IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කුලියාපිටි ගුරුවරයාට පහර දීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

තරිඳු ජයවර්ධන

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයයේ ගුරුවරයකුට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බව ලංකා ගුරු සංගමය කියයි.

කුලියාපිටිය මැදි විදුහලේ ගුරුවරුන් කිහිප දෙනකුටම  දිගින් දිගටම මෙවැනි තර්ජන ගර්ජන තිබුණු බව කියන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයද අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බව පවසයි.

හර්ෂ ධම්මික දෙමටාවල නම් ගුරු මහතා ප්‍රහාරයකට ලක්ව ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ය. ඔහු යතුරු පැදියෙන් නිවසට යද්දී පිටුපසින් තවත් යතුරු පැදියක් පැමිණ ඇති බවත්, එහි සිටියතු යකඩ පොල්ලකින් පිටට පහර දී ඇති බවත් ගුරුවරයා පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම ගුරුවරයා ඉගැන්වීම් කටයුතු කරමින් සිටිය දී හදිසියේ කාලසටහන් ඉවත් කළ අතිරික්ත කර ඇති බවත්, ඔහු පාසල් පරිපාලනයේ යම් යම් ක්‍රියාවන්ට  එරෙහි වූවකු බවත් ලංකා ගුරු සංගමය පවසයි.

යකඩ පොලු ප්‍රහාරයකට ලක්වූ දෙමටාවල මහතා කුලියාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.

කවි ලියා ෆේස්බුක්හි පළ කරන බව කියන තරුණ ගුරුවරයකු ස්ථාන මාරු කළේ ද මෙම පාසලෙන්ය. ඔහු ද පාසල් පරිපාලනයේ ඇතැම් ක්‍රියා විවේචනය කළ ගුරුවරයකු බවත්, ඔහු මාරුව ලැබුණු විගස පාසලෙන් ගියේද පහරකෑම්වලට ලක්වීමේ අවධානමක් තිබුණු නිසා බවත් දැනගන්නට ඇත.



අදහස් (3)

කුලියාපිටි ගුරුවරයාට පහර දීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

C.K.Lankaputhra Sunday, 18 June 2017 01:41 PM

ගුරුතුමා අයියා කෙනෙක් වගෙයි පෙනෙන්නේ...

:       14       2

කරුණාපාලMonday, 19 June 2017 06:50 AM

හැබැයි ඉතින් බලාගෙන.... ඔය අල්ලගෙන ඉන්න මුට්ටිය කොයි වෙලාවක හෝ බිඳෙන්න පුළුවන්...

:       0       0

Harsha Kumarasiri Tuesday, 20 June 2017 12:15 PM

අපේ ගුරුතුමා. හරිම අහිංසකයි . ඇත්තටම පාසලට වැඩක් කරන්න උවමනාව තියන පුද්ගලයෙක්. කනගාටුයි සිදුවීම ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 151 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 130 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 796 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 221 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 656 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site