(ආරියරත්න රණබාහු)
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න හා අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයකුට නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයකු වශයෙන් ඉදිරියේදී පත්කිරීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් පක්ෂ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
කැබිනට් මාධ්‍ය හමුවේදී ශ්‍රීලනීප අභ්‍යන්තර ප්‍රශ්න ගැන මාධ්‍යවේදීන් මතුකරන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ටමම නව මාධ්‍ය ප්‍රකාශක තනතුර පත්කරන බවත් එම මාධ්‍ය ප්‍රකාශකයාගේ නම ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් ඒ මහතා කියයි.
ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් හමුවේදී රාජිත සේනාරත්න මහතා හා ජෝන් සෙනෙවිරත්න මහතා අතර පසුගියදා හටගෙන තිබූ මතබේදාත්මත ගැටුම සාකච්ඡා කර හොඳීන් විසඳාගත් බවද මහලේකම්වරයා පවසයි.
ඇති වූ තත්ත්වය ගැන ජනපතිවරයා කනගාටුව පළ කළ බවත් එවන් දෙයක් නැවත ඇති නොවීමට මෙම තනතුර පත් කළ බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රීලනීප මූලස්ථානයේදී අද(09) පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කීය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කැබිනට් ප්‍රකාශක තනතුරට ශ්‍රීලනිපයෙනුත් කෙනෙක්
vipula Tuesday, 09 May 2017 09:14 AM
නියම කැඳ හැලිය .......... තව දෙන්නෙක් විතර දාගන්න , එතකොට අපිට තව ටිකක් වැඩිවේවි .....
de silva berlin Tuesday, 09 May 2017 09:17 AM
ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය වැනි ලෝකයේ දියුණු රටවල නායකයෝ සතිපතා මාධ්‍යවේදීන් කඳවලා නිල මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. එතකොට එ්ක මධ්‍යවේදීන්ටත් පහසුවක් රටේ ජනතාවටත් නිවැරදි තොරතුරු ලැබෙනවා. නමුත් කණගාටුවට කාරණය නම් අපේ රටේ දේශපාලකයෝ රටේ වැදගත් තීරණ ගැන කතා කරන්නේ ගොඩනැගිලි විවෘත්ත කිරීම, උත්සවවල, මගුල් ගෙවල්, මල ගෙවල් වල දී කරන කතා වලදී... මෙහිදී ඔවුන් ප්‍රකාශ කරන දේවල් ගැන තවදුරත් විස්තර අසා දැනගෙන නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීමට මාධ්‍ය වලට අවස්ථාව නොලැබේ.... එමගින් වැරදි තොරතුරු ජනතාවට ලැබේ.
thilina Tuesday, 09 May 2017 09:22 AM
මේ මොන විකාරයක්ද කරන්නේ? ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට එක එක අයව පත් කර කර කාලය විනාස කරන එක ඇරෙන්න රටට කරන කිසිම වැඩක් නැහැ. කොන්ද කෙළින් තබා කතාකළ නොහැකි නායකයන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.
sisira Tuesday, 09 May 2017 09:36 AM
අපිට දැන් තියන ලොකුම ප්‍රශ්නය විසඳුවට ජය ...
sam Tuesday, 09 May 2017 10:13 AM
කෝ අර අවුරුද්දට පස්සේ එනවයි කියපු ඇමති සංශෝධනය. විසිල් විතරමයි. බල්ටි ඇත්තෙම නෑ.
mahinda Tuesday, 09 May 2017 10:31 AM
අනේ මන්දා? ප්‍රකාශකයෝ නම් ගොඩයි. ඊළඟ ජවනිකාවෙන් තවත් ජනතාව අවුල් කරන පරස්පර ප්‍රකාශ බලාපොරොත්තු වන්න! වැඩ ගැන අහන්න එපා, ප්‍රකාශ පමණයි.
imesh Tuesday, 09 May 2017 10:38 AM
කැබිනට් ප්‍රකාශකයන්ගේ ප්‍රශ්න අහන වෙලාවට පක්ෂවල ප්‍රශ්න අහන්න තරම් බුද්ධියෙන් හීනද?
sisira Tuesday, 09 May 2017 11:27 AM
ඕවා කරලා වැඩක් නැහැ. මෙයා අයින් කළාම ඒ හොඳටම ඇති. කරුණු කාරණා දන දැනත් ඔය පරාජිත පුද්ගලයාව අයින් කිරීමට තරම් කොන්දක් ඔය දියවන්නාවේ බලධාරීන්ට නැද්ද?
Sujeewa Tuesday, 09 May 2017 12:54 PM
මහින්දගේ කාලයේ යුද්ධයක් තිබිලත් හිටියේ එක කැබිනෙට් ප්‍රකාශකයෙක් පමණයි. දැන් තුන්දෙනෙක්. දෙන්න,...දෙන්න. හැමෝටම තනතුරු. වැඩිම වුනොත් 2020 වෙනකම් පමණයිනේ. ඇමතිවරු ව්‍යවස්ථාවටත් පටහැනිව 30 කටත් වඩා ඉන්නවා. වැඩක් කරන්නේ දෙතුන් දෙනෙක් පමණයි. වෙඩි වදින්නැති වාහන නොව, හෙන වදින්නේ නැති වාහන හැමෝටම දෙන්න ඉක්මණටම....
lalith Tuesday, 09 May 2017 01:18 PM
මදැයි එක්කෙනෙක් දෙන්නෙක් බයිලා ගහනවා බලන් උන්න. දැන් තව එක්කෙනෙක් ගහන බයිලා අහගෙන ඉන්න වෙනවා.
සෙනෙවි Tuesday, 09 May 2017 02:12 PM
රාජිත නියෝජනය කරන පක්ෂය කුමක්ද ?
siri Tuesday, 09 May 2017 07:24 PM
ඕකෙන් මේකෙන් වෙන්නේ කැබිනට් එකත් හරියට "ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ" තියේවි.
mahee Tuesday, 09 May 2017 11:02 PM
"ඇති වූ තත්ත්වය ගැන ජනපතිවරයා කණගාටුව පළ කළ බවත්"? මං හිතුවේ කණගාටු වෙන්න ඕන අනික් දෙන්නා කියලයි.
sathyayaa Tuesday, 09 May 2017 11:56 PM
අතීසාරයට අමුඩ ගහලත් ප්‍රශ්නය විසඳ ගත්ත මිනිස්සු ඉන්න එකම රට ශ්‍රී ලංකාවයි.