IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


කඳුකරයේ ආගන්තුක ශාක ඉවත්කරන්න රජය සැරසෙයි

 

 

විනීතා එම් ගමගේ

මධ්‍යම කඳුකරයේ වවා ඇති යුකැලිප්ටස්, ෆයිනස්, ඇකේෂියා, ඇතුළු පරිසර හිතකාමි නොවන වගාවන් ඉවත් කර ඒ වෙනුවට දේශීය ශාඛ වැවීමට රජය පියවර ගෙන ඇත.

අක්කර 3,50,000 කට අධික ප‍්‍රමාණයක ෆයිනස් ඇකේෂියා හා යුකැලිප්ටස් වැනි විදේශීය ශාක වර්ග වවා ඇති අතර වාණිජ වගාවන් ලෙස වවා ඇති මෙම ශාක හේතුවෙන් මධ්‍ය කඳුකරයේ ජල පෝෂක විනාශ වන බවත් යටි වගාවන් වැනසී යාම නිසා පස සේදී  යන බවත් පරිසර විද්‍යාඥයින් කලක් තිස්සේ පෙන්වා දෙනු ලබයි. 

කෘෂිකර්ම අමාත්‍යංශය පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් එක්ව මෙම කටයුත්ත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අද (10) පැවැසීය.

ඉක්මණින්ම මෙම ආගන්තුක ශාක මධ්‍ය කඳුකරයේ සංවේදී පරිසරයෙන් ඉවත්කර දේශීය ශාක වවන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දුන් බවත් ඒ අනුව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කීය.

මී, පලූ, වීර, කොස්, ඉඟිනි, මොර, කළුවර ඇතුළු දේශීය ශාක මේ සඳහා යොදා ගන්නා බව ද මෙහි ආරම්භක ව්‍යාපෘතිය හපුතලෙන් ආරම්භ කරන බව ද හෙතෙම සඳහන් කළේය.

හපුතලේ දියතලාව ප‍්‍රදේශවල අක්කර 100 කට අධික ෆයිනස් වගාවක් ඉවත් කර දේශීය ශාඛ වැවීමට මේ වනවිට සියල්ල සුදානම් කර ඇති බවත්  අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

 

 

 

 

 

 

 



අදහස් (28)

කඳුකරයේ ආගන්තුක ශාක ඉවත්කරන්න රජය සැරසෙයි

Bamunuarachchi Friday, 10 August 2018 01:47 PM

අඩු ගානෙ ඔය ප්‍රයෝජනවත් වැඩේවත් රටට කරන්න

:       0       1

dhammika Friday, 10 August 2018 02:13 PM

කරනවා නම් සුපිරි වැඩක්. පුලුවන් නම් මධ්‍යම කඳුකරයේ සුදුසු තැන්වල නැවත වන වගාව දානවා නම් හොඳයි.

:       0       484

anuraSaturday, 11 August 2018 04:43 AM

ඔව් සුපිරි වැඩක් තමයි. ආගන්තුක ශාඛ වුණත් ඒවා කපා දමා කඳුකරයේ තැනින් තැන මුඩු බිම් ඇති කරයි. ඔය විදිහට තේ වගාවත් ඉවත් කළ යුතුයි. ඒකත් ආගන්තුක ශාඛයක්. නිකන් ඉන්නකොට කාටත් එක එක අදහස් හිතට එනවා. නමුත් ඒවා නුවැණැතිව විග්‍රහ කර බැලිය යුතුය. ඒවායේ අතුරු ඵල විපාක හොඳින් සොයා බැලිය යුතුයි.

:       0       0

BamunuarachchiTuesday, 14 August 2018 07:38 AM

ඔය කීවේ! වටිනා මොලයක්.

:       0       0

kumar (gulf) Friday, 10 August 2018 03:52 PM

ස්වභාවික වන වගාව කෙසේවෙතත් තියෙන ගස් ටික කපලා විකුණගෙන දේශපාලන අැම්බැට්ටයන් හා හෙන්චයියලා ටික හොඳට මුදල් ගරාගනීවි. අන්තිමට ස්වභාවික වනෙත් නෑ. තිබිච්ච අස්වාභාවික වනෙත් නෑ.

:       32       421

Dusara Friday, 10 August 2018 04:57 PM

හොඳ අදහසක්.

:       0       0

sa Friday, 10 August 2018 05:58 PM

අනිත් ගස් ටිකටත් දෙයියන්ගේම පිහිට තමයි

:       0       0

aba Friday, 10 August 2018 07:26 PM

එතකොට තේ වගාවත් ඉවත් කරනවද?

:       0       0

ajith Friday, 10 August 2018 08:39 PM

මේ ගස් ගින්නෙන් මැරෙන්නේ නැහැ සහ මේවා නිසරු තැන්වල වැවෙනවා.

:       0       0

ඉරාන් Friday, 10 August 2018 08:53 PM

පරක්කු වෙලාහරි ගත්තු හොඳ තීරණයක්.

:       0       0

ප්‍රසාද් Friday, 10 August 2018 08:59 PM

මේකේ යටි අරමුණ ගස් ටික කපා විකිනීම කියා මට හිතෙන්නේ.

:       0       0

ගයාන් Saturday, 11 August 2018 01:11 AM

ඉතාම හොද වැඩක්.

:       0       0

ගයාන් Saturday, 11 August 2018 01:24 AM

ඉතාම හොද වැඩක්.

:       0       0

Sisili Bisili Saturday, 11 August 2018 01:58 AM

ඉතාම හොඳ වැඩක්. හැබැයි මේගොල්ලෝ කොහොම මේවා කරයිද කියලා විශ්වාස නැහැ. ගස් ටික කපලා දාල හොටෙල් ටිකක් ගහයි. විල්පත්තුව බේර ගන්න බැරි ආණ්ඩුව ගැන කවර කතාද?

:       0       0

kalani Saturday, 11 August 2018 03:08 AM

වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවරයා දේශයට වඩාත් යහපත් යෝජනා ඉදිරිපත් කරන බවක් පෙනේ. යෝජනා වලට සිමා නොවී පරිසර සංවිධාන සහ මුළු මහත් ජනතාව මෙම විෂය කෙරෙහි අවධි කරවීමේ වැඩ පිළිවෙලක් සුදානම් කරන්න. සෑම යහපත් මිනිසෙක්ම වසරකට දින දෙකක් හෝ මෙම ජාතික වැඩපිළිවෙලට කැඳවා ගන්න.

:       0       0

nirmala Saturday, 11 August 2018 03:24 AM

කෙහෙල්මල... ගස්ටික දැව කර ගැනීමේ අවශ්‍යතාවයයි මේ. උක් වගාවලට සාමාන්‍ය ගස් ඇති බිම් කපා විකුණමින් අපිට කියන බණ මේවා... ඉස්සරම වන වගාවට අත ගහල ඉන්න. ගස් ටික කපලා කාන්තාරයක් කරලා, නැවත පැල සිටුවීම සාර්ථකව කරන්න පුළුවන්ද? එහෙනම්, විල්පත්තු වලින්ම පෙන්නන්න.

:       1       101

anura Saturday, 11 August 2018 04:36 AM

ඔය දේ මුලදි කරන්න තිබුණු දෙයක්. නමුත් දැන් කරන්න යන්නේ ආගන්තුක ශාඛ වුණත් දැන් රූස්ස ලෙස වැවී තිබෙන ගස් ටික කපා දමන්න කරන ප්‍රයෝගකාර වැඩක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. මේ දිනවල නොයෙක් අළුත් ව්‍යාපෘති ආවාට ඒවායේ යටි අරමුණු හිතාගන්නවත් බැහැ. උදාහරණ ලෙස සීගිරි කේබල් කාර් ව්‍යාපෘතිය, ගාලු ක්‍රීඩාංගණය වගේ දේවල් කියන්න පුළුවන්. යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා කථාවකුත් තියෙනවනේ!

:       1       133

isurandi Saturday, 11 August 2018 04:44 AM

පේනවා නේද සේරම කුණුගොඩවල් විදේශයෙන් ගෙනත් ගොඩගහ ගත්තම වෙන නස්පැත්තිය.

:       0       0

රංජිත් ආරියරත්න Saturday, 11 August 2018 04:58 AM

ඉතා සුපරික්ෂාකාරීව කළයුතු හොද කටයුත්තකි. කෘෂි, පාංශු, වන සහ පරිසර විශේෂඥ උපදෙස් සහ සහාය මේ සදහා අනිවාර්යයෙන් ලබාගත යුතුය. එක්වරම ශාඛ වියන් ස්ථරය ඉවත් කළහොත් පස සේදීයාම ඉතා අධිකය. මේ නිසා දැනට පවතින ගස් ඉවත් කිරීම ක්‍රමානුකූලව කළයුතු අතර දේශීය ශාඛ වැඩිමට ඉතා දිගුකලක් ගනී. මෙය හොදින් වටහාගෙන දේශීය පැල වැඩේනතෙක් රැක බලාගැනීමට වැඩපිළිවලක් සකස් කළ යුතුය. ඒ අතරම පාංශු සංරක්ෂණය දැඩිව යොදා ගත යුතුය.

:       0       0

බන්ඩාර Saturday, 11 August 2018 05:29 AM

නියමයි පලු, වීර, මොර, කලුවර වගේ වියළි කලාපීය ශාක, මධ්‍යම කඳුකරේ වවන්න ගිහින් වෙන්නේ, තියන විදේශීය ගස් ටිකත් නැතිවෙලා, වනන්තරය එලි වුණාම, ඒ ඉඩම් ටික දේශපාලන හෙන්චයියන් අතට පත්වෙන එක තමයි..

:       14       205

Raawana Saturday, 11 August 2018 07:07 AM

ප්‍රමාද වෙලා හරි හොඳ තීරණයක් අරගෙන. හපුතලේ, දියතලාව ප්‍රදේශවල ජල පෝෂක ආරක්ෂා කළා නම්, ඌව, හම්බන්තොට ජල ප්‍රශ්නය නිකන්ම විසඳෙනවා.

:       2       38

නිමල් Saturday, 11 August 2018 07:23 AM

වීර, පලූ, කොස් හිටවලා ගස් සාමාන්‍ය ගාණට ලොකු වුනාම යුකැලිප්ටස්, ෆයිනස්, ඇකේෂියා කපමු. අපි දන්නවනේ මේ හෙන්චයියන්ගේ තරම, ගස් හිටවන එක කෙසේ වෙතත් කපන එකනම් සුපිරියටම කරයි. හැබැයි යුකැලිප්ටස් වගේ ගස් හිටවන්න ඕන තැන් තියෙනවා. නාය යෑමක් සිදුවිය හැකි තැන් වලට....

:       0       44

Udaya Saturday, 11 August 2018 07:34 AM

මම ඇසුවා ඉතාමත් හොඳ අදහසක්. අදහසක් පමණක් නොව 100%ක්ම සාර්ථක වේවා! ලංකාවට හොඳ දේශගුණයක් සහ ඉන් බොහෝ ප්‍රතිලාභ ලැබෙන බව ස්ථිරයි. ගස් කපන්නන්ට අයින් කරන ගස් දී හෝ දැනට තියෙන ස්වභාවික වන විනාශයෙන් වළක්වා ගන්න. නැතිනම් උත්සහය එතරම් පලක් නොවේවි.

:       0       21

Rane Saturday, 11 August 2018 02:28 PM

මේ නම් විද්‍යාත්මක ඇමැති කෙනෙක් !

:       0       0

aba Saturday, 11 August 2018 03:24 PM

එතකොට තේ ගස් ටිකත් කපනවද?

:       0       0

abaran Sunday, 12 August 2018 06:28 AM

ශීත දේශගුණයක් ඇති මධ්‍යම කඳුකරයේ වැවෙන්නේ සහ දැනට වවා ඇත්තේ ඒ දේශගුණයට සහ පසට ආවේනික වූ සහ සරිලන ගස් වර්ග.. යුකැලිප්ටස් වර්ගයේ ගස් ඕස්ට්‍රේලියාවේ වර්ෂාපතනය සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍යවන වන ගසකි. කරුණාකරලා නොදන්නා දේවල් කරන්නට ගොහින් මධ්‍යම කඳුකරය කාන්තාරයක් කරන්න හදන්න එපා. ඔය මී, වීර, පලු වැනි ගස් වර්ග කවදා හෝ ඔය ප්‍රදේශවල තිබී ඇද්ද යන්න සොයා බලන්න.

:       0       0

Pradeep Sunday, 12 August 2018 06:37 AM

කොහොම වුණත් මේවා මීට කලින් හිතන්න කරන්න තිබ්බ දේවල්... කමක් නැහැ. දැන්වත් හිතලා මෙහෙම දෙයක් කරනවා නම්. හැබැයි තවත් සුදු අලියෙක් නම් එපා. කවුරු කළත් මේක ගොඩක් හොඳ දෙයක්... අගය කරන්න ඕනෑ.. හැබැයි වැඩෙත් කෙරෙන්න ඕනෑ...

:       0       0

Bamunuarachchi Tuesday, 14 August 2018 07:46 AM

රටේ තෙත් කලාපයටයි ඝර්ම කලාපිය පරදේශවලටයි සුදුසු ගස් තෝරා ගන්න බැරිව කඳුකරයේත් වීර පලු ගස් හදන්න ඕනේ කීවාම කොයි පැත්තෙන් හිනා වෙනද මන්දා. තෙත් කලාපයේ වවන්න ඕනේ ඊට ආවේනික ගස් මිස ඝර්ම කාලාපයේ වැවෙන ගස් නොවෙයි. ඉස්කෝලෙදි භූගෝල විෂය කලානම් ඔතන වරදින්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 167 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 114 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 562 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 281 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 285 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1607 3

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 220 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 513 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 247 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site