IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කුච්චවේලි ප්‍රා.ලේකම් බෞද්ධ කොඩිය ගලවන්න කියලා

(කන්තලේ විශේෂ ආර්.පී ධර්මදාස)

කුච්චවේලි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝගයෙන් ගලවා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය ත්‍රිකුණාමලය දිසාපතිවරයාට ලිපියක් යැවූ බව එම සංවිධානයේ කැඳවුම්කරු අනුර බණ්ඩාර මහතා පැවසීය.

කුච්චවේලි පොල්වත්ත ප්‍රදේශයේ නැවත පදිංචියට ආ පවුලක් තම නිවස ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩියක් එහි පැමිණි ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් විසින් පසුගිය 2දා බලහත්කාරයෙන් ගලවා දමා ඇතැයි ලිපියේ සඳහන් වේ.

එහි පිටපත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වෙතද යවා ඇතැයි ඔහු වැඩි දුරටත් පැවසීය.

දිගු කලත් අවතැන්ව සිට නැවත තම උපන් ගමේ පදිංචියට පැමිණීමට  අවකාශය ලැබීමේ ප්‍රීතිය සහ දුරුදු පොහොය නිමිත්තෙන්  බෞද්ධයෙකු හැටියට තමන් මෙසේ සිය නිවස ඉදිරිපිට බෞද්ධ කොඩිය එසවීමෙන් පසුව නිල රථයෙන් පැමිණි කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා ඔහු සමඟ සිටි පිරිසට කොඩිය ගැලවීමට නියෝග කළැයි නිවැසියා තමන්ට පැවසූ බවද අනුර බණ්ඩාර මහතාගේ ලිපියේ සඳහන් වේ. 



අදහස් (14)

කුච්චවේලි ප්‍රා.ලේකම් බෞද්ධ කොඩිය ගලවන්න කියලා

ලුම්බිණි Tuesday, 09 January 2018 04:42 AM

තමන්ගේ ගෙදර තමන්ගේ ආගමේ කොඩියක් දාන්න ප්‍රාදේශීය ලේකම්ගෙන් අවසර ඕනද? අපි ඉන්නේ මොන රටේද?

:       45       950

Perakum Tuesday, 09 January 2018 04:49 AM

ජන කොටස් අතර සහජීවනය නැති කරන්නේ දේශපාලුවන්ගේ අතකොලු බව මෙයින් ඉතා පැහැදිලි වේ. රාජ්‍ය නිලධාරියෙක් ලෙස කරනලද මේ අකටයුත්තට නිසි දඬුවම් දියයුතුය.

:       43       435

daham Tuesday, 09 January 2018 05:01 AM

මේ රජයේ නිලධාරියෙක් නේද? ඊලාම් නිලධාරියෙක් නෙමෙයිනේ. අලුත් ආණ්ඩුක්‍රම වියවස්ථාවෙන් පළාත් ආණ්ඩුවලට තව බලතල දුන්නොත් කොහොමට හිටීවිද?

:       51       737

Bamunuarachchi. Tuesday, 09 January 2018 05:13 AM

එහි පිටපත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වෙතද යවා ඇති නිසා දැන් විසාල බෞද්ධ කොඩියක් එල්ලලා සිංහයාගේ කඩුව අතට අරන් ගේ දොරකඩ ඉන්න.

:       67       262

imesh Tuesday, 09 January 2018 05:13 AM

හරි නේ ඉතින්, අනුන්ගේ රටකට ගිහින් තමන්ට අයිති කොඩි දැම්මම ඔහොම වෙනවා.

:       45       374

Bamunuarachchi Tuesday, 09 January 2018 05:14 AM

ළඟදීම සංහිඳියාව දොරේ ගලයි වගේ.

:       148       546

manoj Tuesday, 09 January 2018 05:18 AM

වසර 2500 ක බෞද්ධ අනන්‍යතාවය මුළු රටෙන්ම ගැලවෙන හෝ ගලවන දිනය වැඩි ඈතක නෙමේ.

:       217       552

Hafeel Tuesday, 09 January 2018 06:33 AM

දන්නේ නැද්ද අද උතුරට එක නීතියක් දකුණට තව නීතියක්?

:       0       108

දිලාන් Tuesday, 09 January 2018 06:53 AM

ඔබතුමා අදහස් කල තමන්ගේ රට සහ අනුන්ගේ රට නම් වශයෙන් සඳහන් කරන්න පුලුවන්ද? අනෙක මෙතන ඔසවල තියෙන්නේ ජාතික කෝඩියක් නොවෙයි බෞද්ධ කොඩියක්. ශ්‍රී ලංකාවේ නම් පුද්ගලික ස්ථානයක ඕනෑම ආගමික කොඩියක් එසවීම නීතියට පටහැනි නැත. ආගම කුමක්ද ජාතිය කුමක්ද යන්නවත් හරිහැටි නොදන්නා අය තනතුරු සඳහා පත් වුවහොත් මීට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැක.

:       1       62

රවින් Tuesday, 09 January 2018 07:02 AM

මෙහිදී අදාල නිතිය ගැන සැලකිල්ලට ගත යුතුයි. රටේ ධජය රට තුළ එසවීමත් තමන්ගේ ආගමික නිදහස පිළිබඳවත් ව්‍යවස්ථාවේ ඇති කොටස ගැන නොදැනුවත් නිලදාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි හමස් පෙට්ටියට යැවිය යුතුවේ.

:       0       114

Thushara-Qatar Tuesday, 09 January 2018 07:16 AM

සිංහල බෞද්ධ අපිට යන එනමන් නැහැ දැන්. පාට පක්ෂ බෙදාගත් සිංහල මෝඩ මිනිසුනේ මතු නුපන් පරපුරකට මේ සිංහල අපේ පින් බිමේ කෙලෙස ජිවත් වෙයිද කියල ඔබට තේරෙනවද .?

:       0       188

Bamunuarachchi Tuesday, 09 January 2018 07:20 AM

මෙහෙම හිතන මිනිස්සුත් අපේ රටේ ඉන්නවා. මොනවා කරන්නද. විහිලුවටවත් එහෙම හිතන්න එපා.

:       0       80

daham Tuesday, 09 January 2018 07:52 AM

පුරවැසියකුගේ මානව හිමිකම් උල්ලංඝනය කල මේ නිලධාරියාට දෙන දඩුවම මොකක්ද? අගමැති තුමා සහ ජනාධිපති තුමා මේ ගැන කියන්නේ මොනවාද?

:       0       173

sarath perth Tuesday, 09 January 2018 01:25 PM

මෙයාට දඬුවම් යථා කාලයේදී ලැබේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 207 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 646 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 181 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 751 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 248 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site