IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


කුඩු ජාවාරමුන්ගේ කෝටි 75 ක් බැංකුවල

(*** නිමන්ති රණසිංහ)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින “පරෙයි සුදා” මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 75කට අධික මුදලක් බැංකු ගිණුම්වල පවත්වාගෙන ගිය සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා ඉදිරියේ ඊයේ (17) කරුණු වාර්තා කළේය.

සැකකරුවන්ගේ බැංකු ගිණුම් වාර්තා අනුව මාස හතරක කාලයක දී මෙම මුදල සංසරණය වී ඇති බවට කරුණු අනාවරණය වන බවත්, අදාළ බැංකු ගිණුම්වල කොපමණ මුදල් ප්‍රමාණයක් සංසරණය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරමින් සිටින බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධියට අදාළව මේ වන විට ‘පරෙයි සුදා” නමැත්තාගේ මව, මස්සිනා, නෑනා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කර ඇත.

කාරියප්පෙරුමගේ දොන් සහන් සංකල්ප නොහොත් “පරෙයි සුදා” නමැත්තාගේ සහෝදරයා වන “අමිල නන්දන” යන අය විසින් මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම මෙහෙයවනු ලබන බවත්, එහි සියලුම මුදල් ගනුදෙනු ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයකුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවට කරුණු අනාවරණය වී ඇති බවත් පෑලියගොඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන පරීක්ෂණයකට අනුව කෙරුණු විමර්ශනයක දී මෙම කරුණු අනාවරණය වී ඇති බවද පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

පෑලියගොඩ මල්වත්ත ප්‍රදේශයේදී හෙරොයින් කිලෝවක් සමග “පරෙයි සුදා” යන අය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී සහ දුරකතන වාර්තාවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. පසුව එම සැකකරුවන් සියලු දෙනාගේම දුරකතන වාර්තා කැඳවීමෙන් අනතුරුව මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය අධිකරණයට සඳහන් කර තිබේ.

මෙම සංවිධානාත්මක ජාවාරම් කල්ලිය මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම සිදුකර විශාල වශයෙන් මුදල් උපයා ඇති බවත්, ඔවුන් උපයාගෙන ඇති මුදල් ප්‍රමාණය නිවැරදිව මෙතෙක් නිශ්චය කර නොමැති බවත් පොලීසිය අධිකරණයට සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන අතර මෙම සංවිධානාත්මක අපරාධය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට අමතරව තවත් සැකකරුවන් රාශියක් අත්අඩංගුවට ගැනීමට සිටින බව ද පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.



අදහස් (1)

කුඩු ජාවාරමුන්ගේ කෝටි 75 ක් බැංකුවල

Kamal Koyrala Tuesday, 18 August 2020 09:58 AM

සියලුම අයට උපයාගැනීම් සහ අයථා ලෙස දේපළ රැස් කළ සියලුම මැති ඇමැති, පොලිස්, රාජ්‍ය නිලධාරි, මුදල් විශුද්ධීකරණ පනත යටතේ දඬුවම් කර රාජසන්තක කළ යුතුයි. කුඩු සල්ලි පමණක් නොවේ. එකී දේපළ, මුදල් කන්දරාවෙන් රටේ ණය බර ස්වල්පයක් හෝ අඩුකළ හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 31 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 438 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 609 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 791 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 184 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


ගිං ගඟේ දෙදෙනෙක් සැඟ වෙති
2025 මාර්තු මස 13 226 0

අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 451 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site