IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කාගීල්ස් ආයතනය නවගත්තේගම වට්ටක්කා සේරම මිලදී ගනී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
නවගත්තේගම කොන්කඩවල සහ ගාමිණි පුර වට්ටක්කා ගොවින්ගේ වට්ටක්කා වගාව අලෙවි කර ගැනීමට නොහැකිව විනාශ වූ බව ප්‍රවෘත්ති පළ වීමත් සමඟ එම වට්ටක්කා මිලදී ගැනීමට  කාගීල්ස් ආයතනය ඉදිරිපත් වී තිබේ.
සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා කාගිල්ස් ආයතනයට කළ ඉල්ලීමකින් පසු එම ආයතනය නවගත්තේගම කොන්කඩවල සහ ගාමිණි පුර ගම්මාන වෙත පැමිණ මෙම වට්ටක්කා තොගය මිලදී ගැනීම  අද (03) සිදු කළේය.
 
නවගත්තේගම කොන්කඩවල හා ගාමිණී පුර ගම්මාන වල ගොවින් වී වගා කර ගැනීමට ජලය නොමැතිව ගොවිතැනින් ඉවත් වී වට්ටක්කා වගා කර තිබුණේ භුගත ලිං  වල ජලය උපයෝගි කර ගනිමින්ය. මෙසේ වගා කළ  වට්ටක්කා වලින් එක් ගොවියකුට කිලෝ 15000 ක් 20000 ක ප්‍රමාණයක් ලැබි තිබූ අතර සියලුම ගොවින්ගේ වට්ටක්කා කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ලැබි තිබුණි . 
 
නොසිතු ලෙස වට්ටක්කා මිල පහත වැටීම නිසා ගොවින්ට එම අස්වැන්න රුපියල් 7- 8ට වත් අලෙවි  කර ගැනීමට නොහැකි විය. එම වට්ටක්කා ගොවීන්ගේ නිවෙස් තුළ කුණු වී යන අයුරු මාධ්‍ය තුළින් හෙළිදරව් වීමත් සමඟ  ඊට මැදිහත් වු සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා මෙම ගොවින්ගේ අස්වැන්න මිලදි ගැනීමට කාගිල්ස් ආයතනයෙන් ඉල්ලිම් කර තිබුණි . 
ඒ අනුව  කාගිල්ස් (ලංකා ) සමුහයේ උප සභාපති රංජිත් පේජ් මහතාගේ උපදෙස් මත සමුහ කළමණාකරු කීර්ති ගෝනසේකර මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ  නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වගාකරුවන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුව වට්ටක්කා  කිලෝවක්  රුපියල් 20 බැගින් මිලදී ගත්තේය.
 
පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එන් .චිත්‍රානන්ද මහතාගේ  මැදැහත් විමේන් පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ එස්.පි. විරසේකර මහතා සහ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ මෙම කාර්යය සිදු කෙරුණු අතර නවගත්තේගම සහකාර ප්‍රාදේශීය ලේකම් අයේෂා වික්‍රමසිංහ මහත්මියද  මේ අවස්ථාවට එක්ව සිටියාය.
  
 මෙහිදි අදහස් දැක්වු කාගිල්ස් ආයතනයේ සමුහ කළමණාකරු කිර්ති ගෝනසේකර මහතා මෙසේ අදහස් දැක්වීය.
 “ අපි කවදත් ගොවින්ට අත දෙන ආයතනයක්. ඇත්තටම සතුටුයි මේ නවගත්තේගම වට්ටක්කා වගාව අපිට මිලදි ගන්න ලැබීම ගැන . මාධ්‍ය වලින් මේ පිළිබඳව පළ නොවෙන්න අපි මේ සම්බන්ධව දන්නේ නැහැ. විශේෂයෙන් ලංකාදීපයට ස්තූති කළ යුතුයි.  එසේ නොවන්නට අපි කවුරුත් දන්නේ නැහැ මේ වන විනාශය ගැන. 
 
 
 



අදහස් (36)

කාගීල්ස් ආයතනය නවගත්තේගම වට්ටක්කා සේරම මිලදී ගනී

naradha Thursday, 03 May 2018 02:13 PM

අපේ දුප්පත් ගොවීන් හට කල මේ උදව්වට, මේ ආයතනයට බොහෝ පින්!

:       4       653

mahinda Thursday, 03 May 2018 02:16 PM

කාර්ගිල්ස් ආයතනයට සුබ පැතුම්. පුද්ගලික සමාගම් තම ලාභය පමණක් නොසිතා මෙලෙස රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීම අගය කල යුතුයි. රජය මෙවන් දායකවලට සහන දෙන්න ඕන. හැමතිස්සෙම අපි දකින්නේ ආපදා වලදී ඉදිරිපත්වෙලා ලොකු ප්‍රචාරණ වැඩ. ඒවාට වඩා මෙවන් ක්‍රියාවන් උතුම්.

:       2       440

mahinda Thursday, 03 May 2018 02:18 PM

රජයත් මීට වඩා පුළුල් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕන. අඩු මිලට පොහොර දුන්න පලියට ගොවියා රැකෙන්නේ නෑ.

:       72       212

wijitha Thursday, 03 May 2018 02:32 PM

ආණ්ඩුවට මේවගේ අවස්ථාවල ගොවීන්ට සහනයක් දීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. මේවා අද ඊයේ ප්‍රශ්න නොවෙයි. අඩුම ගානේ මේවා මිලදී අරගෙන අර වනයෙහි ඉන්න අලි ඇතුන්ට කන්න දෙන්න බැරිද ? මේවා විසදන්න බැරි ප්‍රශ්න නෙවෙයි

:       167       155

BamunuarachchiFriday, 04 May 2018 12:18 AM

ආණ්ඩුවට? විකාර කතා කරන්න එපා මහත්තයෝ... ආණ්ඩුව දැන් බලනවා ඇති අර ගොවියාට බද්දක් ගහන්නේ කොහොමද කියලා.

:       37       58

Samathasena A . Aluthgama Thursday, 03 May 2018 02:37 PM

ඉතාමත්ම අගනා ක්‍රියාවක්. ඒ වගේම අනෙකුත් ව්‍යාපාරිකයන්ටත් හොඳ ආදර්ශයක්. කාගිල්ස් ආයතනයටත්, අදාළ නිලධාරීන්ටත්, සුනිල් ජයරත්න මහතා ඇතුළු සියලු දෙනාටත්, ලංකාදීප පුවත්පතටත් අනේක වාරයක් ස්තුති වේවා. මෙම සත් ක්‍රියාවෙන් ගොවියන්ගේ සිත්වල තිබූ ගින්දර නිවී යන්න ඇති.

:       0       318

sas Thursday, 03 May 2018 02:44 PM

ඉතා හොද සමාජ සත්කාරයක් .

:       0       254

Raveendra Thursday, 03 May 2018 02:46 PM

මොනවා උනත් මෙම ක්‍රියාව පිලිබදව අප එම ආයතනයට ස්තුති වන්ත වෙන්නෙමු.

:       0       160

Thilina Thursday, 03 May 2018 03:33 PM

මෙවැනි විශාල ආයතන වෙළඳ ප්‍රචාරණය සඳහා අති විශාල මුදලක් වියදම් කරනවා. එම මුදල් මෙවැනි සමාජ සත්කාර සඳහා යොදවන්න පුලුවන්නම් සහ මාධ්‍ය මගින් ඉහල ප්‍රචාරණයක් නොමිලේ ලබා දෙනවානම් දෙපිරිසටම ඉහල ප්‍රතිලාබ ලබා ගත හැකිය

:       1       225

hema Thursday, 03 May 2018 03:52 PM

වට්ටක්කා වලින් රම් සහා වොඩ්කා නිපදවිය හැකිය. ගොවීමහතුනී අලුත් විදිහට හිතන්න. විස්කි බ්‍රැන්ඩි වල ආරම්බය යුරෝපයේ ගොවී මහතුන්. රජය උදව් කල යුතුය.

:       3       273

JCN Thursday, 03 May 2018 04:07 PM

හෙට ඉඳලා කීල්ස්, ආර්පිකෝ නොයන්නෙමි. කාගීල්ස් ෆුඩ්සිටි පමණක්ම යමි..

:       5       490

wimal Thursday, 03 May 2018 04:46 PM

කාගිල්ස් ආයතනයට බොහොම පින්. ලංකාදීපයටත් ඒ පින් අත් වේ. ඔය නවගත්තේගම වට්ටක්කා රස වැඩියි. ගුණයි. තම්බලා ගම්මිරිස් කුඩු සමග පුරුදු වුනාට පස්සේ කන්න පුළුවන්. වට්ටක්කා ප්‍රවර්ධනය කිරීම වටිනවා.

:       1       63

lalith Thursday, 03 May 2018 06:11 PM

දැන් කොහොමද කොළඹ හතේ නෝනලා මිදී ජෑම් ඇපල් ජෑම්, ස්ට්‍රෝබෙරි ජෑම් කියල වට්ටක්කා කනකොට. අපේ ගොවියො වට්ටක්කා ලබයි වට්ටක්කා ලාබයි කියනකොටනේ කන්න බැරි වුනේ.

:       75       71

saman Thursday, 03 May 2018 06:17 PM

කෝ මේ කෘෂිකර්ම ඇමති?

:       0       152

de silva berlin Thursday, 03 May 2018 06:24 PM

ආණ්ඩුව විදේශ අයෝජකයෝම හොයා හොයා ඉන්නේ නැතුව ලංකාවේ ක්‍රියාත්මක වන මෙවැනි ආයතන වලට ශීතාගාර පහසුකම් සහිත ගබඩා පහසුකම් ඇති කරන්න මෙම පළාතෙන් ඉඩම් ලබාදෙන්න. රාජ්‍ය බැංකු වලින් අඩුපොලියට ණය පහසුකම් වැනි ලබාදෙන්න. එතකොට මෙවැනි ආයතන අවුරුද්දෙ වරින් වර ලැබෙන එළවලු අස්වැන්න ගොවියන්ගෙන් මිලදී ගෙන ක්‍රමවත්ව වෙළඳපලට බෙදා හරිවි. මේක ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාටම සෙතක් .

:       1       66

රොෂාන් . Thursday, 03 May 2018 07:36 PM

සතොස ඔයිට වඩා මිල දෙගුණයකින් මිලදී ගන්න බලාපොරොත්තුවකින් සිටි බවට අසත්‍ය ප්‍රචාරයක් අපේ රටේ සමාජවාදී සහෝදරයන් පැතුරුවේ නැද්ද? කාගිල්ස් ආයතනය කර තිබෙන්නේ, ඉතාම සත් ගුණවත් ක්‍රියාවක්

:       2       66

ධනුෂ්කFriday, 04 May 2018 01:12 AM

ඔයාගේ ධනවාදී සහෝදරයෝ මෙච්චර කල් මේ රටට මොකද කළේ? ඩොලර් එක 159යි නේද? කෝ නිෂ්පාදනය... කෝ අායෝජන..? මට මතකයි ඔයා මට රුසියාවට යන්න කිව්වා. හොඳට දැන ගන්න. අාර්ථිකය හොම්බෙන් යන වලපල්ලටම වැටිලා තියන රටකට නැගිටින්න තියන එකම මග... සංවෘත අාර්ථිකය කියලා. රුසියාව ලෝක බලවතෙක් වුනේ එහෙමයි. චීනයත් එහෙමයි. සංවෘත අාර්ථිකය තුළ තමා රටකට නැගිටින්න පදනම දාගන්න පුලුවන්.. පදනම දාගත් පසු වෙනස් වෙන එක වෙළඳපල අවශ්‍යතා මත කරන්න පුළුවන්... බටහිර රටවල් දියුණුවට පදනම දාගත්තේ ඔයාගේ හිතේ තිබෙන අාර්ථික සංකල්ප මත නොවෙයි. කොල්ලකාරි අාර්ථිකය මතයි. ඔයාට කියන්න පුළුවන්ද මේ රට ගොඩයන්න පුළුවන් වැඩ පිළිවෙලක්...? එහෙම නැතුව හැමදාම අාර්ථකය මෙහෙම එක තැන පල්වුනොත් වෙනදේ බලන්න ලෝක ඉතිහාසය බලන්න. හැමදාම මිනිස්සු එක තැන ඉන්න කැමති නෑ. කාලෙන් කාලෙට ඔයාගේ පැත්තටයි, මගේ පැත්තටයි වාසි විදියට පෙරලෙනවා...

:       0       43

රුක්මාල් Friday, 04 May 2018 12:08 AM

කාර්ගිල්ස් ආයතනය නොවෙන්න තවත් ප්‍රවෘත්තියක් පමණක්ම වනු ඇත.

:       1       1

willowsd Friday, 04 May 2018 02:32 AM

හෙට ඉඳලා කීල්ස්, ආර්පිකෝ නොයන්නෙමි. කාගීල්ස් ෆුඩ්සිටි පමණක්ම යමි. කාගිල්ස් ආයතනය කර තිබෙන්නේ, ඉතාම සත් ගුණවත් ක්‍රියාවක් .

:       0       36

sensa Friday, 04 May 2018 02:51 AM

අප රටේ ආහාර අතිරිත්තයක් තියනවානම් ලෝකයේ මන්ද පෝෂණය අතින් පස්වෙන් තැනට වැටෙන්න විධියක් නෑනේ. දියුණු රටවල්වල කෘෂිකර්මය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් දෙස බලන්න. ප්‍රෙයා්ජනවත් දේකට නොගෙන ආහාර අපතේ යවන ක්‍රමයක් ඒ රටවල නෑ. වට්ටක්කා උදාහරණයට කාගීල්ස් ආයතනය රජයට දීලා තියෙන්නේ හොදම මග පෙන්වීමක්. වගා බෝග මේ ආකාරයෙන් විනාශ කෙරෙන රටක කෘෂිකර්මයට ඇමතිලා අමාත්‍යාංශ හා රජයේ නිලධාරින් කුමටද? අප රටේ මේ නූගත් දේශපාලකයින්ට මග පෙන්වන්න පුලුවන් අවංක කොන්ද පණ තියෙන රාජ්‍ය නිලධාරින් පැලැන්තියක් නැති එක තමයි ප්‍රධානම ගැටලුව. අනෙක විවිධ වෘතින් වල විශේෂයෙන් වෛද්‍ය, ඉංජිනේරු, කෘෂිකර්ම හා සැලසුම් වගේ දක්ෂ හොද නිලධාරීන් හිටියත් දූෂිත දේශපාලකයින්ට කඩේයන ඔවුණුත් නොමග යවලා තමුන්ගේ මඩිය තරකර ගන්න සට කපට පරිපාලන සේවයේ අම්බරුවන් ඉවත් කළොත්නම් රට ගොඩ ගන්න පුලුවන් වේවි.

:       0       38

buddhiFriday, 04 May 2018 03:01 PM

ඇත්ත. අපේ රටේ පසු අස්වනු තාක්ෂණය ගොවි ජනතාවට, ගොවි සමිති වලට හෝ සතොස මාක්ෆෙඩ් වැනි ආයතනයකට ලබාදීම කෘෂිකර්ම අමාත්‍යංශයේ වගකීම. එය දශක ගණනක් අතපසුකර තිබීම ඛේදනීයයි.

:       0       2

ATHULA BANDARA RATHMALANA Friday, 04 May 2018 03:22 AM

හරිම පින් ඔබලාට. ඒ ගොවියෝ කොච්චර සතුටු වෙනවාද. ඔබේ අයහනයට මෙම වට්ටක්ක විකුණා ගන්න බැරි උනත් ඔබලාට ඒ යොදවපු මුදල් කොහොම හරි ලැබෙනවා. අපේ ආණ්ඩුවට දැන් පාන්ඩුව වගේ, පුටු ටික බෙදා ගන්න පොර කනවා. වැඩි දවසක් යන්න කලින් මේක ඉට්යෝපියව වගේ වෙනවා.

:       0       13

අනුර Friday, 04 May 2018 03:23 AM

හොද වැඩක්. කාගීල්ස් ෆුට් සිටි එක මිල වාසිය පරිබෝගිකයටත් දීල තියනවා. වට්ටක්කා 1 kg රු 34/=.

:       0       16

tikiri Friday, 04 May 2018 03:38 AM

හැබැයි කොළඹ පැත්තේ නම් අඩුම ග්රෑම් 250 රු 20

:       1       3

sri Friday, 04 May 2018 03:43 AM

හොඳ ක්‍රියාවක් . ලංකාවේ ගොඩක් අය වට්ටක්ක උයල විතරයි කන්න පුළුවන් කියල දන්නේ . සුප් හදල බොන්න පුළුවන්

:       1       15

වරුනි Friday, 04 May 2018 03:46 AM

කාගිල්ස් ආයතනය කල සත් ක්‍රියාව ඉතාම අගනේය.

:       0       15

vipula Friday, 04 May 2018 03:52 AM

අපේ රටට අවශ්‍ය වන්නේ හොද සැලසුමකින් දුර දිග බල කටයුතු කරන නායකත්වයක් සහ නිවරදි කළමනාකරණ හැකියාවක් ඇති ඇමති මණ්ඩලයකි .

:       1       43

gamini Friday, 04 May 2018 03:53 AM

කෝ සතොස?

:       2       1

Buddhika Edirisinghe Friday, 04 May 2018 03:55 AM

සාමාන්‍යන් මම හැම සුපර් මාර්කට් එකකින්ම බඩු ගන්නවා නමුත් අද සිට මාසයක් එකදිගට කගිල්ස් යනවා.....

:       1       11

Sathya Friday, 04 May 2018 03:58 AM

බොහොම ස්තුතියි කාගිල්ස් ආයතනයට හා මැදිහත් වූ රජයේ කාර්ය මණ්ඩලයට. රටක පරිභෝජනය බලද්දී කිලෝ ලක්ෂ 3ක් කියන්නේ සතොස වගේ ආයතනයකට පහසුවෙන් හසුරවගත හැකි ප්‍රමාණයක්.මේ වගේ අවස්තාවකට මැදිහත් වෙන්න සතොස වගේ ආයතනවලටත් හැකි වෙන්න ඕනි, ඊට අවශ්‍ය නීතිමය පසුබිමත් හැදෙන්න ඕනි.

:       0       24

Upali Hettiarachchi Friday, 04 May 2018 04:06 AM

සුනිල් ජයන්ත නවරත්න මැතිතුමනි ඔබට ජනතාවගේ ප‍්‍රණාමය! මෙරටේ පාලකයින් විය යුත්තේ ජන හද හඳුනන ඔබ වැනි අයයි.

:       1       35

දිල්මු Friday, 04 May 2018 04:38 AM

හැමදාම අඬන හැමදාම විඳවන ඒ හැම උහුලාගෙන හැමදාම අපිට කන්න දෙන මේ අහිංසක ගොවි මහතුන්ගේ කදුළු පිසින්නට උදව් වූ හැමට අපගේ උපහාරය. මේ වගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ඕන වුනාම එක ඇමතියෙක් නෑ. ඒ අතින් සුනිල් ජයන්ත නවරත්න වගේ මහත්වරු ඉතා වටිනා සම්පත්. ඔබ සැමට මේ කල පින අයිතියි. බොහොම ස්තූතියි.

:       1       1

wedage Friday, 04 May 2018 07:30 AM

ගොවියාගේ හිත මිතුරා කාගිල්ස්.

:       0       1

nuwan Friday, 04 May 2018 08:21 AM

කෝ මේ දේශපාලුවෝ...?

:       0       0

rohana kumara mendis Saturday, 05 May 2018 07:27 AM

කෝ අර කාගිල්ස් වලට කේ.එෆ්.සී බනින කට්ටිය? වට්ටක්කා ටික ගත්ත ගමන් කාගිල්ස් හොඳ වුනා. කොහොම හරි කමක් නැහැ... හැමෝ එක්කම හොඳින් සමාදානයෙන්, සමගියෙන් ඉන්නවා නම්... ඔය කොයි තැනත් වැඩ කරන්නේ අපේ ශ්‍රී ලාංකික තරුණ අයයි.

:       0       1

etyrahelaya Sunday, 06 May 2018 10:15 AM

2015 ගොවියක් රජවූ බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 130 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 172 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 109 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 160 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 184 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 453 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site