IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කොරෝනා ආසාදිත රැඳවියා සමඟ සිටි අයෙක් වැලිසරට

(අජිත්ලාල් ශාන්තඋදය)

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී කෝවිඩ් 19 ආසාදිත රෝගියා සමඟ බන්‍ධනාගාර වාට්ටුවේ එකට සිට පසුගිය 06 වැනිදා නිදහස්ව ගිය 24 හැවිරිදි පුද්ගලයෙක් අද (09)  රාත්‍රී වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.

මෙම පුද්ගලයා වැලිසර නාවික හමුදා රෝහලට රැගෙන යනු ලැබුවේ කෝවිඩ් 19 ආසාදනය වී ඇද්දැයි පී.සී.ආර් පරීක්‍ෂණයක් කිරීම සඳහා පමණක් බව කුරුවිට සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

මේ අතර මෙම පුද්ගලයාගේ මව්පියන් පදිංචි නිවසත් එහි සිටි ඔහුගේ බිරිඳ, දරුවා ඇතුලු සිව් දෙනෙක් නිරෝධායනයට ලක්කළ බවත් කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම පුද්ගලයා කුරුවිට නඩුකාරදෙනිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් රත්නපුර කොළඹ බස් රථයක කොන්දොස්තරවරයෙක් ලෙස මොහු සේවය කරන බවත් ගංජා ළඟ තබා ගැනීමේ වරදකට මොහු පසුගිය 02 වැනිදා බන්‍ධනාගාර ගතව වැලිකඩ රඳවා තිබී 06 වැනිදා මුදාහැර ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

මොහු රඳවා සිටි වැලිකඩ බන්‍ධනාගාරයේ රැඳවියන් ඇතුලු පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමෙන් පසු 56 දෙනෙකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්‍ෂණ වලින් අනාවරණය වී තිබුණි.

 

 

 

 



අදහස් (2)

කොරෝනා ආසාදිත රැඳවියා සමඟ සිටි අයෙක් වැලිසරට

කරු Thursday, 09 July 2020 08:21 PM

මට පෙනෙන්නේ කෙළවාගෙන වගෙයි. සමහර කැස්ස, උණ තියෙන අය ඉස්පිරිතාලෙට යන්න බයයිලු. ගෙදරට වෙලා වෙනිවැල්ගැට බොනවලු.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 July 2020 03:56 AM

මේ ගංජා කාරයින්ගෙන්, කුඩු කාරයින්ගෙන් මේ රටට තියෙන්නේ පුදුමාකාර වදයක්.. ඉන්දියාවේ සිට රහසේ ගේන කේරළ ගංජා සමග වයිරසය ආවා වෙන්නට පුළුවන්... මේ ගංජා කාරයින් මේ රටට මහා බරක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 627 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 511 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 129 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1753 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site