IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


කොටකෙතනේ මව හා දියණිය ඝාතන නඩුවේ තීන්දුව කල් යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
කොටකෙතන නිවසකදී පාසල් යන දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි අසල්වැසි නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළ විත්ති වාචක කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් වු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම ලබන මස 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විකුම් කළුආරච්චි මහතා නියම කළේය.


විත්තිකරුවන්ට එරෙහි පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කළ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව විත්තිකාර අඹුසැමි යුවළ නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තියේ නීතීඥවරයා ඉල්ලීමක් කළ අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කළේය.


2012 ජනවාරී මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේදී නයනා නිලිමිණී (52) හා කවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා (17) නමැති මව සහ දියණිය ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.


මෙලෙස කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කොට ඇත්තේ පාසල් යමිින් සිටි තරුණියක හා ඇගේ මවයි.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ඝාතනයට ලක්වුවන්ගේ  අසල්වැසින් වු ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරි`ද වන අශෝකා චාන්දනී කුමාරී හෙවත් බට්ටි නමැති දෙපළයි.


මෙම ඝාතනය සම්බන්ධයෙන් දීර්ඝ සාක්කි විභාගයක් පැවැත්වු අතර පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව විත්තියේ නීතීඥවරයා අධිකරණය අමතමින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව ඔවුන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.


ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.

මෙම නඩුව ජුලි මස 25 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.
 



අදහස් (0)

කොටකෙතනේ මව හා දියණිය ඝාතන නඩුවේ තීන්දුව කල් යයි

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 67 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 504 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 653 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 851 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 194 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


ගිං ගඟේ දෙදෙනෙක් සැඟ වෙති
2025 මාර්තු මස 13 236 0

අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 451 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site