද? පොහෙට්ටුවේද? නැත්නම් ලංකාවේ ජනපති මැදුරේද?
kiki Friday, 22 June 2018 12:48 PM
දන්නා කාලේ ඉඳලා 1948 වෙනකන් අපි පාලනය වුනේ ඔය ඒකාධිපතියන් යටතේ ....
ධනුෂ්ක Friday, 22 June 2018 03:50 PM
රට හදන්නනම්, ඉල්ලන්න ලී ක්වාන් යූ. සී ජින්පින්, වින්සට් චර්චිල්, ලින්කන් වගේ උත්තරීතර නායකයෝ.රුධිර ගංගා දකින්න අාසනම් හිට්ලර් වගේ එ්කාධිපතියන් ඉල්ලන්න.
jayatissa Saturday, 23 June 2018 01:23 AM
හිට්ලර් කියන්නේ කව්ද කියලා නොදැනද ඔය දේශනාව කියන්නේ? බෞද්ධයෝ වශයෙන් හිතන්නවත් නුසුදුසු නමක්. අපේ ගෝඨා මහත්තයාට උපමා කළානේ. අනේ අම්මපා මේ දේශනවලට අපිටම ලැජ්ජයි.
V.warnakulasuriya Saturday, 23 June 2018 10:50 AM
ධනුෂ්ක මහතා, සුරුවම් වලට වඳින අපට ඔබේ අදහස කොහෙත්ම අදාළ වන්නේ නැත.
ධනුෂ්කSaturday, 23 June 2018 02:49 PM
මම කිව්වේ. පරිණාමයෙන් මව්කුසින් බිහි වුණු, සූර්යයා වටේ කැරකෙන ගෝලාකාර ලෝකයක ජීවත්වන මිනිසුන්ට... එහෙම නැතුව තැටියක් වගේ ලෝකෙක ජීවත්වෙන, ඉර එ්ක වටේ කැරකෙන. දෙවියන්ගේ දරුවන්ට නොවේ. මම හොඳට කුරානය, පරණ හා නව තෙස්තමේන්තු ගැන, බයිබලය ගැන, චතුර්වේදය ගැන හොඳට දන්නවා. එ් නිසා අදහන දේ පාඩුවේ අදහන්න.
V.warnakulasuriya Saturday, 23 June 2018 06:07 PM
ධනුෂ්ක මහතා, ඔබේ අදහස ගැන මම වරදක් නොදුටුවෙමි.රට බේරා ගත් දෙවියා, බත් දුන් දෙවියා මේ දෙවිවරුන්ට තවමත් වැඳ නමස්කාර කරනවට එහා ලොවක් අපට නැත. එවැනි ජනතාවක් ඉල්ලන්නේ නිදහසවත්, රටේ දිනුවත් නොව වන්දනා කිරීමට ඒකාධිපතියකි.