(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව ස්වාධීන කොමිසන් සභාවල වැටුප් වැඩි කිරීමට කටයුතු කරන්නේ නම් ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට හා බලතල දීමටත් කටයුතු කළ යුතු යැයි කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) රජයෙන් ඉල්ලීමක් කළේය.
පොලිස් කොමිසම මගින් උසස්වීමත් ලබා දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ එම උසස්වීම පොලිස්පතිවරයා විසින් අත්හිටුවනු ලැබ තිබීම පිළිබඳව විෂය භාර ඇමැතිවරයාගේ අවධානයට යොමුකරමින් රාජපක්ෂ මහතා ඒ බව කීය.
මහින්ද රාජපක්ෂ මහතා - පොලිස් කොමිසම ගන්න සමහර තීන්දු පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකරනවා නම් ඒ කොමිසමට පඩි වැඩි කරලා වැඩැක් නැහැ.
ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා - මම ඔබ තුමාගෙන් අහන්නේ පොලිස් කොමිසම දුන්න මොන තීන්දුවද ක්‍රියාත්මක නොවී තිබෙන්නේ
මහින්ද රාජපක්ෂ මහතා - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහත්මයාට පොලිස් කොමිසම ලබා දුන්න උසස්වීම පාර්ලිමේන්තුවේ නායකයා වන පොලිස්පතිවරයාට නතර කරන්න අයිතියක් තිබෙනවද? එහෙම නම් මේ ස්වාධීන කොමිසමෙන් වැඩැක් තියෙනවද?
ස්වාධීන කොමිසමෙන් මේවා කරන්නේ සොයල බලලා අවාට ගියාම නොවෙයිනේ.එහෙම නම් ඒ තීන්දුවට ගරු කරන්න ඕන.මේක දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොමිසමෙන් දුන්නත් පොලිස්පති නුදුන් උසස්වීම ගැන හිටපු ජනපති ප්‍රශ්න කරයි
rohana Thursday, 09 August 2018 05:03 PM
ඔබ තුමා ඉන්න කාලේ හැම දේම කලේ හරි විදියටද?
IlangeThursday, 09 August 2018 11:00 PM
එතුමා හොඳ නැති නිසානේ මෙතුමා පත්කර ගත්තේ. මෝඩ ප්‍රශ්න අහන්න එපා රෝහණ.
SamanFriday, 10 August 2018 12:37 AM
අනේද කියන්නෙ...මටත් ඕකමයි අහන්න හිතුනෙ. ඒ කාලෙ කොමිසම්වල සාමාජිකයො, බිරිඳ, පුතාල, සහෝදරයො.
BamunuarachchiFriday, 10 August 2018 12:44 AM
මෙතුමා වැරදි නිසානේ බුද්ධිමත්ව සිතන ගමේ ගොඩේ කඩේ පොලේ ජනතාව මෙතුමාව ඉවත් කර ඔබලාගේ යහපාලනය ඇතිකළේ. දැන් මොකද රටට වෙලා තිබෙන්නේ රට නන්නත්තාර වෙලා නේද? මුදල් ඇමතීම කියනවා කොන්ද පණනැති ආණ්ඩුවක් කියලා. තව මොනවද අපිට කියන්න ඉතුරුවෙලා තිබෙන්නේ හලෝ?
Bamunuarachchi Friday, 10 August 2018 12:31 AM
මහින්ද මහතා කොමිසමෙන් ගන්න සමහර තීන්දු පොලිස්පති ක්‍රීයාත්මක නොකිරීමත් පොලිස් කොමිසමේ පඩි වැඩි කිරීමත් අතර සම්බන්දය මොකක්ද? තීන්දු ක්‍රීයාත්මක නොකරන නිසා පොලිස් කොමිසමෙන් වැඩක් නැහැ කීවානම් එකතාවේ ත්රුමක් තිබෙනවා. අනික නිලධාරීන්ගේ ක්‍රීයා කලාපය ගැන හොඳට දන්නේ නිලධාරීන් සමගම සිටින පොලිස්පතිය.
Chanak Los angeles Friday, 10 August 2018 01:00 AM
මහලොකුවට නීති රෙගුලාසි ගැන කතා කරනවා ... ජනපතිවරණයේදී ඡන්ද වැඩට මොහු ලංගමයෙන් ගත් බස් වලට මුදල් ගෙවීම හිතා මතාම පැහැර හැරලා .. දවසක් මේ ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කලාම ඒගැන මගෙන් අහලා වැඩක් නැහැ කියලා තිබුනා .. මරු නේද රටේ නායකයෙක් දීල තිබෙන උත්තරය ?කෝ ඒ පිළිබඳව තිබුණු නඩුව කොහේ සඟවලාද දන්නේ නැහැ . ඒ ගැනත් පාර්ලිමේන්තුවේ මොහුගෙන් ප්‍රශ්න කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා ..මන්ද එහෙම පොලු තැබුවාම ආයතනයක් දුවන්නේ කොහොමද ? අනෙක් කරුණ මොහු රාජ්‍ය නායකයෙක් .. නායකයෝ සේවකයන්ට වඩා රටේ පොදු දේපල වලට ආදරය කල යුතුයි රැකගත යුතුයි ..
Mahee Friday, 10 August 2018 02:44 AM
එතකොට කොමිසමකින් නුදුන්නත් ශ්‍රී ලන්කන් එයාර්, ශේෂ්ටාධිකරණය වගේ තැන්වලට, නුසුදුස්සන්ට උසස් වීම් දීපු එක ගැනත් මොනවා හරි කියන්නකෝ.
senarath Friday, 10 August 2018 03:04 AM
ඔබතුමා දන්නේ නැතිද පොලිස්පතිට පුළුවන්නේ නිතිය නමන්න. දැක්කද පන්සිල් ගත්තේ නැහැ කියලා දීපු දඬුවම.
Shan Friday, 10 August 2018 06:32 AM
තව මොකක් හරි වැඩක් කරන්න පොලිසියේ සහය ගන්න හදනවා වගේ. හිරේ ඉන්න ඕන මුන් තාම අපේ සල්ලි වලින් ඉන්න උජාරුව.
Bamunuarachchi Friday, 10 August 2018 07:38 AM
Shan අර ලැම්බෝගිනි කාර් ටිකයි රත්තරන් අශ්වයෝයි ටික පෙන්නුවත් ඇති හිරේ දාන්න. බැරිද ඔබට ඒවා පෙන්වන්න එතකොට මෙයාව හිරේ දාවි. ඇත්ත බොරුව හරි වැරදි තෝරාගන්න බැරි ඔගොල්ලෝ කොහොමද රාජ්‍ය නායකයෙක් තෝරන්නේ.