(ජේ.කේ.එල් චාමින්ද /සුමතිපාල දියගහගේ)
හෘද සැත්කම් කිරිම සදහා නිසි බලපත්‍රයක් නොමැති රිචඩ් පර්මින් නැමැති එංගලන්ත ජාතික හෘද හා උරස්කුහර පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ හෘද සැත්කම් කිරිම ආරම්භ කළහොත් හෘද හා උරස් කුහර ශල්‍ය ඒකකයේ නිර්වින්දන වෛද්‍යවරුන් තම සේවා කටයුතු වලින් ඉවත්විමට එකමතිකව තින්දුකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය කේ.ටි සමරරත්න මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් රැස්වි එකමතිකව මෙම තින්දුව ගත් බවද වෛද්‍ය සමරරත්න මහතා පවසයි. මේ පිළිබද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජේනරාල්වරයා , රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්වරයා රෝහල් අධ්‍යක්ෂකවරයා හා වෛද්‍ය සභාව වෙත ලිඛිතව දැනුම් දි ඇති බවද වෛද්‍ය සමරරත්න මහතා සදහන් කළේය. මෙම තිරණයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පුරණ අනුමැතිය ලැබි ඇති බවද සම ලේකම්වරයා පැවසිය.
ඔහු මේපිළිබද අදහස් දක්වමින් මේසේද කිවේය.
රිචඩ් පර්මින් නැමති හෘද ශල්‍ය වෛද්‍යවරයාට හෘද සැත්කම් කිරිම සදහා මෙරට වෛද්‍ය සභාව මගින් අනුමැතිය ලබා දි තියෙනවා.එයට අපේ දැඩි විරෝධය පළ කරනවා. මෙම වෛද්‍යවරයාට හෘද සැත්කම් කිරිමට එංගලන්තයේ වෛද්‍ය සභාව මගින් බලපත්‍රයක් ලබාදිලා නැහැ.
2015 වර්ෂයේ සිට ඔහු බලපත්‍රයක් නොමැතිව තමයි මෙරටට පැමිණ හෘද සැත්කම් කරන්නේ. මෙය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. ඒ නිසා අපි හිතන්නේ මොහු කරාපිටියට පැමිණ හෘද සැත්කම් කිරිම සිදු කිරිම එංගලන්තයේ නිතිය අනුව අපරාධමය කාරණාවක්.
ඒ නිසා මොහු පැමිණි හෘද සැත්කම් කිරිම ආරම්භ කළහොත්. හෘද හා උරස්කුහර ඒකකයේ නිර්වින්දන වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය සේවා කටයුතු වලින් ඉවත් විමට තින්දු කර තියෙනවා. යැයිද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම්වරයා සදහන් කළේය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කරාපිටියේ හෘද උරස් කුහර ශල්‍ය නිර්වින්දන වෛද්‍යවරු වර්ජනයකට සුදානම්
කුමාර් (ගල්ෆ්) Sunday, 22 April 2018 06:37 AM
ප්‍රස්ස්නේ එංගලන්තේ නීතිය ගැන නොවේ, මෙවිදිහට වෙන කෙනෙක් සැත්කම් කලොත් ලංකාවේ අපිව කන්න බලාගෙන ඉන්නා මස් වැද්දන්ට (හැමෝම නොවෙයි) සල්ලි ගරාගන්න බැරිවෙනවා.
ase Sunday, 22 April 2018 06:57 AM
"මෙය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්" මේ ඇයො හරි ප්‍රතිපත්තියකට වැඩ කරන ඇයොනේ , අනේ මෙහෙම හොරු රැලක්
මම1 Sunday, 22 April 2018 07:23 AM
බෞද්ධ රටක අහන්න වෙන ඒවා. මිනිස්සුනේ අපායට යන්න මෙච්චර මහන්සිවෙන්නේ ඇයි
සතයපාල Sunday, 22 April 2018 07:25 AM
මෙහි වගකිම වෛදය සභාවට සෞඛය අධයක්ෂක ජනරාල්වරයාට හා සෞඛ්‍ය ඇමතිවරයාට වගකීම පවරා රජයේ ෙවෙද්‍ය නිළධාරින්ගේ සංගමය සුපුරුදු පරිදී සේවය කල යුතුයී.එසේ නොකර වැඩ වර්ජනයට යෑමෙන් අර්ථවත් වෙන්නේ රෝගීන් ගැන ප්‍රශ්නයට වඩා තමන්ගේ පැවැත්ම පිලිබදව ප්‍රශ්නයක් බව පැහැදිලි වීමයී.
mahinda Sunday, 22 April 2018 07:27 AM
හරි අපි එකඟයි. හැබැයි ඔය වර්ජනයට සැරසෙන කරාපිටිය සියලු දොස්තරලගේ සුදුසකම් හා පළපුරුදු ලියාපදිංචි දිනයන් අර රට දොස්තරගේ විස්තරත් සමග මාධ්‍යට පලකරන්න. ඔය කියන දොස්තරලගේ ප්‍රතිපත්තියක් තියනවනම් මුදල් වලට පුද්ගලික වෙදකම් කරන එක හොඳ ප්‍රතිපත්තියක්දේ?
Raveendra Sunday, 22 April 2018 08:09 AM
ලෝකයේ තිබෙන, "රැකියාව කරන ගමන් පිං රැස්කරගන්නා" එක රැකියාවක් තමා, වෛද්‍ය සේවය. අනිත් රැකියාව ගුරු සේවය.. එබැවින් මෙම රැකියාවන් වල නිරත මහත්ම මහත්මීන් තම තමන්ගේ සිත්වලට එකඟව වැටුප් ලබන ගමන් පිං රැස්කරගන්නේද? පව් රැස්කරගන්නේද? යන්න පිළිබඳව නැවත නැවතත් සිතීම ඔබ අප සියල්ලන්ගේම යහපත වනු නියතයි.
පිටිගල මිලානෝ Sunday, 22 April 2018 08:25 AM
ඊර්ෂ්‍යාව රුසියාවටද වඩා ලොකු බව මම කුඩා කල කියවා ඇත. මේ වර්ජනයේ හේතුවද එයයි.
rama Sunday, 22 April 2018 08:39 AM
එහෙනම් අය අපේ වෛද්‍යවරු රෝගීන් ඉන්දියාවට යවන්නේ. එහෙ ඉන්න වෛද්‍යවරු දැකලාවත් නැතුව...
nalinSunday, 22 April 2018 09:03 AM
ඔබ හරි. මේවා ඔක්කොම සල්ලි නිසා. පුළුවන් නම් ඉන්දියාවෙන් නිර්වින්දන වෛද්‍යවරුන්වත් ගෙන්වන්න.
erdi Sunday, 22 April 2018 09:06 AM
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විරුද්ධ නොවුනේ මහින්ද රාජපක්ෂට විතරයි. මහින්දලා සයිටම් එක හදද්දී නිහඬව හිටපු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අද ඒ ප්‍රශ්නය රටේ ඔඩු දුවන තත්වයට පත්කළා. එංගලන්ත ශල්‍ය වෛද්‍යවරයා සත්භාවයෙන් අපේ රටේ හෘද සැත්කම් කරන්නේ නම් ලංකාවේ ලේ පිපාසිත වෛද්‍ය මාපිල්ලු එරෙහිවෙන එක සාධාරණයි.
Kumar Sunday, 22 April 2018 09:49 AM
2015 ඉඳලා කරපු ඔපරේෂන්ස් වලින් කිසි රෝගියෙක් වත් මිය ගිහිල්ලා නැහැ. එංගලන්තයේ ඉඳලා ඉංකාවේ ඔපරේෂන් කරන එක අගයන්න ඕනේ. මෙතන තියෙන්නේ ලංකාවේ දොස්තරලාගේ කුහකකම නිසා...
SK Sunday, 22 April 2018 09:53 AM
වෛද්‍ය සභාව මෙම අනුමැතිය දෙන අවස්ථාවේ එහි සාමාජිකත්වය දරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති අැතුළු නිලධාරීන් හතර දෙනා නිදා ගෙන හිටියද?
ජගත් ලියනගේ Sunday, 22 April 2018 10:07 AM
ලංකාවේ ඉන්න දොස්තරලගේ කුහකකම් කවදා නතර කරයිද?
එලිසබෙත් Sunday, 22 April 2018 10:19 AM
රිචඩ් පර්මිනුත් ඔච්චර ගේමක් දීලා එන්නේ ඇයි? මෙතන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා.
ප්‍රියන්ත Monday, 23 April 2018 04:11 AM
මට නම් හිතෙන්නේ මේ කට්ටිය කියන කරන දේවල් ආරංචි උනොත් එක්කෝ දොස්තර ආයිත් එන එකක් නෑ. එහෙම නැත්නම් මේගොල්ලන්ට ගේමක් දෙන්නත් එක්ක බලපත්‍රයක් අරගෙන එයි.
රනිල් Sunday, 22 April 2018 10:21 AM
නිර්වින්දනය නොකර සැත්කම් කරන්න.
SanathSunday, 22 April 2018 12:30 PM
නිර්වින්දනය නොකර කොහොමද ඕපන් හාර්ට් සර්ජරි කරන්නේ? ස්ටෙන්ට් විතරයි. එහෙම දාන්න පුළුවන් ඒක ඉතින් කාඩියෝලොජිස්ට්ලත් කරනවනේ...
පිටිගල මිලානෝ Sunday, 22 April 2018 11:25 AM
හොඳ අාදායම් මාර්ගයක් ගෙන දෙන රැකියාවක් කිරීමම පරමාර්ථ කරගෙන වෛද්‍ය අධ්‍යාපනය හදාරන්න පටන්ගන්නා සහ එම පරමාර්ථයෙන්ම බිහිවන ලංකාවේ වෛද්‍යවරුන්ට වෛද්‍ය අචාරධර්ම අනුව එම වෘත්තියේ යෙදිය හැකිද? ඉතාලියේ නම් නොහැක ඒ නිසාම දෙවිවරු වැනි වෛද්‍යවරු ඉතාලියේ ඇත.
de silva berlin Sunday, 22 April 2018 11:33 AM
කොළඹ පුද්ගලික රෝහල්වල විදේශික වෛද්‍යවරු සිය ගණනක් සේවය කරනවා. නමුත් ඔවුන් වාර්ෂිකව ඔවුන්ගේ රටේ වෛද්‍ය සංගමයට මුදල් ගෙවා ඔවුන්ගේ බලපත්‍රය අලුත් කිරීමක් කරන්නේ නැහැ. හේතුව ඔවුන් එම රටේ රැකියාව කරන්නේ නැති නිසාය. වෙනසකට තිබෙන්නේ මෙම වෛද්‍යවරයා රජයේ රෝහලක දුප්පත් මිනිස්සුන්ට නොමිලයේ බෙහෙත් කිරීමයි. මොහුත් අනිකුත් විදේශික වෛද්‍යවරු වගේ පුද්ගලික රෝහලක වැටුප් ලබමින් සේවය කළානම් කවුරුවත් මොහුගේ වයස ගැන හෝ බලපත්‍ර ගැන සොයන්නේ නැත. මම දන්නා තරමින් ලංකාවේ ඉගෙනගෙන සේවාව කර විශ්‍රාම ගිය වෛද්‍යවරයෙක්වත් නැවත රජයේ රෝහල්වල සේවය කරන්නේ නැත. විශ්‍රාම ගිය වෛද්‍යවරු චැනල් සේවාවල නම් වැඩ කරති. රිචර්ඩ් පර්මින් මහතාණෙනි, කරුණාකර එංගලන්තයට නැවත ගිය දිනක, එරටේ මාධ්‍ය මගින් අපේ රටේ දොස්තරලගේ කෙරුවාව ගැන හොඳ ප්‍රචාරයක් දෙන්න. එතකොට ලංකාවේ ඉඳන් එන දොස්තරලට එංගලන්තයේ කිසිම රෝහලක රස්සාවක් දෙන එකක් නැත. මේ ගොල්ලගේ කරන විදිහට එංගලන්තේ දොස්තරලත් වැඩ කරන්න පටන්ගත්තොත් එංගලන්තේ සෞඛ්‍ය සේවයත් ඉවරය.
de silva Sunday, 22 April 2018 11:43 AM
මගේ නැන්දත් ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලෙන් පිටවුන වෛද්‍යවරියක් එතුමිය අවුරුදු 20ක් පමණ ලංකාවේ සේවය කර එහි රෝහලක සේවය කර විශ්‍රාම ගොස් ඇත. එතුමිය එහි සේවය කරන කාලයේ මුලින්ම එංගලන්තයේ වෛද්‍යවරුන් ලියාපදිංචි කරන ආයතනයට සිය ලියකියවිලි ඉදිරිපත් කර ලියාපදිංචි වී එහි සේවය කරන කාලය තුල එම ආයතනයට වාර්ෂික ගාස්තු ගෙවමින් බලපත්‍රය අලුත් කර ගන්න ලදී. නමුත් එහි සේවය කල කාලය තුල ලංකාවේ බලපත්‍ර අලුත් කිරීමක් කර ගත්තේ නැත. තත්වය එහම වුණා කියලා එංගලන්තයේ වෛද්‍යවරු වැඩ වර්ජන කළේවත්, වෛද්‍ය සභාව ප්‍රශ්න නැගුවේවත් නැත. දැන් කරන්න තිබෙන එකම දෙය, ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම දොස්තර මහතාගේ ලියකියවිල් වල නිවැරදි බව ලංකාවේ එංගලන්ත මහකොමසාරිස් කාර්යාලය මගින් පරික්ෂා කරබලා ඒවා හරිනම් ඔහුට කඩිනමින් ලංකාවේ කටයුතු කිරීමට බලපත්‍රයක් ලබාදෙන එකයි.
m,m,fernando Sunday, 22 April 2018 12:43 PM
ඇත්තේන්ම ආයේ කාට හරි කඩේ යෑමක්ද?
සංජීව Sunday, 22 April 2018 12:55 PM
එංගලන්ත නීතියට අනුව බැලුවොත් අපේ රටේ වෛද්‍ය උපාධියක් විතරක් තියෙන වෛද්‍යවරුන් එක්කෙනක්ටවත් වෘත්තීයමය කටයුතු කරන්න පුළුවන් ද? බොහොමයක් බටහිර රටවල වෛද්‍යවරුන් නීතීඥවරු වාර්ෂිකව පවත්වන වෘත්තීයමය පුහුණු මගින් සිය දැනුම අළුත් කරගත් විට පමණක් ඔවුන්ට වාර්ෂිකව බලපත් නිකුත් කරයි. ඒත් අපේ රටේ 70 දශකයේ වෛද්‍ය විද්‍යාලයෙන් පිටවූ වෛද්‍යවරුන් පවා සිය දැනුම අළුත් කරගත් බවට කිසිදු සහතිකයක් නොමැතිව උවත් මියයන තුරුම වෘත්තියේ යෙදීම ට හිමිකම් ලබයි. එවැනි තත්ත්වයක් ඇති අපේ රටේ වෛද්‍යවරුන් එරට වෛද්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් වාර්ෂිකව නිකුත් කරන බලපත්‍රය නොමැති වීම මත පමණක් මෙම අත්දැකීම් බහුල වෛද්‍යවරයාට කුහකකම් කිරීම කණගාටුවට කරුණකි. ඔවුන්ට මෙම වෛද්‍යවරයාගේ වෘත්තීයමය හැකියාව ගැන ගැටළුවක් ඇත්නම් එය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පරීක්ෂා කල හැකිය. අනෙක් අතට නව හෘද සැත්කම් ක්‍රමයක් පවා හඳුන්වා දුන් බව කියන සංකීර්ණ හෘද සැත්කම් 1500කට වඩා සිදුකල බව කියන මෙවැනි වෙද්‍යවරුන්ගේ බලපත්‍ර වෙනූවෙන් වෘත්තීයමය ක්‍රියා මාර්ග ගැනීමට සැරසීම විහිළුවකි.
සෙනෙවි Sunday, 22 April 2018 01:08 PM
ගේට් පාස්එක මෝටර් රථයේ ගහගෙන මහපාරේ යන කූහක මහත්වරුනි සල්ලි වලට එතරම් කෑදරද?
rocky Sunday, 22 April 2018 01:52 PM
පර්මින් උන්නැහේට එහෙන් පර්මිට් නැත්නම් මෙහෙන් ලැබුනේ කොහොමද? පොඩි කොස්සක් මෙතන තියනවා! එහෙ පර්මිට් එක කැන්සල් වෙලා වෙන්න ඇති. ඔක්කොම ජල්බරි පාත් වෙන්නේ මෙහාටම තමයි!
Sunil Sunday, 22 April 2018 02:40 PM
කරුණාකර මහා ජනතාවගේ දැනගැනීම සඳහා ඒ බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාගේ වෘත්තීමය සුදුසුකම් සහ ඔහුට විරුද්ධ වන වෛදවරුන්ගේ සුදුසුකම් පෙන්වාදෙන්න.
බද්රානි Sunday, 22 April 2018 07:00 PM
රෝගියා ගේ අසනීපයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගේ ජාතිය, ජන්මය අපට වැදගත් නැහැ. ලංකාවේ මේ වෙද මාෆියාව නැති කරන්න නම්, පිටරටවලින් වෛද්‍යවරු මේ රටට ගෙන්වා ගන්න සිදුවෙනවා. වැටුප් කොතරම් ගෙව්වත් ජනතාව ඊට එකඟයි. වාහන පර්මිට් හා මහපාරේ වාහනවල බැජ් එක ගහගෙන චැනල් කළුකඩ දක්වා ඉගිලෙන මුදලාලි දොස්තරලා එවිට මහපාරේ දකින්න නොලැබේවි.
de silva berlin Sunday, 22 April 2018 07:20 PM
පර්මින් දොස්තර මහත්මය ලංකාවේ රජයේ රෝහල් වලට යන එන කොට ලංකාවේ දොස්තරලා සහ කාර්ය මණ්ඩල හැසිරෙන ආකාරයත් , අපේ අසරණ දුප්පත් මිනිස්සු රෝහල් වල විඳින දුකත් පෙනෙනවානේ ? මේවා ඔබතුම එංගලන්තේ මාධ්‍ය වලට අකුරක් නෑර විස්තර කරලා දෙන්න , එතකොට එංගලන්තය , ඔස්ට්‍රේලියාව , නවසීලන්තය , ඇමරිකාව වැනි රටවල සේවය කරන්න යන ලංකාවේ දොස්තරලා එම රටවල සේවයට බඳවා ගැනීම යම් පමණකට හෝ අඩු කරලා දමාවි , එහෙ ඉන්න ලංකාවේ දොස්තරලට මෙන්න බලන්න ඔබලගේ සගයෝ තමන්ගේ සහෝදර රටවැසියන්ට කරන දේවල් කියල ඔවුන්ට පෙන්වාවි.
RaviMonday, 23 April 2018 09:50 AM
ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ දොස්තරලා පූසෝ වගේ මෙහේ ඉන්නේ. ලංකාවේ දාන සෙල්ලම් මෙහෙ දාන්න ගියොත් කෙලින්ම රැකියාවෙන් එළියට තමයි. ලෙඩාගේ මළ මුත්‍ර තැවරුණු බ්ලැන්කට් පවා අයින් කරමින් ලංකාවේ අැටෙන්ඩන්ට් කෙනෙක් කරන වැඩ පවා මෙහිදී ඔවුන් කරනවා. නැතිනම් බලපත්‍රය අහෝසියි.
de silva berlin Sunday, 22 April 2018 07:24 PM
දොස්තරලා මේ එංගලන්තේ දොස්තරගේ ප්‍රශ්නය මුල්කරගෙන වර්ජනය කලහම මැරෙන්නේ අපේ රටේ මිනිස්සු කියලා මොහොතකටවත් කල්පනා කරන්නේ නැහැනේ ?
විකුම් රංගන Sunday, 22 April 2018 08:37 PM
රටේ දේශපාලනය වගේම දොස්තර කමත් බල්ලටම ගියා. ආයේ අවංක මනුස්සයෙකුට මෙතන අවංකව සේවය කරනවා ලැබෙනවා කියන්නේ බොරු. සමහරවිට මෙවුන් හිතනවා ඇති මැරුනාමත් දොස්තරකම අරන් යන්න පුළුවන් කියලා. දැන්වත් එංගලන්තේ වෛද්‍ය සභාවට තේරෙයි ලංකාවේ තරම.
කරාපිටියේ කෙනෙක් Monday, 23 April 2018 03:41 AM
මේ තත්ත්වයේ පසුබිමවත්, හේතු පාදක වී ඇති කරුණුත් නොදැන, විදේශික දොස්තරට ආවඩමින් ලංකාවේ දොස්තරාලාට ගරහන අය පෙන්වන්නේ මිදී ඇඹුලයි කියූ කියමනයි, තමන්ගේ කුහකත්වයයි, දීන දුපත් මානසිකත්වයයි.
රොෂාන්Monday, 23 April 2018 10:13 AM
ඔබලා වගේ බඩ ලෙඩ්ඩුන්ට ඔය තක්කඩි දොස්තරලා ලොකු වුනාට අපිට ලොකු නැහැ. ලංකාවේ ඔය කුහක දොස්තරයෙකුට කියලා වස්තියක් කර ගත්තා නම්, ඔය ගතිය ඉබේටම අඩුවෙලා යයි.
රවිඳු Monday, 23 April 2018 05:13 AM
ලෝකයේ වෙසෙන අනෙකුත් සියලුම වෛද්‍ය වෘතිකයින්ට කරන ගෞරවයක් ලෙස මෙම පණිවිඩය ලොවටම රැගෙන යා යුතුයි.
Jehaan Monday, 23 April 2018 07:10 AM
ලෝකයේ ඉන්න කුහකම වෘත්තිකයන් කොට්ටාශය තමයි ලංකාවේ දොස්තර කුලයේ ඇත්තෝ. තමන් ඇරෙන්න ලංකාවේ කිසිම කෙනෙක් මළපොතේ අකුරක් ඉගෙනගන්නවාට කැමති නැහැ. වෙන රස්සාවක් කරන කෙනෙක් ගෙයක් දොරක් හදා ගන්නවාට කැමති නැහැ . වෙනකෙනෙකුගේ ළමයෙක් තමන්ගේ ළමයාගේ පාසලට වැඩිය ජනප්‍රිය පාසලක ඉගෙනගන්නවාට කැමති නැහැ .
ගමෙග් Monday, 23 April 2018 09:54 AM
පෞද්ගලික රෝහල්වලට රෝගීන්ව යවලා මේ අයට සල්ලි...
de silva Monday, 23 April 2018 09:54 AM
සංගමේ ලොක්කෝ බයවෙලා තිබෙන්නේ පර්මින් මහත්මයාගේ නරක පුරුදු අලුතෙන් ලංකාවේ විශ්ව විද්‍යාලවලින් පිටවන තරුණ වෛද්‍යවරුත් අනුගමනය කරන්න ගත්තොත් වෙන්නේ තමන්ගේ පොකට් එකට මහා විනාශයක්...
chandana Monday, 23 April 2018 10:52 AM
මොන තරම් කුහක කමක්ද? තමන්ගේ රටේ රෝගීන්ට නොමිලයේ සේවය කරන දොස්තර කෙනෙක්ට කෑගහන මේ දොස්තර හොඳයි කොන්දොස්තර කමකට...
chandana Monday, 23 April 2018 10:53 AM
මේ දොස්තරලාව ජාතක කළ දෙමව්පියන්ටත් නිග්‍රහයක්...
Prasad Tuesday, 24 April 2018 04:48 AM
ලංකාවේ තමයි ඉන්නේ ගොඩාක් නුගත් මිනිස්සු. හිතන්නේ උඩින් විතරයි. කුහක කම දොස්තරලගේ නොවේ. ඒ අය දිහා මෙහෙම බලන මිනිස්සුන්ගේ.