IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


කථිකයන් නැතිව පාර්ලිමේන්තුව පැයෙන් නවතී

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

මැතිසබයේ අද (8) පැවැති විවාදය ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ කථිකයන් නොසිටීම නිසා පැයකින් නැවතිණි.

විවාදයට ගැනුණු පනත් කෙටුම්පත හා නියෝග සම්මත කර පාර්ලිමේන්තුව හෙට (9) උදේ 10.00 දක්වා කල් තැබීමට මේ අනුව මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අනාන්ද කුමාරසිරි මහතාට සිදු විය.

දහවල් 2.00ට පමණ ආණ්ඩුව මෙම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිත තිබිණි.ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ කථිකයන් නොසිටීම නිසා විවාදය පස්වරු 3.10ට පමණ අවසන් කෙරිණි.

මේ අනුව මැතිසබයේ කටයුතු ද පැය තුනකට පමණ සීමාවිය.මැතිසබයේ අද විවාදයට  ගැනුණේ නිවාස අමාත්‍යංශයට අදාළ බද්ධ නිවාස අයිතිවාසිකම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත හා ඉදිකිරීම්  කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝගයන්ය. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම පනත් කෙටුම්පත හා නියෝග දෙවැනිවර කියැවීම සඳහා ඉදිරිපත් කළේය.



අදහස් (6)

කථිකයන් නැතිව පාර්ලිමේන්තුව පැයෙන් නවතී

prabha Wednesday, 08 August 2018 03:17 PM

ඉතින් අපි මේ අයගේ පඩියත් වැඩිකරලා අවුරුදු 5න් පස්සේ විශ්‍රාමික වැටුපත් හදලා දෙමු..

:       0       47

Raveendra Wednesday, 08 August 2018 04:03 PM

කරුණාකර තම තමන් වන්දනාමාන කරන කාලකන්නි පක්ෂ ගැන අඩුතරමින් ටික වෙලාවකට හෝ අමතක කර මෙම සිදුවීම පිළිබඳව අවංකව සිතන්න. පාර්ලිමේන්තුව යනු රටක කුමන වැදගත්කමක් ගන්නා ස්ථානයක්ද යන්න අප කිසිවකු අමුතුවෙන් දැනගැනීමට අවශ්‍ය නොවන බව කිව යුතුය. අප රටේ මහජනතාවට සේවය කිරීමට බව පවසමින් මේ අපේ නියම මහජන නියෝජිතයින්ද? අද දින ඔබේ, අපේ මුදල් මොනතරම් නාස්තිකර ඇද්ද? මෙවන් කාලකන්නින්ට අප විසින් අවංකව අපේ මහජන නියෝජිතයන් කියන්නේ කෙසේද? රටේ මුල් පුරවැසියාත් මෙම නිවට නිහින කාලකන්නි සිදුවීමට වගකිව යුතු නොවේද? " 225ටම තමාගේ පඩි වැඩිකර ගැනීමට තිබෙන උනන්දුව රටේ දියුණුව වෙනුවෙන් තිබේද? මෙම අසීලාචාර පිනට කකා බිබී ඉන්න අලුගුත්තේරුවන් තව දුරටත් මෙම උත්තරීතර ස්ථානයේ තැබිය යුතුද?

:       1       621

nishanath Thursday, 09 August 2018 02:17 AM

අපි වපුරපු දේ අපට නෙලා ගැනීමට සිදුවී ඇත. නිසි බීජ නිසි ලෙස වැපිරීමට මැටි මානසිකත්වයෙන් මිදී කටයුතු කරමු

:       0       20

Nelson Deraniyagala, U.S.A. Wednesday, 08 August 2018 06:07 PM

අනේ මේවගේ මහජන නියෝජිතයන්ට දෙන පඩි හා දීමනා දීම මහා අපරාදයක්. වැදගත් දිනයක නොයෙන අයගෙන් දිනයේ පඩිය අය කරගත යුතුය.

:       0       0

rocky Thursday, 09 August 2018 01:25 AM

මහ ජනතාව වෙනුවෙන් මොවුන්ට තියන කැපවීම මේකෙන්ම පෙනෙනවානේ?

:       0       6

kalani Thursday, 09 August 2018 05:01 AM

පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා තුළ දහස් සංඛාත මහජන නියෝජිතයින් ඉටු කරන සේවය ගැන අප තුළ ඇත්තේ සැබවින්ම පිළිකුල් සහගත අප්‍රසාදයක්. මෙම කණ්ඩායම නඩත්තු කිරීම සඳහා ජාතික ධනයෙන් විශාල මුදලක් වැය කරනවා. දැවැන්ත කැබිනට් මණ්ඩලයක් සමඟින් මහජන සේවකයින් ලෙස නොව මහජන පිඩකයින් ලෙස හැසිරෙත්දී අපි කම්මුලට අත්ල තබාගෙන කම්පාවෙන් බලා සිටිමු. පාර්ලිමේන්තු එක දිනක වියදම රුපියල් මිලියන 05ක් පමණ වෙයි. වසර 70ක් තුළ අගාධයේ පතුලට අද දැමු රටක් ඉන් නිදහස් කර ගැනීම වෙනුවට මහජන නියෝජිතයින් සියලු වරප්‍රසාද ලබමින් කරන විගඩම් කෙළවර වෙන්නේ කවරදාද? තම මව්බිමට ආදරය කරන සැබෑ උගත්, බුද්ධිමත් මිනිසුන් කණ්ඩායමක් තෝරා ගැනීමට අපි සංවිධානය වෙමු.

:       0       147

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 21 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 124 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 633 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 705 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 943 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 214 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 453 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site