IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඕඅයිසීගේ මේස ලාච්චුවේ තිබූ පොලිස් පොත අතුරුදන්

තරිදු ජයවර්ධන
 
පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිගේ කාර්යාලයේ මේස ලාච්චුවේ තිබූ පොලිස් සටහන් පොතක් අතුරුදන්වීම සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් දැනුම් දෙන ලෙස පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ කාර්යභාර නිලධාරීවරයා අද (16) සියලුම පොලිස් ස්ථාන වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

 
පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයේ මේස ලාච්චුවේ තිබී එසේ අතුරුදන් වී ඇත්තේ තාවකාලික රියදුරු බලපත්‍ර පොතයි.
 
ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයේ මේසයේ දකුණු පස ලාච්චුවේ එය දමා තිබූ බව පොලිසිය කියයි.
 
එම පොතේ ස්ථානාධිපතිවරයාගේ නම සහිත නිල මුද්‍රව තබා තිබුණු බවත් පොලිසිය සඳහන් කරයි.
 
මෙම තාවකාලික රියදුරු බලපත්‍ර පොත යම්කිසි නීති විරෝධී කටයුත්තක් සඳහා භාවිත කළ හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා යම් තොරතුරක් වෙතොත් දැනුම්වත් කරන ලෙස පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ කාර්යභාර නිලධාරීවරයා අද (16) සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට, දිස්ත්‍රික් භාර නිලධාරීන්ට, අධයක්ෂවරුන් සහ කොට්ඨාස භාර නිලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
 
අතුරුදන්වූ තාවකාලික රියදුරු බලපත්‍ර පොතේ අංක ඒඒ/19-768401 සිට ඒඒ/99-768450 බව පොලිසිය පවසයි.
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා ප්‍රකාශ කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇති බවයි. එම විමර්ශනයෙන් පසු ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු කීවේය.
 



අදහස් (2)

ඕඅයිසීගේ මේස ලාච්චුවේ තිබූ පොලිස් පොත අතුරුදන්

Chaminda Friday, 17 August 2018 01:24 AM

බුදු සරණයි පොලිසියටත් දෙවි පිහිටයි..

:       0       3

Raveendra Friday, 17 August 2018 08:16 AM

අප අවංක පොලිස් නිලදරුවන්ට අපහ කරනවා නොවේ නමුත් මහජනතාවගේ ආරක්ෂාවට සිටින මෙන්ම මහජන මුදලින් වැටුප් ලබන ආයතනයක මෙවන් සිදුවීමක් උනා යනු එම ස්ථානයේ නිලධාරීන් තම තමන්ගේ නිල ඇදුම් උනා දමා දෙහි ගසක රදවා තබා යාම වඩාත් යෝග්‍ය බව කිව යුතුය. මෙම නිලදාරීන් මහජන සේවයට කිසි සේත්ම නුසුදුසු බව මෙමගින් මනාව පැහැදිලිවේ.

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 610 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 498 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1731 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site