(විනීතා එම්. ගමගේ)
පළාත් සභාවන්හි කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා සඳුදා(10) ප‍්‍රකාශයට පත් කරනු ලැබු ගැසට් නිවේදනය ඉදිරි පළාත් සභා මැතිවරණය කල් දැමීමට හේතුවක් කර නොගන්නැයි කැෆේ සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරයි.
1988 අංක 2 දරන පළාත් සභා ඡුන්ද විමසීමේ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන පනතක් රජය ඉකුත් 10 දා ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත් කළේය.
එම ගැසට් පත‍්‍රය අනුව පළාත් සභාවන්හි කාන්තා නියෝජනය 30% ක් දක්වා ඉහළ නැංවීමට රජය ගත් පියවර අගය කරන බවත් එය කැෆේ සංවිධානය දිගු කලක සිට කළ ඉල්ලීමක් බවත් එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේය.
කෙසේ නමුත් නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභාවන්හි නිල කාලය මේ වසරේ අවසන් වන බැවින් ඔක්තෝබර් 2 වැනිදා ඊට අදාල ගැසට් පත‍්‍රය නිකුත් කරමින් පළාත් සභා ඡන්ද විමසීම ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇතැයි තෙන්නකෝන් මහතා කීය.
එහෙත් කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා ප‍්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය හේතුවක් කරගෙන මැතිවරණය කල් දැමිමේ ගැසට් පත‍්‍රය හේතුකර නොගන්නැයි ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘කාන්තා නියෝජනය ඉහළ දැමීම ඡන්දය කල් දැමීමට හේතුවක් කරගන්න එපා‘ - කැෆේ
susantha Thursday, 13 July 2017 10:06 AM
කාලෙන් කාලෙට මොන දහන් ගැට දමල හරි ඡන්දෙ කල් දා නොගත්තොත් කොහොමද ආණ්ඩුව රෙදි ඇඳන් ආණ්ඩු කරන්නේ, පරදින පැරදිල්ලට?. ඉතින් යහපලානේ නාමෙන් ඡන්ද කල් දාන්නම වෙනවා 2020 පහුවෙනකන්වත්.