IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කෝප් කමිටුවේ සභාපති ධුරය අභියෝගයක්

(බිඟුන් මේනක ගමගේ)

පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිත්වයට තමා යළිත් පත්වුවද තමාට මුහුණදීමට විශාල අභියෝගයක් ඇතැයි එහි නව සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට පැවසීය.


ජනතා විමුක්ති පෙරමුණට එහි හිමි නියෝජනය මෙවර එක් අයෙකුට සීමා වීම ඊට හේතුව යැයි කී හෙතෙම එම නිසා සෙසු දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගේ උනන්දුව පරීක්ෂණවල ප්‍රගතියට නිසැකයෙන්ම බලපානු ඇතැයි ද කීය.


කෙසේ වුවත් වංචා දූෂණ සම්බන්ධ කටයුතුවලදී ජනතාවගේ පැත්තේ සිට කටයුතු කිරීමට තමා උත්සාහ ගන්නේ යැයි ද ඊට ජනතාවගේ සහයෝගය අනිවාර්යෙන්ම හිමි විය යුතු යැයි ද හඳුන්නෙත්ති මහතා පැවසීය. 


කෝප් කමිටු රැස්වීම් ජනමාධ්‍යට ද විවෘත කිරීමට මින් පෙර ජවිපෙ ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරවාගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන්නේ යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන් සමන්විත නව කෝප් කමිටුවට අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රසිරි ගජධීර, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, රවීන්ද්‍ර සමරවීර, සුනිල් හඳුන්නෙත්ති, මාවෙයි සේනාධිරාජා සහ ජයන්ත සමරවීර, රවුෆ් හකීම්, සුජීව සේනසිංහ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, වසන්ත අලුවිහාරේ, රන්ජන් රාමනායක සහ අශෝක් අබේසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අයත් වෙති. 



අදහස් (4)

කෝප් කමිටුවේ සභාපති ධුරය අභියෝගයක්

Sanath Kandy Tuesday, 22 January 2019 05:49 PM

මේ තනතුරට ඔහුට වඩා සුදුස්සෙක් පාර්ලිමේන්තුවේ නෑ. කෝප් කමිටුවෙන් ඵලදායි මෙහෙවරක් සිදු උනේ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා සභාපතිධුරය දරද්දී පමණයි. මහබැංකු බැඳුම්කර වංචාව අනාවරණය කර ගැනීමට ඔහු විශිෂ්ට ලෙස කටයුතු කරා.

:       113       160

ඇත්ත සත්‍යපාල Wednesday, 23 January 2019 07:30 AM

සනත් මෙයාලා "දවල් මිගෙල් රෑ දනියෙල්" හේතුවත් මම කියන්නම්. ලගදීම විජේවීරගේ පුතා දේශපාලනයට ඇවිත් සියලුම පැරණි ජවිපෙ උදවිය එකතු කරගෙන පක්ෂයේ බලය ගන්න යනවලු. ඒකට ඉස්සර මෙයාල පුළුවන් තරම් වස්තුව සොයාගෙන එජාපයට එකතුවෙන්න යනවලු. ඉතින් බටහිර සහ එජාපය වෙනුවෙන් කඩේ යනවා හැර මේ ඇත්තන්ට කළහැකි දෙයක් නෑ.

:       0       0

rama Wednesday, 23 January 2019 04:05 AM

මොන කෙහෙල්මල කමිටු පත් කලත් වැඩක් නේ රෙපොර්ට් එක එලියට එන්නේ nathnam. කෝ මහා බැංකු වාර්තාව එලියට ආවද තවමත් රනිල් නිර්දොසි කියල නේ කියන්නේ

:       3       3

sujeewa Wednesday, 23 January 2019 08:21 AM

සත්‍යපාලගේ ප්‍රකාශය ද්වේශ සහගත අසත්‍ය එකක්. ජවිපෙ කවදාවත් යුඇන්පියට හේත්තු වෙන්නේ නෑ මන් දන්නා විදියට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 419 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 142 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 153 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 608 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 202 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 639 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site