IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාව අතර ගිවිසුමක්

ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 12කට එෆ් - 15 ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කළ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.

කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට උපකාර කරන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා  චෝදනා කර තිබෙන අවස්ථාවකදී මෙම ගිවිසුම අත්සන් කර තිබේ.

ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ජිම් මැටිස් මහතා සහ කටාර් නියෝජිතයන් පිරිසක් හමු වී මෙම ගිවිසුමට අත්සන් තබා ඇතැයි වාර්තා වෙයි.

මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ ප්‍රහාරක යානා 15කට යැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර තිබිණි.

මෙම ගිවිසුමත් සමඟ කටාර් රාජ්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර තිබෙන ආරක්ෂක සහ දෙරට අතරේ සහයෝගීතාව වර්ධනය වනු ඇතැයි පෙන්ටගනය විද්‍යුත් පණිවිඩයක් ඔස්සේ නිවේදනය කර තිබිණි.

ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස්.අයි.එස් සංවිධානයට එරෙහිව දැනට ක්‍රියාත්මක වන මෙහෙයුම් සහ ගල්ෆ් කලාපයේ මේ වන විට ඇති වී තිබෙන අර්බුද සම්බන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් මහතා සහ කටාර් රාජ්‍යයේ ආරක්ෂක කටයුතු අමාත්‍ය කලීඞ් අල් අතියාහ් මහතා සාකච්ඡා පවත්වා ඇත.  

එෆ් - 15 ක්‍යු.ඒ ප්‍රහාරක ගුවන් යානා 72ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 21.1කට අලෙවි කිරීමට ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකාව එකඟ වූ අතර එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වූයේ බොයිං සමාගමයි.

(රොයිටර් - 055)



අදහස් (11)

කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාව අතර ගිවිසුමක්

krishantha Thursday, 15 June 2017 06:51 AM

දැන් කබරගොයා තලගොයා වෙයි . තවමත් ඇමෙරිකාවට වඳින හරක් ඉන්නවනේ ලංකාවේ ..........

:       25       4

නුමා Thursday, 15 June 2017 07:18 AM

පේනවනේ, ලෝක බලවතා උනහම තැනකට ගිහින් කොටවල, විරසක කරලා, දෙපැත්තටම ආයුධ විකුණගන්න පුළුවන්. ඔන්න ඔහොම තම නව අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වෙන්නේ. ඉස්සර වගේ රටවල් වලට පහර දීල අල්ලගන්න දෙයක් නැහැ.

:       36       8

sachith Thursday, 15 June 2017 07:19 AM

"ප්‍රහාරක ගුවන් යානා 72ක්" මේ වගේ පොඩි රටකට මොකටද මෙච්චර ගොඩක්? දැන්වත් පේනවනේ මේ ඔක්කොම රගපෑමක් විතරයි කියල.

:       17       2

නුමා Thursday, 15 June 2017 07:23 AM

සෞදි / කටාර් කොටවන්න ඇමරිකාව වෙන මැදිහත් වීම දකිනකොට අපේ ලංකාව රත්තරන්. ආයේ වෙන එකෙක්ට ඇවිත් කොටවන්න ඉඩ තියල නැහැනේ. අපි අපිම පිල් බෙදිලා නිතරම කොටගන්නා ගමන් නේ ඉන්නේ. එක්කෝ දේශපාලනේට නැත්නම් ආගමට ඔය දෙකම දැලිපිහියේ දෙපැත්ත වගේ තමා. දැන් ඉස්කෝලෙක කෙල්ලෙක් හින්දවත් රණ්ඩුවක් වෙන්නේ නැහැ දේශපාලනේ සහ ආගම හින්ද නිතරම කොටගන්නා නිසා. අනේ අපේ පාසල් කාලය කොච්චර හොඳද, රණ්ඩුවක් උනත් ලජ්ජා නැතුව 'චිත්තෙකට' කියල කියන්න පුළුවන්.

:       51       19

isurandi Thursday, 15 June 2017 08:42 AM

ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන නියම තැනැත්තා කවුරුන්ද යනවග මෙයින් මොනවට පැහැදිලි වෙනවද.ගල්ෆ් කලාපයේ රටවල් බේදභින්න කරන්න හදන දෙපිටිකාට්ටු නියෝජිතයා කවුරුන්ද යනවග අපි කලින් ඉඳන්ම දන්නවා.

:       52       2

tony-maharagama Thursday, 15 June 2017 10:04 AM

දැන් දැන් ඇමරිකාව අර අඳින්නේ අරාබි රටවල් අතර යුද්ධයක් ඇවිලවීමටයි. ලෝකේ ලොකුම පොලිස්කාරයා කිව්වට, ලෝකේ ලොකුම ත්‍රස්තවාදී ක්‍රියා කරන්නෙත් ඇමරිකාව සහ ඊශ්රාලයයි. මේවට විරුද්ධව කතා සහ ක්‍රියා කරන හැම රටක්ම "ත්‍රස්තවාදීන්" කියල ලේබලය ගහන්නෙත්, ඒවා ජනතාව අතරට ගෙනියන්නෙත් මොවුන්ගේ අතකොලු බවට පත්වෙලා ඉන්න ලෝක ප්‍රසිද්ධ යයි කියාගන්නා මාධ්‍ය ආයතනයි. මොවුන්ට විරුද්ධවූ රටවල්වල නායකයින්ට මොවුන් අත්කළ ඉරණම ඉතාමත් සෝචනීයයි. ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ ගඩාෆි, වෙනිසුවෙලාවේ චාවේස් වගේ නායකයින්ට අවාසනාවන්ත මරණයන් අත්කරදුන්නේ මේ නරුම ත්‍රස්තවාදීනුයි.

:       44       3

mohamed GM Thursday, 15 June 2017 10:22 AM

ට්‍රම්ප් සෞදි ගිය එකයි, සෞදි කටාර් අර්බුදයයි සිදුඋනේ ඇයි කියල දැන් තමයි තේරෙන්නේ.

:       0       0

ravin Thursday, 15 June 2017 01:37 PM

හතර හිනා !!! දැන් අර පහුගිය දවස්වල චෝදනා කල ත්‍රස්ත සංවිදානවලට සහය දෙනවා කියපු චෝදනා ඉවත්වෙයිද ? ඔන්න ආයුධ සෙල්ලම.

:       0       1

RD Thursday, 15 June 2017 02:47 PM

බලං ගියාම මේකටනේ ඇමරිකාව සෞදි උත්සහ කරලා තියෙනේ.

:       30       4

sarath Thursday, 15 June 2017 03:52 PM

ඇමෙරිකන් සළුපට අහසට.....ඊයේ ත්‍රස්තවාදයට උදවු දෙන බව කී රටට අද බිලියන ගණනින් ආයුධ.............අනේ අපේ යහපාලන ය කඩේ යන ලොකු අයිය

:       25       3

ken Friday, 16 June 2017 04:03 PM

නුමා, ඔයාගේ කතාවනම් සියයට සීයක් ඇත්ත. කටේ රත්තරන් දාන්න වටිනවා.

:       46       4

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1935 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 215 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3496 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3076 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site