IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘කුඩු ව්‍යාපාරය නතර කරන්න නීති සම්පාදනය කරනවා’

(අංජුල  මහික වීරරත්න)
 
අපරාධ වැඩිවීමට මූලික හේතුවක් වු කුඩු ව්‍යාපාරය නතර කිරීමට නව නීති සම්පාදනය කරන බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක දී අද (10) පැවසීය.                           
බන්ධනාගාරයේ සිට අපරාධ මෙහෙයුම් සහ කුඩු ව්‍යාපාර නතර කිරීම සඳහා පොලිසියට සහ හමුදාවට බන්ධනාගාරය තුළ වැටලීම් කිරීමට අවස්ථාව දිය යුතු බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා බොහෝ අපරාධකරුවන් ඇණවුම් කරන “ඊෂි කෑෂ්” ක්‍රමය ඉදිරියේදී නතර කිරීමට සිදුවනු ඇති බවද කීය.                            
වර්තමානයේදී පාතාලයට රාජ්‍ය ආශිර්වාදය නොලැබෙන අතර සුදු වෑන් යුගයේදී රජයේ නිල පාතාල කල්ලි සිටි බව අමතක කළ යුතු නැතැයි පැවසීය.                             

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (11)

‘කුඩු ව්‍යාපාරය නතර කරන්න නීති සම්පාදනය කරනවා’

lusena Tuesday, 10 July 2018 10:43 AM

රටවටේ බැනබන යන්නේ නැතුව කුඩුකාරයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. බොරු බයිලා නව නීති වැඩක් නැ. මැදපෙරදිග 10 g ළඟ තියාගත්තත් ක්ෂණික එල්ලා මැරීම, ලංකාවේ 100 kg අල්ලගත්තත් හිරෙන් නිදහස් වෙනවා. අතීතයට බනින්නේ නැතුව, සංසන්දනය කරන්නේ නැතුව පුළුවන්නේ වර්තමානයේ ක්‍රියාමාර්ග ගන්න. දැන් ඔයගොල්ලන්ගේ ආණ්ඩුවනේ තියෙන්නේ. ලුසේනා.

:       0       0

Senarath Tuesday, 10 July 2018 10:49 AM

අලුත් නීති උවමනා නැහැ, අවශ්‍ය වන්නේ දක්ෂ නිලදාරින්ට දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොරව රාජකාරිය කිරීමට ඉඩදීම පමණි. අද වෙලා තිඑන්නේ බොහොමයක් දේශපාලකයෝ කුඩුකාරයන්ගේ, පාතාලයන්ගේ ආධාරයෙන් ඡන්ද දිනන්නේ. ඒ වගේම ඔවුන්ගෙන් ලැබෙන මුදල් කුට්ටි මත නිවැරදි තීරණ ගන්නේ නැහැ. පක්ෂග්‍රාහී වෙනවා. ඒවයෙන් වෙන්නේ හොද නිලදාරීන් අධෛර්යමත් වෙලා ඔවුනුත් අන්තිමේදී සාක්කුවලට වැටෙනවා. එහෙම නැත්නම් මැරුම් කනවා. ඒ වගේම කුඩුකාරයන්ට පුළුවන් දේශපාලන හයිය අරගෙන හොද නිලදාරීන් දුර පළාත් වලට මාරුකරලා දඩුවම් දෙන්න.

:       0       0

sena Tuesday, 10 July 2018 10:50 AM

නීති හදලා වැඩක් නැහැ සර්, නීති ක්‍රියාත්මක කරන්න නිලධාරින්ට වගේම රටේ පාලකයින්ටත් අවශ්‍ය තාවයක් තිබිය යුතුයි.......

:       0       0

sathyapala Tuesday, 10 July 2018 10:50 AM

නීති හදලා ඉවර වෙනකොට ලංකාව කුඩු වෙලා තියේවි.

:       0       0

Senarath Tuesday, 10 July 2018 10:50 AM

අලුත් නීති උවමනා නැහැ, අවශ්‍ය වන්නේ දක්ෂ නිලධාරින්ට දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොරව රාජකාරිය කිරීමට ඉඩදීම පමණි. අද වෙලා තියෙන්නේ බොහොමයක් දේශපාලකයෝ කුඩුකාරයන්ගේ, පාතාලයන්ගේ ආධාරයෙන් ඡන්ද දිනන්නේ. ඒ වගේම ඔවුන්ගෙන් ලැබෙන මුදල් කුට්ටි මත නිවැරදි තීරණ ගන්නේ නැහැ. පක්ෂග්‍රාහී වෙනවා. එවයෙන් වෙන්නේ හොද නිලධාරීන් අධෛර්යමත් වෙලා ඔවුනුත් අන්තිමේදී කුඩන්ගේ සාක්කුවලට වැටෙනවා. එහෙම නැත්නම් කුද්දන් අතින් මැරුම් කනවා. ඒ වගේම කූද්දන්ට පුළුවන් දේශපාලන හයිය අරගෙන හොද නිලධාරීන් දුර පලත් වලට මාරුකරලා දඩුවම් දෙන්න. අන්තිමේදී සමහර නිලධාරීන් කුද්දන්ගෙන් උඩු ඉල්ලගෙන උසස්වීම් ගන්න අවස්ථා තියෙනවා.

:       0       0

sam Tuesday, 10 July 2018 10:59 AM

පාතාලයට රාජ්‍ය ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ කියන එක නම් ඇත්තයි. රජයක් නැති කල, ආශිර්වාදයක් කවර කල!

:       0       0

tommy Tuesday, 10 July 2018 11:00 AM

බන්ධනාගාරය තුළ සිට අපරාධ මෙහෙයවීමට ජංගම දුරකථන අවශ්‍යයි. බන්ධනාගාරය තුළට ජංගම දුරකථන ගෙන යාම වැලැක්වීම ඔය තරම් අමාරු දෙයක්ද? බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ රාජකාරිය නිවැරදිව කරනවා නම් ඔවැනි දේ වැලැක්විය හැකියි. මෙවැනි දේ සඳහා නව නීති සම්පාදනය කරන්නට යන බව කීම තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීමක් පමණි.

:       0       0

Bamunuarachchi Tuesday, 10 July 2018 11:15 AM

මේ අය දැන් නින්දෙන් ඇහැරිලා වගේ කතාකොරන්නේ. මේ අවුරුදු ගණනාවටම කුඩු නැති කෙරීමට රටේ නීති නැතියි කියා දැනගෙන සිටියේ නැද්ද.

:       0       0

sam Tuesday, 10 July 2018 11:18 AM

අයියෝ තවම මේවා නැද්ද. කැබිනට් ඇමති කෙනෙක් පත්කරන්න

:       0       0

V.warnakulasuriya Tuesday, 10 July 2018 11:18 AM

නරකද මේක ඉදිරි ජනාධිපතිවරණය සඳහා තියා ගත්තා නම්.

:       0       0

Lashan Tuesday, 10 July 2018 12:53 PM

ඇයි දැන් තියෙන නීතියට අනුව කුඩු විකුණන්න ලේසි ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 494 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1724 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site