බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු පැද වූ මෝටර් රථයක් අද (23) ආර්.ඒ.ද මෙල් මාවත රැජින පාර හංදියේදී හදිසියේම ගිනි ගෙන සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
අනතුරින් කථිකාචාර්යවරයාට අනතුරක් සිදුවී නැති බව පොලිසිය පැවසීය.
මෝටර් රථය කොල්ලුපිටිය සිට බම්බලපිටිය දෙසට ධාවනය වෙමින් තිබියදී මොටර් රථයේ ඉදිරිපස කොටසින් ගින්න හට ගෙන ඇති බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ වලදී හෙලි වී ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පොලිසිය කියයි.
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කථිකාචාර්යවරයාගේ මෝටර් රථය හදිසියේ ගිනි ගනී
Sanath Monday, 23 July 2018 03:40 PM
කථිකාචාර්යවරුන්ට ආනයන බදු සහන වාහන ගෙන්වන්න දීලත් මෙයා මං වගේම පරණ වාහනයකනේ දුවන්නේ ඉතින් ඒවා ගිනි ගන්නේ නැතුව තියේවියැ.
delin silva berlin Monday, 23 July 2018 05:53 PM
ලංකාවට වාහන ගෙන්වන විට ගහන විශාල බද්ද නිසා මිනිස්සු පරණ වාහන භාවිත කරනවා. පරණ වාහන අධික ලෙස ඉන්ධන දහනය කරන අතර, ගිනි ගැනීම්, හදිසි අනතුරු සිදුවීමේ සම්භාව්‍යතාවය අතින්ද ඉහල අගයක් ගන්නවා. සාමාන්‍ය ජනතාවට අධික බද්දක් ගහන එකත් දේශපාලකයන්ට සහ රජයේ ඉහල නිලධාරීන්ට වසර 5 න් 5 ට තීරු බදු සහන දීමත් ඉතාම අසාධාරණයි.
AsankaTuesday, 24 July 2018 05:32 AM
පැහැදිලිවම ඇත්ත, පර්මිට් එක නැත්නම් ජපානයේ වාහනයේ නියම මිල වගේ 3 ගුණයක් ගෙවන්න සිද්ධ වෙනවා ලංකාවට එද්දී, නවීන වාහන ආරක්ෂාව අතින් ඉහලයි, මේ වසර 15,20 පරණ වාහන වල විදුලි ,ඉන්ධන කාන්දුවීම් වෙන්න පුළුවන්. සාමාන්‍ය ජනයාට ආරක්ෂාකාරී ජපන් වහනයක් සාධාරණ මිලට කවදා ගන්න ලැබේද?
සනිධප Monday, 23 July 2018 08:48 PM
මෙය ඉන්දියන් නැනෝ වර්ගයේ රථයක්. මිට කලිනුත් මේ වර්ගයේම ටැක්සියක් මිනිස්සු ඇතුලේ ඉන්නකොටම ගිනිගත්තා. මේ ජරාවල් මේ රටට ගෙන්වන්නේ කවුද.?
rocky Tuesday, 24 July 2018 01:54 AM
සමහර කපටි මිනිස්සු ඉන්ෂුවරන්ස් එකෙන් කොටන්න බලා ගනත් වාහන ගිනි තියනවලු නේද?
jayath Tuesday, 24 July 2018 02:29 AM
මෙතන තියන ප්‍රශ්නේ වහනය අලුත් ද පරණද කියන එක නෙමි අනිවාර්යයෙන්ම " මක බාස් " කෙනෙක් මේක හදන්න ඇති මම දැකල තියන වාහන 95% විතර ගිනි අරන් තියෙන්නේ "බාස්" ලගේ නොසැලකිල්ලෙන් . කනගාටුවට කරණය ඒ අලුත් තාක්ෂණය නොදන්නා අයට එක දෙන්න වැඩපිළිවෙල මේ රටේ නැහැ.....
Darshan Tuesday, 24 July 2018 03:04 AM
අවට ඇති ඕනෑම ආයතනයක ගිනි නිවන උපකරණයක් නොතිබුනේ ද?