තිළිණි ද සිල්වා
ඕස්ටේ‍්‍රලියාවේ සරණාගත භාවය ඉල්ලා සංක‍්‍රමණය වූ එල්.ටී.ටී.ඊ සැකකරුවෙකු එරටින් පිටුවහල් කර යළි ශ්‍රී ලංකාවට එවීමට එරට බලධාරීන් තීන්දු කර ඇතැයි ගාඩියන් පුවත්පත් අද (13) වාර්තා කළේය.
මෙලෙස යළි දිවයිනට එවීමට තීන්දු කර ඇත්තේ ශාන්තා රූබන් නැමැති එල්.ටී.ටී.ඊ සැකකරුවෙකි.මොහු ලබන 22 වැනිදාට පෙර එරටින් පිටුවහල් කිරීමට එරට බලධාරීන් තීන්දු කර තිබේ.
ඉකුත් 2012 වසරේදී ශ්‍රී ලාංකික සරණාගතයෙකු ලෙසින් ඕස්ටේ‍්‍රලියාවට පැමිණි මෙම සැකකරු එරට රුඳී සිටීමට සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය ලබා දුන් අවසරයද ප‍්‍රතික්ෂේප කරමින් මොහු පිටුවහල් කරනු ලැබ ඇත.
එරට සරණාගතභාවය ඉල්ලා මෙම එල්.ටී.ටී.ඊ සැකකරු යොමුකළ අයදුම් පත වසර දෙකහමාරට ආසන්න කාලයක් ඕස්ටේ‍්‍රලියා දේශසීමා සහ ආගමන විගමන බලධාරීන්ගේ විමර්ශනයට භාජනය වී ඇති අතර අදාළ අයදුම්පත යොමු කිරීමේදී මොහු එල්.ටී.ටී.ඊ සංවිධානය හා එක්ව කටයුතු කළ බව සඟවා ඇතැයිද සඳහන් වේ.
ඕස්ටේ‍්‍රලියානු සරණාගතභාවය ලබා ගැනීමට ලංකාවේදී තමන්ට වද හිංසාවන් එරට සිදුවන බවට සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ගෙන් ලිපියක් ඕස්ටේ‍්‍රලියානු බලධාරීන්ට ඉදිරිපත් කර ඇත.
පසුව එරට දේශසීමා සහ ආගමන විගමන බලධාරීන් සිදු කළ පරීක්ෂණ වලින් එමඟින් තහවුරු වී ඇත්තේ ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් මුහුදු බලකා සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇති බවද සඳහන් වේ.මෙම ලියකියවිලි ඉදිරිපත් කරමින් එරට රුඳී සිටීමට සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය හරහා තාවකාලික අවසරයක්ද 2015 වසරේදී සැකකරු ලබා ගෙන තිබිණි.
මෙම සැකකරු කරුණු වසන් කරමින් ඕස්ටේ‍්‍රලියාවේ සරණාගතභාවය ඉල්ලීම නිසා ඔහු ඉදිරිපත් කළ අයදුම්පත ප‍්‍රතික්ෂේප කරමින් මොහුව එරටින් පිටුවහල් කිරීමට අදාළ බලධාරීන් තීන්දු කර ඇත.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් එරටින් පිටුවහල්
Nuwan Tuesday, 13 February 2018 01:42 PM
පේනවා නේද මෙවැනි රටවල නීතියේ සාධාරණත්වය කොතරම් ඉහලද කියලා. යුරෝපය කොටියට සහය දෙනවා ලංකාවට එරෙහි කුමන්ත්‍රණ කරනවා කියල පොඩ්ඩ ඇත්නම් කෑගහන අපේ අය දැක්කද හරි සාක්ෂි මත වහාම තම තීරණය නිවැරදි කරගත්ත හැටි.
menna Tuesday, 13 February 2018 02:15 PM
ඕස්ටේ‍්‍රලියාවටත් එපානම්, ලංකාවේ අපිත් එක්ක එකට ඉන්න විදිය උගන්නලා ගන්න වෙනවා. ඕස්ටේ‍්‍රලියාවට ගිහිල්ලා ඉන්න ඉංග්‍රීසි විභාග ගොඩක් කරන්න වෙනවා. ලංකාව ඕස්ටේ‍්‍රලියාවට වඩා නිදහස තියෙන රටක්. එක රැකගත්තොත් හොඳයි.
Channa Tuesday, 13 February 2018 07:45 PM
කරුණු වසන් කල නිසා නෙවෙයි කරපු විනාසය නිසා කිසිම රටකට ගෙන්වා ගන්න හොඳ නැහැ. මේගොල්ලන් මෙහෙත් ලංකාව ගැන බොරු කියාගෙන අනුන්ගේ බදු මුදල් වලින් කාලා බිලා සැපට ඉන්නවා.