(දිල්රුක්ෂි ග්‍රේරු)
කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායනික විද්‍යා අංශයේ ගොඩනැගිල්ලක දොරවල් කඩා එහි දේපොළවලට හානි කළැයි එම පීඨයේ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි කිරිබත්ගොඩ පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනාගෙන් සිසුන් දෙනෙකු එම පීඨයේම තෙවැනි වසර සිසුන් දෙදෙනකු වන අතර අනෙක් සිසුවා 2012 වසරේදී විශ්ව විද්‍යාලයට ඇතුළු වී තවමත් අධ්‍යාපනය හදාරණ සිසුවෙක් බව පොලිසිය පවසයි.
මෙම සිසුහු අරලංගවිල, පදවි ශ්‍රී පුර සහ ගනේමුල්ල ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.
මෙයින් සිදුව ඇති දේපොළ හානිය පිළිබඳව විශ්ව විද්‍යාල ඉංජිනේරුවරයෙකු ලබා දුන් තක්සේරු වාර්තාව අනුව රුපියල් දෙලක්ෂ හතලිස්දහස් දෙසිය හැටක අලාභයක් සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.
ඉකුත් 12 වැනිදා රාත්‍රි මෙම සිදුවීම වී ඇති අතර විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශය කිරිබත්ගොඩ පොලීසියට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු අරඹා තිබිණි.
ඒ අනුව පරීක්ෂණ ඇරැඹු පොලීසිය සඳහන් කළේ සිද්ධිය වු දින පශ්චාත් උපාධි අධ්‍යන පීඨයේ ආරක්ෂිත කැමැරාවල සටහන් වී තිබුණු දර්ශන අනුව යතුරු පැදියකින් පැමිණි මෙම සිසුන් රසායනික විද්‍යා අංශයට ඇතුළු වන අයුරු සහ ඔවුන්ගේ අශෝබන හැසිරීම් රටා සියල්ල තුළින් ඔවුන් මෙම සිදු වීම කළ බවට මුලික තොරතුරු අනාවරණය වු බවයි.
ඔවුන් තිදෙනා බීමතින් සිටි බවත් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව උඩු කය නිරාවරණව සිටි ඔවුහු කෑ කෝ ගසමින් විශ්ව විද්‍යාලයේ රසායනික විද්‍යා අංශයට ඇතුළු වන අයුරු ආරක්ෂිත කැමරාවල පැහැදිලිව සටහන් වී තිබිණි යැයි පොලීසිය සඳහන් කළේය.
මොවුන් විශ්ව විද්‍යාලයේ කොහොල්විල පිහිටි විද්‍යා අංශයේ නේවාසිකාරයේ රැදී අධ්‍යාපනය ලබා තිබේ.
වැඩි දුර කළ පරීක්ෂණවලදී ආරක්ෂිත කැමරා දර්ශන අනුව සිසුහු කවුරුන්ද යන්න පිළිබඳව හඳුනා ගැනීමට හැකි වු බවත් ඒ අනුව විශ්ව විද්‍යාලයේ පරිපාලන අංශයට හා ආරක්ෂක අශයට මේ පිළිබඳව දැනුම් දී එම සිසුන් තිදෙනාට පැමිණ පොලීසියට පැමිණ බාර වන ලෙස කළ දැනුම් දීමකින් පසු ඊයේ (19) සවස පැමිණ ඔවුන් පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලකට අනවසරයෙන් ඇතුළු වි රජයේ දේපොළවලට අනර්ථයක් සිදු කිරීම යටතේ මොවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අද (20) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය සඳහන් කළේය.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති චමින්ද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ඒ සඳනුවන්, පොලිස් සැරයන් 22401 යාපා, 73251 ජයලත් කොස්තාපල්වරුන් වන 23594 යසනායක, 36122 තිලකරත්න, 77528 කසුන්, 82146 මාලක, සහ කාන්තා පොලිස් කොස්තාපල් 1952 රසිකා යන නිලධාරීහු මෙහි විමර්ශන කටයුතුවල නියැලෙති.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කැලණි සරසවියේ විද්‍යා අංශයේ දේපොළ වලට හානි කළැයි සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
Raveendra Monday, 20 August 2018 07:12 AM
මේ ඔබේ මගේ අපේ බදුමුදල් විනාශ කිරීමක් නොවේද ? මොවුන් විශ්ව විද්‍යාල සිසුන් වන්නේ කෙසේද? අධ්‍යපනය ලබන අවදියේ සිටීම මෙසේ හැසිරෙන්නේනම් උපාධිය ලබා ගැනීමෙන් පසු රජයේ තනතුරු ලබාගත්තත් මෙසේ හැසිරෙනවා නොවේද? කතා කලොත් මොවුන් තරම් අහිංසක දුප්පත් අවංක සිසුනේ මේ මුළු සෞරග්‍රහ මණ්ඩලයේම නැතිව ඇති. නමුත් නිවට ක්‍රියාවන් ගැන වචනයක්වත් කතා නොකරනවා නොවේද? හෙට දිනයේ හෝ නුදුරු දිනක මෙම පිරිස අහිංසක සිසුන් යයි කියමින් අන්තරේ ටිකක් පන්ති වර්ජනය කරනු ඇත. කරුණාකර මෙම මෝඩ පිරිස වැදගත් අධ්‍යාපන ආයතනවලින් හැකි ඉක්මනින් නෙරපා දමන්න. මෙම අය එම ආයතනවල සිටිනවා යනු අපගේ බදු මුදල් තව තවත් විනාශ කරනවා හැර රටට කිසිදු පලක් නොමැත. අහිංසක දෙමවුපිනගේ හෙලන ලේ කදුළු දහදිය ගැන කිසිදු තැකීමක් නැති අය රටට වැඩක්ද නොමැත.
dias Monday, 20 August 2018 10:27 AM
මේ අය මහපොළ ශිෂ්‍යත්ව මුදල් වලින් තමා ඔය අරක්කු බොන්නේ...