(මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම අඹගහ පුර සමාධි මාවතේ නිවසක කොන්ක්‍රීට් වලින් ඉදිකළ ඉස්තෝප්පුවක් අනාරක්ෂිත ලෙස කඩා ඉවත් කිරීමට යාමේදී කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් කම්කරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මහරගම පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දැරණියගල පදිංචි චමින්ද අරුණ ප්‍රභාත් සිරිවර්ධන නම් 49හැවිරිදි දෙදරු පියකු බව පොලීසිය කියයි.
පැරණි නිවසක් ඉදිරිපිට කොන්ක්‍රීට් වලින් ඉදි කර තිබූ ඉස්තෝප්පුවක් අද (12) සවස කඩා ඉවත් කිරීමට යාමේදි ඉන් කොටසක් එකම වරම බිමට ඇද වැටීමත් සමග කම්කරුවාගේ සිරුර කොන්ක්‍රීට් තට්ටු දෙකකට සිරවීමත් සමග එම ස්ථානයේදීම මිය ගොස් සිටි බව පොලිසිය පවසයි .
ඒ අනුව මහරගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු එච්.එම්. ඩග්ලස් මහතා එම ස්ථානයට පැමිණ පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය .
ඒ අනුව දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ෙහට (13) කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදුකිරීමට නියමිතය.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මහරගම පොලිසිය විසින් සිදුකිරීමට නියමිතය.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටී අයෙක් මරුට