IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඕමාන් ගිය ලාංකික කතට වසර 13කට පසු වැටුප්

( තිළිණි ද සිල්වා)

වසර 13කුත් මාස 9 ක් තිස්සේ හාම්පුතුගෙන් කිසිදු වැටුපක් නොලැබ  ඕමානයේ ගෘහසේවයේ යෙදුණු ශ්‍රී ලාංකික කාන්තාවකට හිමි විය යුතුව තිබූ රුපියල් ලක්ෂ 36කට ආසන්න හිඟ වැටුප්  අදාළ හාම්පුතුගෙන් අය කර ගැනීමට  ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් වී ඇත.

මෙලෙස හිඟ වැටුප් හිමිව ඇත්තේ පානදුර මොරවින්න පදිංචිකාරියක වන නාලනී ප‍්‍රනාන්දු නම් 60 හැවිරිදි දෙදරු මවකටය.

මෙම කාන්තාව 2001 වසරේ දී  ඕමානයේ මස්කට් නුවරට සිට කිලෝමීටර් 300කට ඈතින් පිහිටි ජාලන් බානි නැමති ප‍්‍රදේශයේ  ඕමාන ජාතික හාම්පුතකුගේ  නිවසේ සේවය සඳහා ගොස් ඇත.

එම  ඕමාන ජාතික හාම්පුතු සිය බිරිඳ සහ දරුවන් සමඟ මෙම ලාංකික ගෘහසේවිකාව සිය නිවසේ නවත්වා වෙනත් රටකට ගොස් ඇති බවත් ,එම හාම්පුතු පොරොන්දු වූ පරිදි මෙම ලාංකික සේවිකාවට හිමි මාසික වැටුප ගෙවා නොමැති බවත් සිය ඒජන්තකරුවන් මාර්ගයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට  තොරතුරු ලැබුණු බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

එසේම මෙම කාන්තාව 2015 වසරේ ජූලි මාසයේ  ඕමාන පොලීසිය හරහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැකවරණ බාරයට පත්වන තෙක්ම වැටුප් නොලබා අවුරුදු 13කට වැඩි කාලයක් සේවය කර ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුරක්ෂා නිවසේ රැකවල් භාරයට පත් මෙම කාන්තාව වෙනුවෙන් වහා මැදිහත්වූ  ඕමානයේ ශ්‍රී ලංකා තානාපති එම්.කේ.පත්මනාදන් මහතා හා ප‍්‍රධාන තානාපති කාර්යාලයේ නිලධාරීන් එම කාන්තාවට හිමි වැටුප් යළි ලබා ගැනීම වෙනුවෙන් අදාළ හාම්පුතුට එරෙහිව ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී එරට ප‍්‍රාථමික අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබීය.

 ඕමාන අධිකරණය හමුවේ ගොනු කළ මෙම පැමිණිල්ල විභාගයේදී නොමිලේ නීති සහාය අදාළ කාන්තාවට හිමිවිය.
ඇයට වැටුප් නොගෙවූ බවට හාම්පුතු සිය වරද පිළිගත් බවත් ඔහු  මාස තුනකට ආසන්න කාලයක් එරට රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් එම තානාපති කාර්යාල ජ්‍යෙෂ්ඨ නිලධාරියා ලංකාදීපයට වැඩිදුරටත් කීවේය.

නඩුව විභාගය අවසානයේ  ඕමාන ජාතික හාම්පුතු විසින් ලාංකික ගෘහසේවිකාවට නොගෙවූ වසර 13 කට වැඩි හිඟ වැටුප් මුදලින් රුපියල් තිස් ලක්ෂයක මුදලක් එකවර ගෙවීමට පොරොන්දු වී ඇත.
ඉතිරි මුදල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මසකට රුපියල් 60,000 බැගින් ඇයගේ බැංකු ගිණුමට බැර කිරීමට එම හාම්පුතු එකඟවී ඇතැයි ද හෙතෙම කීය.

ඇගේ හිඟ වැටුප් අය කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති එම්.කේ පත්මනාදන් එම තානාපති කාර්යාලයේ රැකියා හා සුබසාධක කටයුතු පිළිබඳ උපදේශක එච්.ටී.සුමනසේකර යන මහත්වරුන් ඇතුළු මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විශාල කාර්ය භාර්යයක් ඉටු කර ඇත.



අදහස් (6)

ඕමාන් ගිය ලාංකික කතට වසර 13කට පසු වැටුප්

arschloch Sunday, 18 June 2017 11:39 AM

අපේ රටේ කාන්තාවන්ට මුස්ලිම් රටවලට ගිහින් සල්ලි ලක්ෂ ගණන් උපයන්න පුළුවන්, නමුත් ලංකාවේ බොහෝවිට පතුරුවන්නේ ජාතිවාදයයි...

:       62       69

ධම්මSunday, 18 June 2017 03:06 PM

arschloch, මුස්ලිම් සාධකය මෙයට අදාලවන්නේ කොහොමද? ජාතිවාදය හා බඩවියත රැකගන්න කීයක් හරි හොයාගන්න මැදපෙරදිග යන එක පටලවාගන්න එපා.

:       75       303

nandana kumara Sunday, 18 June 2017 03:44 PM

සෞදියේ එහෙම පැමිණිළි කරා නම් හිරේ තමයි දාන්නේ... කාන්තාවට ඕමාන නීතිය මොන තරම් සාධාරණද?

:       0       22

Appuhami Sunday, 18 June 2017 04:03 PM

අපේ රටේ බලධාරීන් ලෙඩා මැරුණාට පස්සේ බෙහෙත් දෙන්න නම් හරි දක්ෂයි ...

:       0       74

Padmini Monday, 19 June 2017 04:02 AM

අර්ස්ච්ලොච් මහත්තයෝ, මේ කාන්තාව වසර 13කට වැඩි කාලයක් වැටුප් නොලබා වහල් සේවයේ යෙදීම ගැන ඔබ කියන්නේ ඇයට බොහොම හොඳින් සැලකුව වගේනේ..

:       0       0

PA-RA Monday, 19 June 2017 04:09 AM

ඕමානයේ තානාපතිතුමා අවංකවම වැඩකළ බව නම් පේනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 618 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 173 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1738 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site