(දයාරත්න ඇඹෝගම)
කහටගස්දිගිලිය රත්මල්ගහවැව මාර්ගයේ කුරුක්කුරාගම හා අළුත් දිවුල්වැව මුස්ලිම් ගම්මානවලට මායිම්ව පිහිටා ඇති නැට්ටුක්කන්ද ( නැටුම් කන්ද ) පුරාවිද්‍යා රක්ෂිතය ආක්‍රමණය කර නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර තිබේ.
කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 201 කොක්මඩුව ග්‍රාම නිළධාරී වසමේ පිහිටි නැට්ටුක්කන්ද නොඑසේනම් නැටුම්කන්ද පුරාවිද්‍යා රක්ෂිතය වංශකතාවල සඳහන්වන්නේ නාගිරිකන්ද නමිනි.
මෙම පරිශ්‍රය ක්‍රි.ව. 5 වන 6 වන සියවස්වලට අයත් අති පෞරාණික බෞද්ධ ආරාමික භූමි භාගයක් බව එහි ඇති සෙල්ලිපි හා අනෙකුත් පුරාවිද්‍යාත්මක සාධක අනුව ඔප්පු වී ඇති බව පුරාවිද්‍යා මතයයි. එහෙත් මේ වනවිට මේ මුළු භූමියම ආක්‍රමණය කරමින් නිවාස, මාර්ග , පොදු ගොඩනැඟිලි ආදී සියළු ඉදිකිරීම් සිදුවී අවසන්ය. තව තවත් ඉදිවෙමින් ද පවතී.
කටාරම සහිත එක් ලෙනක කොටා ඇති පර්වත ලිපියකින් ( දළ වශයෙන් ) කියැවෙන්නේ අමාත්‍යවරයකු විසින් එම විහාරයට කරන ලද කිසියම් ප්‍රදානයක් පිළිබඳවයි. එම ලිපියේ අක්ෂර රටාව අනුව එය ක්‍රි.ව. 5 වන 6 වන සියවස්වලට අයත්විය හැකි බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි.
මේ පිළිබඳව කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගෙන් විමසූවිට ඒ මහතා මෙසේ පැවසීය.
පුරාවිද්‍යා භූමියේ ඔය ගෙවල් හදලා තියෙන්නේ අද ඊයේ නෙමේ.අවුරුදු ගාණක ඉඳල.කවුරුවත් ඒ ගැන හොයල බලල නෑ.මේක තනිකරම පූජා භූමියක්.මම මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්. කහටගස්දිගිලියේ වැඩ බැලීමක් කරන්නේ.ඒ නිසා ඔය ගැන වැඩි විස්තරයක් මම දන්නේ නෑ.ඒ උනත් දැන් මේ කොට්ඨාසෙ අයිති මට හින්දා මං ඒ ගැන හොයලා බලන්නම්. '
කෙසේ වෙතත් වසර 1500 කට වඩා දිගු ඉතිහාසයක් ඇති මෙවැනි පූජා භූමියකළ පුරාවිද්‍යා රක්ෂිතයක අනවසරයෙන් නිවාස හා මාර්ග ආදිය වසර ගණනාවක් තිස්සේ ඉදිකරමින් තිබීම අදාල අංශවල ඇස නොගැටීම පිළිබඳව ප්‍රදේශවාසීහු විමතිය පළකරති.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කටගස්දිගිලියේ පුරාවිද්‍යා රක්ෂිතයක නිවාස ඉදිකරලා
sharm warn Monday, 23 November 2020 08:49 AM
අවුලක් නැහැ. තව ටික කාලයකින් සමාධි පිළිමය ගේ මැද්දට වෙන්න කරලා ගෙවල් ගැහුවේ නැතිනම්. මේක ලංකාව නෙවේ.
hima Monday, 23 November 2020 09:09 AM
හැමතැනම මුස්ලිම් කොළණි පැතිරෙනවා... කොවිඩ් පොකුරු වගේ.
Kule Monday, 23 November 2020 10:52 AM
මේ විනාශ වෙන්නේ සිංහල ජාතියේ උරුමයයි. කතිරයට උරුමය විනාශ වෙන්න හරිනවද? නැතිනම් ජාතිය වෙනුවෙන් පෙරමුණ ගන්නවද?
sharm warnTuesday, 24 November 2020 04:03 AM
කාගෙන්ද ඇහුවේ..? බලාගෙන ඉන්නකෝ පෙරමුණට එනකල්... පුන්නක්කු ගිලින්න විතරක් ඉන්න අම්බරුවන් ටිකක්...