IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කරන්දෙණිය උප සභාපතිගේ පපුවට වෙඩි උණ්ඩ 7ක් වැදිලා

(ඩී.ජී.සුගතපාල)
 
කරන්දෙණිය ප්‍රාදේශිය සභවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවිර මහතා මියගොස් ඇත්තේ ටි 56 ගිනි අවියකින් වෙඩි තැබිමෙන් බවට පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වූ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පලා ගුණරත්න මහත්මිය  ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන්වේ.
 
පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ ඒ මහතාගේ  පපුවට වෙඩි උණ්ඩ හතක්ද හිසට එක් වෙඩි උණ්ඩයක්ද වැදී තිබූ බවයි. ඒ හේතුවෙන් ශරිරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට  හානි සිදුවිමෙන් මරණය සිදුව ඇති බව එහි සඳහන්ය.
 
ඩොනල්ඩ් සම්පත් රණවිර  මහතා සිකුරාදා (08)රාත්‍රි කොරකීන ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගිවි තවත් තිදෙනෙකු සමග ආපසු යමින් සිටියදි   යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු  වෙඩි පළා ගොස් තිබිණි.
 
පසුව බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රියාණි පොන්නම්පෙරුම මහත්මිය පැමිණ මුලික පරික්ෂණ පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යැවිමට නියෝග කලාය .ඒ අනුව සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිණි උත්පලා ගුණරත්න මහත්මිය  විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරන ලදි



අදහස් (7)

කරන්දෙණිය උප සභාපතිගේ පපුවට වෙඩි උණ්ඩ 7ක් වැදිලා

Chamara Sunday, 10 June 2018 08:34 AM

අපරාධකරුවන්ට උපරිම දඬුවම් දිය යුතුමයි.

:       0       13

ලක්ශිත Sunday, 10 June 2018 10:58 AM

ඔය පටන් ගත්තා විතරයි.

:       0       13

jayatissa Sunday, 10 June 2018 02:14 PM

පසුගිය රජය කාලෙත් ඕවා නොතිබුණා නෙමෙයි. යහපාලනය පත්කර ගත්තේ ඒ හින්දනේ. දැන් බැලුවාම මුත්තාට හපන්නේ මුණුබුරා.

:       57       3

tikiri Monday, 11 June 2018 05:41 AM

පසුගිය කාලේ බයේ හැංගිලා හිටිය අය දැන් බය නැතිවසෙල්ලම් දානවා .

:       0       0

shan saudi Sunday, 10 June 2018 03:03 PM

ඔය දැන් කියන තරම් හොද නීතියට ගරු කරපු සීලාචාර හා සාමාන්‍ය සිවිල් වැසියෙක් නම් කොස්ගොඩ කවුද කියන පාතාල නායකයා එක්ක කිට්ටු සම්බන්ධතා තිබුණා. ඔහුත් එක්ක වැඩ කල කෙනෙක් වෙන්න බැහැනේ. අනෙක කොස්ගොඩගේ පවුලේ අයව ඝාතනයට මොහුව සැක කරන්න තරම් හේතුවක් කොස්ගොඩට නැහැනේ.. මේ සේරම පාතාල කල්ලිවල අය මැරෙන්න ඕනෙත් ඒ අයගේම වෙඩි උණ්ඩයකින් තමයි. ගෙවල්වල ඉන්න උදවිය නොදන්නා ගොඩක් වැඩ මෙයාලා හොරෙන් කරලා සුදනෝ වගේ ඉන්නවා කරන දේවල් ගෙවල්වල ඉන්න අය දැන් නැහැ. ගෙවල් වල ඉන්න අය හිතන් ඉන්නේ පෝය හතරම පන්සිල් රකිනවා කියලයි. මේවට අපි කණගාටු වෙන්න ඕනේ නැහැ කොහොමත් දේශපාලකයෝ මේ විදිහට මැරෙන එක ගැන ජනතාව කිසිම කම්පාවීමක් කල යුතු නැහැ.

:       54       544

ධනුෂ්ක Sunday, 10 June 2018 03:39 PM

දකුණු පලෙතේ නේද මේ. එ් පලාතේ මේවා සාමාන්ය දේවල්.

:       0       31

tikiri Monday, 11 June 2018 05:48 AM

අසූ ගණන් වලත් ලංකාවේ විපක්ෂය මර්ධනය කරන්න රාජ්‍ය අනුග්‍රහය ලබන මැර කණ්ඩායම් යෙදෙව්වා . දැනුත් වෙන්නේ ඒකමයි.

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 194 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 214 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 130 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 155 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 322 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1995 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site