IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කැබිනට් සංශෝධනයෙන් ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුවා - විජිත හේරත්

මුදිතා දයානන්ද සහ තියේෂා අවින්දි
 
ආණ්ඩුවේ වසර තුනක් තුළ සිව් වතාවක් කැබිනට් සංශෝධන සිදුකර තමන්ගේ නොහැකියාව පෙන්නුවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (02)  පැවසීය. 

 
හේරත් මහතා මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදිය. 
 
එහිදි හේරත් මහතා මෙසේද පැවසීය.
 
   ‘‘කැබිනට් මණ්ඩලය තිහට අඩුකරනවා , විද්‍යාත්මක ක්‍රමවේදයකට අමාත්‍යාංශ බෙදනවා කියලා පොරොන්දු දීගෙන තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. ඔවුන්ට එහෙම කියන්න බලකළේ පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය රටට දරන්න බැරි තරම් විශාලයි කියලා සෑම ක්ෂේත්‍රයකින්ම එල්ල වූ විවේචනයි. 
 
එහෙත් බලයට ආපු ගමන් ඒ පොරොන්දුව කැඩුවා. කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව අමාත්‍යංශ කැඩුවා විතරක් නෙවෙයි නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති ආදී විදිහට නම් කරමින් ඇමතිවරු පැටව් ගහන තත්ත්වයක් ඇති කළා. සිව්වෙනි කැබිනට් සංශෝධනය පවා විගඩමක් බවට පත්වෙලා. මේ බෙදීම් වලට කිසිම පදනමක් නැහැ.
               
මේ ඇමතිකම් ලබාදී තිබෙන්නේ එක්කෝ පළිගන්න, නැත්නම් හිතවත්කම වැඩි වර්ධනය කරගන්න. එහෙමත් නැත්නම් ආණ්ඩුවෙන් ඉවත් වීම වළක්වාගැනීම වෙනුවෙන් දෙන සංතෝෂමක් හැටියට. 
 
ඒ නිසා තමයි රටේ නගර විශාල ප්‍රමාණයක් තිබියදී ඒවා සංවර්ධනයට මෙගාපොලිස් අමාත්‍යංශය තිබියදි, යම් යම් කලාප වශයෙන් අමාත්‍යංශ්‍ය වෙන්කරලා සමහර අයට එක නගරයක සංවර්ධන කටයුතු භාර දෙන්නේ.‘‘



අදහස් (14)

කැබිනට් සංශෝධනයෙන් ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුවා - විජිත හේරත්

noel Wednesday, 02 May 2018 01:45 PM

අනිත් අයගේ නොහැකියාව ගැන කතා කරන්නට පෙර ඡන්දයක් දිනලා ජනතා විමුක්ති පෙරමුණේ හැකියාව පෙන්නලා හිටියොත් හොද නේද

:       1036       299

Raveendra Wednesday, 02 May 2018 02:54 PM

රතු මල්ලියේ මේ ආණ්ඩුවේ නොහැකියාව විතරක් නොවේ. අපට නම් ඔහෙලගේත් නොහැකියාව... දැන් සෑහෙන කලක සිට පේනවා ඉතින් අනුන්ගේ නොහැකියාව ගැන... පණ්ඩිත කතා නැතුව ඔහෙලගේ නොහැකියාව ගැන හිතලා, බලලා බෙහෙත් ටිකක් ඉක්මණින් ගන්නවා. "වැල් පෙනේල කැඳ" හොඳ ඖෂධයක්. අපට නම් පේන්නේ අම්බරුවන් 225ගේම නොහැකියාව. හරකුන් ඔක්කොම හොරකමට නම් උපන් හපන්නු තමයි.

:       0       6

Buddika Wednesday, 02 May 2018 02:56 PM

ඔබලා නම් පුදුමාකාර හැකියාවක් තියන මිනිසුන්... මේ තරම් කුහක පිරිසක් වෙන නැහැ. දක්ෂ විවේචකයන්ට වඩා නම් බැහැ.

:       0       17

Sunil Wednesday, 02 May 2018 03:26 PM

ඉතින් කාගේ කාගේත් නොහැකියාව ගැන කතා කරකර ඉන්නේ නැතුව තමුන්ගේ හැකියාව පෙන්නන්න ආණ්ඩුවක් පිහිටුවන්නකෝ. දැන් වයස 50ත් පැනලා නේද? තවම බැරිවුනානේ ආණ්ඩුවක් හදන්න...

:       137       35

BamunuarachchiWednesday, 02 May 2018 06:05 PM

ඒ ගොල්ලන්ට ආණ්ඩුවක් පිහිටවගන්න ඡන්දෙ දෙන්නකෝ. වැඩක් කරගන්න බැරි අයට ඡන්දයදීලා බලයට පත් කරලා මේ අයට වැඩ පෙන්වන්නලු.

:       0       1

Sunil Thursday, 03 May 2018 05:12 AM

ඉතින් බලන්නකෝ වැඩේ හැටි? මේකේ වැඩි හරියක්ම ඉන්නේ ඒගොල්ලෝ ආණ්ඩුවක් පිහිටුවනවාට අකමැති අයමනේ?

:       6       3

BamunuarachchiFriday, 04 May 2018 01:25 AM

ඒ වුණාට වැඩ පෙන්වන්නලු නේද?

:       0       0

sam Wednesday, 02 May 2018 04:32 PM

මෙයාලා ඉතින් හැමදාම එකම බයිලා කියනවා, අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නැ

:       67       51

Bamunuarachchi Wednesday, 02 May 2018 05:54 PM

නොහැකියාව පෙන්වන්න ගත්තේ මොගොල්ලෝ පටන් ගත්ත දවසේ සිටමයි. පටන්ගත්ත විදිහෙන්ම පෙනුනා රට ඉදිරියට ගෙනියන්න බැරිබව.

:       0       0

Bamunuarachchi Wednesday, 02 May 2018 05:58 PM

පොත පත කියවා රටේ සිදුවන දේවල් බලා හැදෙන්නේ නැති අය මේවගෙන් හැදෙයිද?

:       0       0

pilikul Wednesday, 02 May 2018 10:42 PM

මොවුන් සියලු දෙනාම නොහැකියාව පෙන්නලා තියෙනවා.

:       0       0

vidya Thursday, 03 May 2018 02:14 AM

බලෙන් හරි ගොවි ජන සේවා දෙපාර්තුමේන්තුව ඉල්ලාගෙන කන්න දෙකක් හරියට කරලා පෙන්වන්න.

:       5       0

kalani Thursday, 03 May 2018 06:19 AM

ප්‍රජාතන්ත්‍රවාදය පවතින හැම රටකම තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකයි. රට අන්තයට පරිහානියට ගියත් ඉන් මිදෙන්න උප්පැන්න සහතිකයෙන් නියම කල පක්ෂ හැරෙන්නට වෙනත් විකල්පයක් තොර ගන්න ඔයාල කැමති නැත. දරුවෙක් පාසලකට දමා ගන්න ,කපටි දේශපාලකයන්ගේ අතින් රක්ෂාවක් ගන්න හිතන දුපත්වාසි රාජාණ්ඩු මානසිකත්වයෙන් මිදෙන්න තරම් අපි නිරෝගී නැත.

:       0       0

kalani Thursday, 03 May 2018 06:51 AM

ප්‍රජාතන්ත්‍රවාදය පවතින හැම රටකම තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකයි. රට අන්තයට පරිහානියට ගියත් ඉන් මිදෙන්න උප්පැන්න සහතිකයෙන් නියම කල පක්ෂ හැරෙන්නට වෙනත් විකල්පයක් තොර ගන්න ඔයාල කැමති නැත. දරුවෙක් පාසලකට දමා ගන්න, කපටි දේශපාලකයන්ගේ අතින් රක්ෂාවක් ගන්න හිතන දුපත්වාසි රාජාණ්ඩු මානසිකත්වයෙන් මිදෙන්න තරම් අපි නිරෝගී නැත. නියෝජ්‍ය ඇමතිවරයෙක් පැවසු පරිදි හොරකම මුල්කරගත් ක්‍රමයකට ජවිපෙ එළඹෙන දිනය දක්වා ඔවුන් ඔයාලගේ සරදමට ලක්වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 168 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 101 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 130 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 387 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 577 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 195 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site