(ටී.කේ.ජී.කපිල )
කොළඹ වරාය ආශ්‍රිතව සිදු කෙරෙන බරපතළ හොර බඩු ජාවාරමක නියුතු සැමියා පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සන්නිවේදන අංශයේ සේවිකාවක් ශ්‍රී ලංකා රේගුවේ දත්ත සැකසුම් අංශයේ නිලධාරීන් පිරිසක් අද (28) ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත ඇයව රැගෙන ගොස් තිබේ.
මෙසේ ඇය රැගෙන යෑමට පෙර ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති සමන් පී.එදිරිවීර සහ කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරු හෙට්ටිආරච්චි යන මහත්වරුන් දැනුවත් කර ගුවන් තොටුපොළ කළමනාකාරවරයා සමඟ ගොස් ඇය රැගෙන ගිය බවත් ඇයගේ ආරක්ෂාව සඳහා ඇයගේ සහෝදරයා ද රේගු පරිශ්‍රය වෙත කැඳවා ගෙන ඒමට අවස්ථාව ලබා දුන් බවත් රේගුවේ උසස් නිලධාරියෙකු පැවසීය.
එහෙත් මේ පිළිබඳව විරෝධය දැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ පිරිසක් තම සේවා ස්ථාන වලින් බැහැර වී වැඩ වර්ජනයක් කිරීමට රාත්‍රී 9.00 ට පමණ උත්සාහ දරා තිබේ.
පසුව රාත්‍රී 10.30 ට පමණ වනවිට මෙම සේවිකාව පිටත් කර යවන බවට රේගුව ප්‍රකාශ කිරීමත් සමඟ කටුනායක ගුවන් තොටුපොළ සේවා කටයුතු සාමාන්‍ය තත්වයට පත් විය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කටුනායක ගුවන් තොටුපොළේ සේවකයින් හදිසි වැඩ වර්ජනයක
ajith Friday, 28 September 2018 10:18 PM
සේවක සංගම් මේවට සහයෝගය දෙන්න ඕනෑ. මේවට විරුද්ධ වෙනවා කියන්නේ ඔක්කොම හොරු කියන එක තමයි.
Rasika Friday, 28 September 2018 10:23 PM
කොන්ද පණ නැති ආණ්ඩුවක්. වැඩවර්ජන සාධාරණ නම් කරන්න දෙන්න ඕනේ. මේවගේ හොරුන්ව අල්ලන්න නොදී ඉන්න වැඩවර්ජන මැඩපවත්වන්න ඕනේ... ආණ්ඩුව, ඉන්දියාවට නැවෙනවා. චීනෙට නැවෙනවා.. ඇමෙරිකාවට නැවෙනවා.. හැබැයි අහිංසකයෙක් කන්න නැතිව පොල්ගෙඩියක් හොරකම් කළොත් හිරේදානවා.
ලුම්බිණි Saturday, 29 September 2018 03:04 AM
පොඩ්ඩ බැරි උන ගමන් අපි වැඩ වර්ජනේ. ජයවේවා.
janatha anura Saturday, 29 September 2018 03:29 AM
ගුවන් තොටුපොල වහාම ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගත යුතුය. වැඩ වැරීමට සුදුසු ස්ථානයක් නොවේ. මගීන් දහස් ගණනක් උඩු ගුවනේ සිටින බැවිනි. අපි වැඩකළ කාලයේ වැඩ වර්ජන නැත එය තිබුනේ ආරක්ෂක ලේකම් යටතේ ජෙනරාල් රණතුංග, අාටිගල, ඩික් පෙරේරා වැනි මහතුන් යටතේ ඉතාම විනයගරුකව අපි වැඩ කළා.
සතයපාල Saturday, 29 September 2018 06:04 AM
කිසිම අරමුණක් නැතිව පිස්සු බල්ලන් සේ අද හැමතැනම වර්ජන හා තර්ජන කරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් නායකයෝ මේ කරන්නේ රාජපක්ෂ කල්ලියේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් රටතුළ මහජනතාව පීඩාවට පත්කිරීමේ උත්සාහයකි. මෙය දැනුවත්ව හො නොදැනුවත්ව බකං නිලාගෙන සිටින වර්තමාන පාලකයින්ගේ දුර්වලකම නිසා රටේ එදිනෙදා කටයුතු දිනෙන්දින අවුලට පත්වී ඇත..
ඩී. ජයදේව Saturday, 29 September 2018 06:10 AM
ලංකාවේ පොදු ජනතාවට හොරු ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ. රට මේ තරමින් හරි තියෙන එකත් පුදුමයක්...
සනත් Saturday, 29 September 2018 06:54 AM
දැන් බලාගෙන යනකොට හැමෝම බලාගෙන ඉන්නේ හොරු ආරක්ෂා කරන්න වගෙයි.
එර්දි Saturday, 29 September 2018 09:58 AM
හොරකමකට අදාල ප්‍රකාශයක් ලබා ගන්න....? කට උත්තරයක් දෙන්නවත් නොදී හොරු ආරක්ෂා කරද්දි කොහොමද නීතියත් ක්‍රියාත්මක කරන්නේ? මාරාන්තික අපරාධ මත්ද්‍රව්‍ය සහ කම්බ හොරු බේරගන්න හාමුදුරුවෝ උගතුන් මරාගන්න මාර රටක් මේක....
Raveendra Saturday, 29 September 2018 10:03 AM
දැන් කියන්නකෝ බලන්න අපිට පැහැදිලිවම වැඩ වර්ජනයට සත්‍ය හේතුව....
OMG Saturday, 29 September 2018 12:21 PM
කියන්න තියෙන්නේ "හොරු සමග හෙළුවෙන්" කියලා.
Hafeel Saturday, 29 September 2018 12:52 PM
වංචා හා දූෂිතයන් වෙනුවෙන් උද්ගෝෂණ වැඩ වර්ජන කරන ලෝකේ එකම රට මේක...
රවින් Saturday, 29 September 2018 01:33 PM
හොරකම් කිරීම හා හොරුන් ආරක්ෂා කිරීම වෘත්තිය අයිතිවාසිකමක් නොවේ. එහෙම අයිතිවාසිකමක් තියන එකම රට ලංකාව වෙන්නත් බැරි නැහැ..
rohana Sunday, 30 September 2018 04:42 AM
හොරු මිනීමරුවන් දුෂිතයින් වංචා කරුවන් සමඟ සිටිමින් ඔවුන්ගේ කුණු හොදින් ඔවුන් වෙනුවෙන් උද්ඝෝෂණ පවත් වන පෙළපාලි යන එකම රට අපේ ශ්‍රී ලංකාවයි..........
Bamunuarachchi Tuesday, 02 October 2018 09:07 AM
බණ්ඩාරනායක මහත්මයානනී ඔබතුමා නමින් මේ ගුවන් තොටුපල හඳුන්වන්න අකමැතිය. මෙහෙව් රටකට හැරීයාවිද?
Bamunuarachchi Wednesday, 03 October 2018 07:15 PM
බණ්ඩාරනායක තුමා ගැන ලියන වැකියක් පලකරන්න තරම් හැකියාවක් මේ අයට නැත. ඊයේ ඉපදුණු අය අද මේ තත්වය ඔවුන්ට ලබා දුන්නේ බණ්ඩාරනායක මහතා බව දන්නේ නැත.