IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘කන්නෙලිය රක්ෂිතයේ හබන් කුකුළු ජාවාරමක්‘

 (රවී ලියනගේ)
 
කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ මහා පරිමාණ  හබන් කුකුළන් ජාවාරමක්  සිදුකෙරෙන  බව කන්නෙලිය  සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

කන්නෙලිය සුරැකීමේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු, රුහුණු විශ්වවිද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශම්මික ලියනගේ මහතා මේ බව අනාවරණය කළේ  කන්නෙලිය  සුරැකීමේ ජාතික ව්‍යාපාරය ගාල්ල දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවත්වූ  මාධ්‍ය හමුවකදීය.
  
 මෙහිදී අදහස් දැක්වූ ගාල්ල ජෛව විවිධත්ව  අධ්‍යයන හා ගවේශන සංගමයේ සභාපති ක්‍රිෂාන්  වේවැල්වල මහතා මෙසේ පැවසීය.
 
"කන්නෙලිය තවමත් සොයා නොගත්  සත්ව විශේෂයන් සිටින බව දැනට කෙරෙන පර්යේෂණවලදී අලුතින් ජීවීන් හමුවීම  නිසා පේනවා. මිරිදිය කකුළුවන් ගැන කිසිදු පර්යේෂණයක් ලංකාවේ සිදුවී නෑ. ඒ නිසා මිරිදිය කකුළුවන් තවත් සොයාගැනීමට  ඉඩ කඩ තියෙනවා. ස්කෑන් ව්‍යාපෘතිය නිසා පරිසරයට හානි සිදුවෙනවා. කන්නෙලිය මාර්ග පද්ධතියේ දෙපස තියෙන කානුවල පරිසර පද්ධතියේ ජීවීන්ගේ විවිධත්වය නැති වෙලා යනවා.

වනාන්තරවල කානු කොන්ක්‍රීට් කිරීම හරහා සතුන්ගේ බලපෑම් ඇති වෙනවා. මිරිදිය මසුන්ට අදාළ  පාරිසරික තත්වයන් විනාශ වීම නිසා මේ සතුන් මේ ලෝකයට එකතුවීම වැළකෙනවා. සතුන්ට අවශ්‍යවන පාරිසරික තත්ත්වයන් විනාශ වීම හේතුවෙන් මේ විවිධත්වය විඳින්න එන විදේශිකයින්ගේ ප්‍රමාණය අඩු වෙන්නත් ඉඩ තියෙනවා.
 
කන්නෙලිය රක්ෂිතයේ සිදුවන හබන් කුකුළන්ගේ ජාවාරම  වැළැක්වීමට කටයුතු කළ යුතුයි. මෙය අනාගතයට රැගෙන ආ යුතුයි කියන පණිවුඩය අපි සමාජයට ලබාදෙනවා"

 වාල සංඝාඨ සංවිධානයේ කැඳවුම්කරු චමින්ද රුහුණගේ මහතා, මෙසේ පැවසීය.

"සිංහරාජයට තියෙන වටිනාම පාරිසරික භූමියේ සිදුවන පරිසරික සංහාරය හබන් කුකුළන් ඝාතනය කිරීම් තුළින්ම පේනවා. මේ සතුන්  විවිධ වෛද්‍ය ක්ෂේත්‍රයනට පවා විකිණෙනවා. මෙවන් පාරිසරික වටිනාකමක් තියෙන වටිනා කන්නෙළිය භූමිය ආරක්ෂා කරන්න සියලු පරිසර සංවිධාන එක්කරමින් ඉදිරියේදී කටයුතු කරනවා. මේ ගැන අවධානය යොමු කරලා මේ වෙන විනාශය නවත්වන්න කටයුතු කරන්න කියලා අප ඉල්ලනවා.  මේ විනාශය සිදුවීම ගාල්ල දිසාවට වගේම මාතෘභූමිය  වෙනුවෙන් රැක දෙන්න කටයුතු කරන්න කියලා අපි කියනවා. කන්නෙලියේ හබන් කුකුළන් ජාවාරමට එරෙහිව පියවර ගන්න, නැත්නම්  අපි ඉදිරියේදී දැඩිව කටයුතු කරනවා.

කන්නෙලිය සුරැකීමේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු රුහුණු විශ්ව විද්‍යාලයේ  ජෙෂ්ඨ කථිකාචාර්ය ශම්මික ලියනගේ මහතා, මෙසේ පැවසී්‍ය.

කන්නෙලිය රක්ෂිතයේ සිදුකරන මේ  පරිසර විනාශයන් නැති කරන්න කටයුතු කළ යුතුව තිබෙනවා.විශාල සංචාරක ආකර්ෂණයක්  ඇති තැනක් තමයි කන්නෙලිය කියන්නේ. එවැනි පාරිසරික  සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකි  ස්ථානවල පාරිසරික තත්වයන් විනාශවලට  ලක්වෙන තත්වයක් තමයි තියෙන්නේ"

කන්නෙලිය  සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ගාල්ලේ පාරිසරික සංවිධාන කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්  මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.  මේ සඳහා ජාතික විද්වත් සංවිධානය,  වාල සංඝාඨ සංවිධානය, ගාල්ල ජෛව විවිධත්ව  අධ්‍යයන හා ගවේශණ සංගමය ඇතුළු පරිසර සංවිධාන නියෝජිතවරු පිරිසක් මෙම  මාධ්‍ය හමුවට එක්ව සිටියහ.



අදහස් (1)

‘කන්නෙලිය රක්ෂිතයේ හබන් කුකුළු ජාවාරමක්‘

lalithm Monday, 01 July 2019 04:36 AM

ජාතික සම්පත් අනාගතයට සුරැකීම රජයට පමණක් කල නොහැකි දෙයක්. මහජනයා සතු යුතුකම මෙහිදී ඉතාම බරපතල දෙයක්. වන රක්ෂකයන් වුණත් සමහර බලවතුන් ඉදිරියේ අසරණ වෙනවා. මහජනයා ඉදිරිපත් නොවී වන සම්පත් සහ ජෛව සම්පත් රැකගත නොහැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 5 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 122 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 211 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 147 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 265 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 126 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site