නිමන්ති රණසිංහ
ගිං නිල්වලා ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කළ මුදලින් රුපියල් කෝටි 401 ක මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියකට අදාළව වාරිමාර්ග හා ජල කළමණාකරන අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ. ඩබ්ලිව්. අයිවන් ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට දන්වමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර තිබූ මුදලින් සියයට පහක මුදලක් සැකකරු අවභාවිත කර ඇති බවත් මේ වන විට මෙම සැකකරු විමර්ශනවලින් මග හැර ගොස් ඇති බවත් සඳහන් කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය මෙම විවෘත වරෙන්තුව නිකුත් කළාය.
එසේම සැකකරු ගේ බැංකු ගිණුම් තුනක් පරීක්ෂා කිරීම සඳහා ද අවසරයක් ලබා දෙන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් අවසර ඉල්ලූ අතර ඒ සඳහා ද මහේස්ත‍්‍රාත්වරිය අදාළ මූල්‍ය ආයතන කළමණාකරුවන් වෙත නියෝග නිකුත් කළාය.
වාරිමාර්ග හා ජල කළමණාකරණ අමාත්‍යාංශය සිදුකිරීමට නියමිතව තිබූ ගිං නිල්වලා යෝජනා ක‍්‍රමය සඳහා සී ඒ එම් සී ඉන්ජිනියරින් සමාගමේ සභාපතිවරයා වූ ලියේ යැං මහතා සමඟ සැකකරු ඉකුත් 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනිදා ගිවිසුමක් අත්සන් කර එම යෝජනා ක‍්‍රමයට වැය වන මුදලින් සියයට පහක මුදලක් වූ රුපියල් මිලියන 4012ක මුදලක් අවභාවිත කළැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම සිද්ධියට අදාළව සැකකරුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා අවශ්‍යව තිබූණද මේ වන විට සැකකරු මෙරටින් පලා ගොස් නවසීලන්තයේ ජීවත් වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද මෙහිදී මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දෙනු ලැබීය. ඒ අනුව සැකකරුට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීය.
සිද්ධියට අදාළ නඩුව යළි ලබන මාර්තු මස 26 වැනිදා කැඳවීමට නියමිතව ඇත.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කෝටි 401ක් අවභාවිත කළ ලේකම්ට විවෘත වරෙන්තුවක්
ranjith Monday, 12 February 2018 04:01 PM
මෙහෙම හොරකම් කරන නිලදාරී ඉන්නවා නම් රටක් ගොඩනගන්නේ කොහොමද මහජන මුදල් කීයක්වත් හොරකම් කරන්න දෙන්න බැරී නීති ගේන්න පාලකයොත් උස්සහ කරන බවක් පෙන්නේ නැ
Simiyon Monday, 12 February 2018 07:31 PM
කොයි කාලේද මේක උනේ.?
pala Tuesday, 13 February 2018 12:26 AM
යහපාලන රජය පහුගිය ඇමතිලාට දඩුවම් කරන්න බය නම් අඩුම තරමෙ මෙ වගේ ඇමතිලාට මුවා වෙලා මහජන මුදල් හොරකම් කල නිලධාරින්ව සාක්ෂි සහිතව උසාවියට ඉදිරිපත් කරලා දියාරු නැති නඩුවක් දමලා නීතියෙ හැටියට උසරිම දඩුවම් දුන්නා නමි රජයට අද වුනු ඉරණම අත් වෙන්නේ නැහැ.
Ranjith Silva Tuesday, 13 February 2018 12:32 AM
අර හෙල්පින් හම්බන්තොට එකත් මේ වගේ නැවත හොයල බලන්නකෝ අනේ. දැන් සුදු වෑන් නැහැනේ.
vishleshaka Tuesday, 13 February 2018 02:52 AM
ඇත්තටම පුදුම සතුටක්. මේ නිව්ස් එක දැකලා පලිගැනීම් කතන්දර එන්නෙ දේශපාලකයන්ගෙ හොරකම් කතා කරන කොටනෙ. නිළධාරීන්ට ඔය කිසි ආරක්ෂාවක් නෑ. නිලධාරිය පිටුපස ඉන්න දේශපාලකයත් නිකම්ම මාට්ටු වෙනවා.
sarath perth Tuesday, 13 February 2018 03:25 AM
පාලකයෝ හොරකම් කරන්නේ නිලධාරීන්ටත් හොරකම් කරන්න ඉඩකඩ සලසාදෙමින් යයි මම සිතමි
chinka Tuesday, 13 February 2018 05:25 AM
මෙය හොරකමක් යයි දැනට නිගමනය කල නොහැකියි. ඕනෑම විශාල කොන්ත්‍රාත් එකක සියයට ගානක් ඇඩ්වාන්ස් එකක් ලෙස දෙන්න නීතිමය ප්‍රතිපාදන හා නියමයක් තියෙනවා. එය රජයේ නියමයක්. කුඩා කොන්ත්‍රාත් වලට එලෙස ගෙවන්නේ නෑ. අද පවා විශාල පාරවල් , පාලම් හදන අයට වැඩේ කරන්න කලින් එසේ ගෙවනවා. එකට කියන්නේ මොබයිලේෂන් ඇඩ්වාන්ස් එක කියල. ඒවා ගෙවන්නේ චෙක් මගින් ගිවිසුම් ගත සමාගමේ බැංකු ගිණුම් වලට. මෙහි වෙලා තියෙන්නේ කොන්ත්‍රාත් කරු නියමිත ලෙස වැඩය නොකිරීම. එයට නිලධාරියාව අල්ලලා වැඩක් නෑ.
සෙනෙවි Tuesday, 13 February 2018 11:09 AM
චින්කා... නමින් මේ ප්‍රතිචාරය දාන්න ඇත්තේ ඔය කියන ලේකම් වරයාම වෙන්න ඇතිනේද?